ඇඳිරි නීතිය ඉවත් කල ප්‍රදේශ වල ලංකා බැංකු විවෘතව තබන්න

ඇඳිරි නීතිය ඉවත් කල ප්‍රදේශ වල ලංකා බැංකු විවෘතව තබන්න

ඇඳිරි නීතිය ඉවත් කල ප්‍රදේශ වල සියළු බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ලේකම්වරයා බැංකු බළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ සදහා සීමිත කාර්යමණ්ඩලයක් යොදා ගත යුතු බවයි ලේකම්වරයා දැනුම් දී ඇත්තේ. මෙම කාර්යයට සහය වන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා ලංකා බැංකු සේවක සංගමයෙන් ඉල්ලීමක් ද කරනවා.

ඇදිරි නීතිය ප්‍රතිඵලදායකයි

ඇදිරි නීතිය ප්‍රතිඵලදායකයි

ඇඳිරි නීතිය පැනවු දිනයේ සිට මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය පියවර ගනු ලැබුවේ පසුගිය සිකුරාදා පස්වරු 06 ටයි.

aresst

ඇඳිරි නීතිය කඩකල 1589ක් අත්අඩංගුවට

ඉකුත් සිකුරාදා සවස 6ට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1589 දෙනෙකු හා වාහන 362ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මාර්ගයේ නිකරුණේ ගැවසීම, මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලා විවෘතව තැබීම, බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම් හා වෙළඳාම් කිරීම යන සිද්ධිවලට අදාළවද පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

බැංකු ශාඛා පැය 2ක් විවෘත කරයි
|

බැංකු ශාඛා පැය 2ක් විවෘත කරයි

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කර තිබේ. බැංකු සේවා ලබාදීමේදීත්, සේවා ලබාගැනීමේදීත් අත්‍යවශ්‍ය සෞඛාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස බැංකු ආයතනවලට මෙන්ම මහජනතාවට ද දැනුම්දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

ඇදිරි නීතිය කැඩූ 338ක් අත්අඩංගුවට

ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 338 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇදිරි නීතිය කාලය තුළ නිවාස තුළම රැදී සිටින ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඇදිරි නීති කාලසීමාව තුළ එය කඩනොවන අයුරින් කටයුතු කරන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

elec dailyreporter

විදුලි බිල් ගෙවීම සදහා සහන කාලයක්

ජනතාවට විදුලි බිල් ගෙවීම සදහා මාර්තු 31 දක්වා සහන කාලයක් ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීම මහතා සදහන් කළා.

අවිගන් කොරෝනා සුව කරයි
|

අවිගන් කොරෝනා සුව කරයි

මාරාන්තික කොරෝනා වෛරසය මර්දනයට සමත් ඖෂධයක් නිපදවීමට ජපන් වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. ඒ අවිගන් නැමති ඖෂධයක්. ඒ අනුව මෙම ඖෂධය ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් හටගන්නා සංකූලතාවලට එරෙහිව නිර්මාණය කර තිබෙන අතර දින 4කදී කොරෝනා රෝගියෙකුගේ නිව්මෝනියා තත්ත්වය මෙම ඖෂධය මගින් සුව කල හැකි බව ජපන් වෛද්‍ය පර්යේෂකයන් ප්‍රකාශ කර තිබෙනවා.

air

තවත් වන්දනාකරුවන් පිරිසක් දිවයිනට

දඹදිව වන්දනා චාරිකාවල නිරත වූ තවත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 243 ක පිරිසක් ඊයේ රාත්‍රී ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කරයි. මෙම පිරිස නීරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථ 05 ක් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය සහ ගමන් මලු රැගෙන යෑම සදහා…

කොළඹ, ගම්පහ සහ පුත්තලමට අඟහැරුවාදා තෙක් ඇඳිරි නිතිය

කොළඹ, ගම්පහ සහ පුත්තලමට අඟහැරුවාදා තෙක් ඇඳිරි නිතිය

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන අඟහැරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා. එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්ක වෙත  නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ. සෙසු දිස්ත්‍රික්ක සඳහා වන ඇඳිරි නීතිය මාර්තු 23 වන සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන…

ස්විට්සර්ලන්තයේ සිට පැමිණි පුජකවරයාට කොරෝනා

ස්විට්සර්ලන්තයේ සිට පැමිණි පුජකවරයාට කොරෝනා

යාපනය ප්‍රදේශයේ දී පැවති ආගමික උත්සවයකට සහභාගිවූ විදේශීය පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට  වාර්තා වෙයි. එම පුජකයාගේ සහභාගිත්වයෙන් පසුගිය ඉරිදා යාපනය, අරියාලේ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගිවී ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සදහන් කරන්නේ. මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර…