දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවලට නැවතත් ඇඳිරි නීතිය

දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවලට නැවතත් ඇඳිරි නීතිය

මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය. ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රීක්කවල නැවත දැනුම්…

advanced level

සෞඛ්‍ය අංශ නිර්දේශ ලැබුණු පසු අදියරෙන් අදියර පාසල් විවෘත කිරීමට පියවර

සෞඛ්‍ය අංශ නිර්දේශ ලැබුණු පසු අදියරෙන් අදියර පාසල් විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ පැවති වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ බව කියාසිටියා.

unp

එ.ජා.පයේ සාමාජිකයන් 102කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තිරණයක්

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් දේශපාලන පක්ෂයකින් මහමැතිවරණයට නාමයෝජනා පත්‍ර අත්සන් තැබූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයන් 102කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් සමගි ජනබලවේගය යටතේ මෙවර මහමැතිවරණයට නාමයෝජනා අත්සන් තැබූ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ…

covid infections today

ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 134ක් වාර්තා වෙයි

නව ආසාදිතයින් සංඛ්‍යාව 134ක් සොයා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1453 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඉන් 81 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනා ගෙන ඇති අතර ඉතිරි 53 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරින් හඳුනා ගත් නාවික සෙබළුන් ය.

covid infections and deaths

ඊයේ කොරෝනා ආසාදිතයින් 135ක්

ඊයේ කොරෝනා ආසාදිතයින් 135 දෙනාගෙන් 127 දෙනෙකුම කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිස් වන අතර ඉතිරි 8 දෙනා නාවික හමුදා සාමාජිකයින් ය. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 1317ක් දක්වා වැඩි වී තිබේ.

පළාත් රැසකට මි.මී 200 ඉක්මවූ තද වැසි

පළාත් රැසකට මි.මී 200 ඉක්මවූ තද වැසි

අද දිනයේ දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද උදෑසන 5.30 න් අවසන් වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.එම අගය මිලිමීටර් 180 කි. පාලින්දනුවර ප්‍රදේශයෙන් මිලිමීටර් 148 ක වර්ෂාපතනයක් ද ඉංගිරිය ප්‍රදේශයෙන් මිලිමීටර් 144 ක වර්ෂාපතනයක් ද…

ඇමති තොන්ඩමන් හදිසියේ මියයයි

ඇමති තොන්ඩමන් හදිසියේ මියයයි

ලංකා කම්කරු කොංග‍්‍රසයයේ නායක සහ ප‍්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් ඇමති ආරුමුගන් තොන්ඩමන් මහතා ඊයේ රාත‍්‍රී හදිසියේ අභාවප‍්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය. පසුගිය දිනවල තරමක් අසනීප තත්වයෙන් පසුවූ ඇමතිවරයා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් නිවසේදී හදිසියේ ඇදවැටී ඇතැයි පැවසෙන අතර වහාම ඔහු තලංගම රෝහලට ඇතුලත් කර තිබේ. රෝහලට…

දිස්ත්‍රික්ක අතර ගමනා ගමන සීමාවෙන් හොරවල පාලම් පාරුවටද බලවත් පහරක්

දිස්ත්‍රික්ක අතර ගමනා ගමන සීමාවෙන් හොරවල පාලම් පාරුවටද බලවත් පහරක්

දිස්ත්‍රික්ක අතර ගමනා ගමන සීමාවෙන්  බෙන්තර  ගඟ හරහා හොරවල  තොටුපලේ වළල්ලාවිට ප්‍රාදේශීය  සභාවෙන් පාලනය  කරන පාලම් පාරුවටද බලවත් පහරක් වැදි  ඇතැයි පාලමි පාරුකරු වළල්ලාවිට ප්‍රාදේශීය  සභාවට දැනුම් දි ඇත. බෙන්තර ගඟ  හරහා  හොරවල තොටුපලේ එක් ඉවුරක් බස්නාහිර  පළාතේ  කළුතර දිස්ත්‍රික්කයේය. අනෙත් ඉවුර  දකුණු  පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේය. මෙි හේතුවෙන්  පාලම් පාරුවෙි ගමනාගමන කටයුතු  අඩාලවු නිසා  ප්‍රාදේශීය …

වොල්ට්‍රිම් වතුයායේ නිවාස නායයාමේ තර්ජනයන්ට ලක්වෙයි

වොල්ට්‍රිම් වතුයායේ නිවාස නායයාමේ තර්ජනයන්ට ලක්වෙයි

ලිදුල පොලිස් බල ප්‍රදේශයට අයත් වොල්ට්‍රිම් වතුයායේ නිවාස විසි හතරක් නාය යාමේ තර්ජනයන්ට ලක් විමත් සමග එම නිවාස හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. 1993 වර්ෂයේදි මෙම නිවාස ඉදි කරදි ඇති බවත් මේ වන විට එම නිවාස නාය යාමේ තර්ජනයන්ට ලක්ව ඇති බවයි එම නිවාස හිමියන් පවසනුයේ. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම නිවාස හිමියන්…

covid infections today

කුවේට් සිට පැමිණි 90 කට කොරෝනා

කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි. කෙසේ වෙතත් ගුවන් යානා මෙරටට පැමිණෙන කාල පරතරය අනුව පැමිනෙන පිරිස් කළමනාකරණය කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද ජාසිංහ මහතා පැවැසීය. විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ ක‍්‍රියාවලිය ගැන යළි සලකා බලන්නට සිදුවන බව…