Water_Cut

කොළඹට අද පෙරවරු 9.00 සිට පැය 22 ක ජල කප්පාදුවක්

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට පැය 22 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙන් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටවන බව…

රන්ජන් රිමාන්ඞ් කිරීම විවේචනය කළ නීතිඥවරියට එරෙහිව විමර්ශන

රන්ජන් රිමාන්ඞ් කිරීම විවේචනය කළ නීතිඥවරියට එරෙහිව විමර්ශන

මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා රක්‍ෂිත බන්ධනාගාර ගතකරමින් නුගේගොඩ මහෙස්ත‍්‍රාත්වරයා ලබාදුන් නියෝගය මහෙස්ත‍්‍රාත් නිල නිවස ඉදිරිපිටදීම විවේචනය කරමින් ජනමාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කළ නීතිඥ ආශා කහවත්ත මහත්මියට එරෙහිව වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කර ඇත.

ලක් නාමය ඔසවා තැබූ 200 වැනි පැරෂුට් පිම්ම
|

ලක් නාමය ඔසවා තැබූ 200 වැනි පැරෂුට් පිම්ම

යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න සිය 200 වැනි පැරෂුට් පිම්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අඩි 14.500 ක් උඩු ගුවනේ සිට ඉතා සාර්ථකව අවසන් කළේය. පැරෂුට් වාර 200 සම්පූර්ණ කළ දකුණු ආසියාවේ එකම හමුදා උසස් නිලධාරියා ලෙස මේජර් ජෙනරල් නිර්මාල් ධර්මරත්න ඉතිහාසයට එක් වේ.  

කොළඹ  අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා අවසර

කොළඹ අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා අවසර

කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබූ තහනම  ඉවත් කරමින් ඒ, සඳහා දේශීය ගුවන් සමාගම්  4කට අවසර ලබා දී ඇත. පසුගිය අවරුදු 25 ක කාලයේදි අදාළ මගී ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරුණේ රත්මලාන හා බත්තරමුල්ලේ සිටයි. නව තීරණයත් සමග කොළඹ නගරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය සංවර්ධනයට පහසුකම් සැලසෙන බව රජය ප්‍රකාශ කරයි.

unp
|

එ.ජා.ප නායකත්වයට සජිත්ව ගේන්න මන්ත්‍රීවරු 52 ක් එකඟවේ

එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පත් කරන ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමේදී ඊයේ යෝජනාවක් ඉදිරිපත් විය. රනිල් වික්‍රමසිංහ මහතා එහිදී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර යෝජනාව කළ මන්ත්‍රීවරුන් පිටතට නොගොස් එහි රැඳී සිට ඡන්දයක් විමසා තිබේ. ඡන්දය සඳහා මන්ත්‍රීවරුන් 65 දෙනකු සහභාගි වූ බවත්, ඉන් මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කර…

වසර කිපයක් පුරා විසදිමට නොහැකිව තිබු වතු කම්කරු ප්‍රශ්නය වත්මන් ජනාධිපති මාස දෙකකින් විසදයි

වසර කිපයක් පුරා විසදිමට නොහැකිව තිබු වතු කම්කරු ප්‍රශ්නය වත්මන් ජනාධිපති මාස දෙකකින් විසදයි

වසර කිපයක් පුරා විසදිමට නොහැකිව තිබු වතු කම්කරු රුපියල් 1000 ප්‍රශ්නය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාස දෙකක කාලයක් තුලදි විසදිමට පියවර ගත් බව වතු යටිතල හා ප්‍රජා සංවර්ධන ඇමති ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි. ආරුමුගන් තොණ්ඩමන් මහතා මේ බව පවසන ලද්දේ 15වන දින කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවක්…

unp

එ.ජා.ප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වේ

අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වෙන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ඇතුළු, පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමේ අරමුණින්.

අඩු ආදායම් ලාභීන්ට රැකියා ලබාදිමේ වැඩසටහනේ සැලුසුම් අවසන් අදියරට

අඩු ආදායම් ලාභීන්ට රැකියා ලබාදිමේ වැඩසටහනේ සැලුසුම් අවසන් අදියරට

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකාය සඳහා අඩුදායම්ලාභී සහ නිපුණතාවයක් රහිත අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබාදිමේ වැඩසටහනේ සැලුසුම් මේ වන විට අවසන් අදියරේ පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනවාරි 20 වන දිනට පෙර අදාළ බඳවා ගැනිමේ ක්‍රමවේදය සහ ඒ සඳහා වූ අයදුම්පත් ප්‍රසිද්ධ කිරීමට නියමිතය. ඉතාමත් දිළිඳු මට්ටමින් පසුවන…

චීනයෙන් ගෙන ආ බලවේග කට්ටල දුම්රිය අද පරීක්ෂණ චාරිකාවක

චීනයෙන් ගෙන ආ බලවේග කට්ටල දුම්රිය අද පරීක්ෂණ චාරිකාවක

චීනයෙන් ආනයනය කළ S-14 වර්ගයේ එන්ජින් දෙකේ බලවේග දුම්රියක්, ධාවනය අත්හදා බැලීමේ පරීක්ෂණ චාරිකාවක් සඳහා අද (16) මරදාන දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය කරනු ලබයි. මෙම පරීක්ෂණය චාරිකාවෙන් අනතුරුව මෙම බලවේග දුම්රිය ලබන සතියේ කොළඹ සිට බදුල්ල දක්වා තවත් පරීක්ෂණ චාරිකාවක යොදවා පසුව කොළඹ – බදුල්ල අතර ධාවනය කෙරෙන ‘දෙනුවර මැණීකේ’ දුම්රිය සඳහා යොදවන…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

ජනපති දෙවැනි නිල සංචාරය චීනයේ

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සිදුකරනු ලබන දෙවැනි නිල සංචාරය චීනයේ නිරතවීමට නියමිතය. චීනයේ සංචාරයක නිරතවන ලෙසට එරට විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ජනාධිපතිට ආරධනා කරනු ලැබීය. තාක්‍ෂණය,සංචාරක කර්මාන්තය, යටිතල පහසුකම් හා අනෙකුත් ක්‍ෂේත‍්‍රයන්ට නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.