පළාත් රැසකට මි.මී 200 ඉක්මවූ තද වැසි

අද දිනයේ දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන 5.30 න් අවසන් වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.එම අගය මිලිමීටර් 180 කි.

පාලින්දනුවර ප්‍රදේශයෙන් මිලිමීටර් 148 ක වර්ෂාපතනයක් ද ඉංගිරිය ප්‍රදේශයෙන් මිලිමීටර් 144 ක වර්ෂාපතනයක් ද ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

More Stories