ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ වලට වැඩ වරදි

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ පිළිබඳ පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට ඒ පිළිබඳ පැමිණිලි කළ හැකියි.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් බස්රථවල මගී ප්‍රවාහනය ආසන ගණනට පමණක් සීමා කරන ලෙස උපදෙස් ලබාදී තිබුණ ද ඇතැම් පුද්ගලික බස් රථවල ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් ප්‍රවහනය කරන බවට තොරතුරු වාර්තා වි ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

More Stories