දිස්ත්‍රික්ක අතර ගමනා ගමන සීමාවෙන් හොරවල පාලම් පාරුවටද බලවත් පහරක්

දිස්ත්‍රික්ක අතර ගමනා ගමන සීමාවෙන්  බෙන්තර  ගඟ හරහා හොරවල  තොටුපලේ වළල්ලාවිට ප්‍රාදේශීය  සභාවෙන් පාලනය  කරන පාලම් පාරුවටද බලවත් පහරක් වැදි  ඇතැයි පාලමි පාරුකරු වළල්ලාවිට ප්‍රාදේශීය  සභාවට දැනුම් දි ඇත.

බෙන්තර ගඟ  හරහා  හොරවල තොටුපලේ එක් ඉවුරක් බස්නාහිර  පළාතේ  කළුතර දිස්ත්‍රික්කයේය. අනෙත් ඉවුර  දකුණු  පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේය.

මෙි හේතුවෙන්  පාලම් පාරුවෙි ගමනාගමන කටයුතු  අඩාලවු නිසා  ප්‍රාදේශීය  සභාවට ගෙවිය යුතු මාසික බදු මුදල් ලිහිල් කන්නැයි පාලමි පාරුවෙි බදුකරු වළල්ලාවිට ප්‍රාදේශීය සභාවෙන් කළ ඉල්ලිමට සහනයක් සැලසිමට පසුගිය  19 දා රැස්වු මහා සභාව තිරණය කලේය.

ඒ අනුව දිනකට රුපියල්  12505 ක් වන බදු මුදල  මාර්තු මාසයෙන් අඩක් අය කිරිමටත්, අප්‍රේල්  මාසයෙන් මුදල් අය නොකිරිමටත්, මැයි මාසයේ බදු මුදලින් හතරෙන් එකක් අය කිරිමටත් තීරණය විය.

කොරෝනා  වසංගත තත්ත්වය නිසා  හොරවල තොටුපලේ ආදායම විශාල ලෙස  පහළ වැටි ඇතැයිද පාලමි පාරුවෙි බදුකරු කියයි.

සෝමරත්න  පොද්දෙණිය – මීගහතැන්න

More Stories