idh

ඉන්දීය නාවිකයෙක් කොළඹ අයි.ඩී.එච්.රෝහලට

කොරෝනා වෛරසය ආසාදනය වූ ඉන්දීය ජාතික නාවිකයෙක් කටාර් රාජ්‍යයේ දෝහා සිට අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා. මෙම ගුවන් මගියා  දෝහා ගුවන් තොටුපළේ දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග ඔහු පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු හරවා එවා ඇති බව සඳහන්. ඔහු ආපසු ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යැවීමට…

සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත වෙයි

සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත වෙයි

සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත කිරීමට තීරණය කර තිබේ. සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බවය. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සිනමා ශාලා වසා දමා තිබුණි.

ඉන්දියාවේ තතත්වය නරක අතට, ලංකාවට බලපෑමක් තිබේද ?
|

ඉන්දියාවේ තතත්වය නරක අතට, ලංකාවට බලපෑමක් තිබේද ?

මීට දින දෙකකට පෙර ඒනම් ජුනි 16 දා ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදනය වීමෙන් 2006 දෙනෙකු මිය ගිය බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළාය. නමුත් මේ තත්ත්වයේ විශාල වෙනසක් ඊයේ පෙන්නුම් කරනු ලැබුවත්, දිනකට වාර්තාවන රෝගීන් ප්‍රමාණය නම් ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. ඊයේ දිනයේ පමණක් කෝවිඩ් 19 ආසාදිතයින් 13,103 වාර්තා වී තිබේ. ඉන්දියාව මේ වන විට…

gotabahaya

ලීසිං ණය වාරික සඳහා මාස 06ක සහනය අනිවාර්යයෙන් දිය යුතුයි

මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරනු පිණිස  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා සදහන් කරයි. ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. අර්බුදය ජය ගැනීමට කෘෂිකාර්මික, සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු සියලු ව්‍යාපාර ක්ෂේත්‍රවලට ඝෘජුව සහාය වෙමින් ඒවා නගාසිටුවීම කළයුතුය. මහබැංකුව සමග…

කොරෝනා වෛරසය: පළමු ජීවිතාරක්ෂක ඖෂධය පර්යේෂණවලින් තහවුරු වෙයි

කොරෝනා වෛරසය: පළමු ජීවිතාරක්ෂක ඖෂධය පර්යේෂණවලින් තහවුරු වෙයි

ලාභදායී සහ බහුල වශයෙන් ලබා ගත හැකි ඖෂධයක් කොරෝනාවයිරසයෙන් බරපතළ ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට උපකාරී වන බව තහවුරු වී තිබේ. ඩෙක්සාමෙතසෝන් (dexamethasone) අඩු මාත්‍රාවක් ලබා දීමෙන් මෙම මාරාන්තික කොරෝනාවෛරසයට එරෙහිව සටන් කිරීමට හැකි වීම අතිශය වැදගත් සොයා ගැනීමක් බව එක්සත් රාජධානියේ වෛද්‍ය විශේෂඥයෝ පවසති. මෙම ඖෂධය, දැනට පවතින ප්‍රතිකාර කොරෝනාවෛරස් සඳහා ද…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට උසස් කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව 2018.01.01 දින සිට මෙය බලාත්මකවන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ජිවන්

ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ජිවන්

ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ලෙස දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා පත් කිරිමට එම කොංග්‍රසයේ විධායක සභාව මගින් 17වන දින පියවර ගෙන ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ලෙස සිටි දිවංගත ආරුමුගන් තෝණ්මන් මහතාගේ හදිසි අභාවයෙන් පසු ඒ මහතා වෙනුවට නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂකත්වයටද ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන්…

babara

කොටියාගල කැම්පියන් වතුයායේ බබර ප්‍රහාරයක්

බගවන්තලාව පොලිස් වශමේ කොටියාගල කැම්පියන් වතුයායේ සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරුවන් හතර දෙනකු හා වතු කම්කරු කාන්තාවක් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. 17වන දින මෙම පිරිස එම වතුයායේ සේවය කරමින් සිටියදි එහි බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් තමන්ට පහාර දුන් බව බබර පහාර කැමට ලක්වු වතු කම්කරුවන් පවසති….

හිරුණිකාට සිතාසි

හිරුණිකාට සිතාසි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජුලි මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියෝග කළා. ඒ , තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට වන නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදීයි. මෙම නඩුව අද (17) කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර…

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ වලට වැඩ වරදි

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ වලට වැඩ වරදි

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ පිළිබඳ පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට ඒ පිළිබඳ පැමිණිලි කළ හැකියි. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් බස්රථවල මගී ප්‍රවාහනය ආසන ගණනට පමණක් සීමා කරන ලෙස උපදෙස් ලබාදී තිබුණ ද ඇතැම් පුද්ගලික බස්…