5000

ද ෆිනෑන්ස්, ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම මහජන බැංකු ශාඛාවලින්

ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැංකු ශාඛාවලින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වේ. දැනට මහජන බැංකු ශාඛා 46ක් මගින් පමණක් සිදු කෙරෙන ද…

vote

අද දිනයේ නිවෙස්වල ඉන්න

මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් අද ක්‍රියාත්මක වේ. තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අද දිනයේ නිවෙස්වල සිට ඒ සඳහා අනුග්‍රහය දක්වන ලෙසයි. මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80% ක් බෙදා හැර අවසන් බව ද තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය. ලබන 29 වැනි දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරේ.

නවාංග රැසක් සමඟ ‘ජාතික උප්පැන්න සහතිකය’ ළඟදීම
|

නවාංග රැසක් සමඟ ‘ජාතික උප්පැන්න සහතිකය’ ළඟදීම

මීට පෙර උප්පැන්න සහතිකයේ අන්තර්ගත වූ දෙමාපියන් විවාහකද යන කොටස මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කර ඇති අතර එය භාෂා දිත්වයෙන්ම සකස් කරන ලද්දකි.  ඉදිරියේදී භාවිතයට ගැනීමට නියමිත නව උප්පැන්න සහතිකය තුළ නවාංග කිහිපයක් සහ සුවිශේෂ ආරක්ෂක ක්‍රමවේද කිහිපයක් අන්තර්ගත වන බවත් නෛතික ක්‍රමෝපායන් සම්පූර්ණ වීමෙන් පසු එය ජනගත කිරීමට නියමිත බවත් රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව…

watercut

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 09 ක් ජලය අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) පෙරවරු සිට පැය නවයක කාලයක් ජල සැපයුම අත්හිටුවයි. අද රාත්‍රී 08.00 සිට හෙට පෙරවරු 05.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේය. ඒ අනුව කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට…

coronaupdates

කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හමුවෙයි

ඊයේ දිනයේදී  ආසාදිතයින් 10 දෙනෙකු තහවුරු කරගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2673 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ඉන් නව දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් වන අතර අනෙක් තැනැත්තා එම පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි.

mask
|

මුඛ ආවරණ නොමැතිනම් 26,000ක් දඩ ගසයි

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වැසියන් වෙතද නීතියක් පණවමින්, ප්‍රාන්ත බලධාරීන් සිය නිවෙසින් පිටතට පැමිණෙද් දී අනිවාර්යයෙන්ම මුඛ ආවරණ (face mask) පැලඳ සිටිය යුතු බව සඳහන් කර තිබුණා. එම ප්‍රාන්තය තුළ අලුතින් හමුවන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සති දෙකක කාලයක් ඇතුළතදී ඉලක්කම් තුනක අගයක් දක්වා ඉහළ යාම මෙම තීරණයට හේතුව වී තිබේ. මෙම නීතියට අනුගත…

vote

තැපැල් ඡන්ද සළකුණු කිරීමට අද සහ හෙටත් අවස්ථාව

තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යයාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (24) සහ හෙට (25) අවස්ථාව හිමි වනවා. අද උදෑසන 08.30 සිට සවස 04.00 දක්වාත්, හෙට උදෑසන 08.30 සිට සවස 02.00 දක්වාත්, ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව…

breakingnews

කන්දකාඩු කොරෝනා රෝගියෙකු IDH රෝහලෙන් පනියි : මහජනතාව විමසිලිමත් වන්න

මුල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. මුල්ලේරියාව අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම ඡායරුපයේ සිටින තැනැත්තා මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වූ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවකුවන අතර මොහුගේ වම් කකුලේ අබාධයක් හේතුවෙන් ඇවිදින විට කොර ගසන තැනැත්තෙකි. මෙම තැනැත්තා සොයා ගැනීම සඳහා…

badweather

අද(24) පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි….

කිතුල් රා මැදීම වරදක් නොවේ

කිතුල් රා මැදීම වරදක් නොවේ

කිතුල් මැදීම හෝ රා නිස්සාරණයට බලපත්‍ර අවශ්‍ය නොමැති බවත්, රා මදින්නන්ට එරෙහිව නඩු නොපවරන ලෙසත් පොලිස්පතිවරයාගෙන් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, 2018 අංක 4 දරන සුරාබදු (සංශෝධන) පනත යටතේ කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදු කළ හැකි බවයි. එහෙත් ඇතැම්…