මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම වෙයි

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වේරහැර පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමත් සමඟ එහි කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර ගෙන තිබෙනවා. රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා ඉල්ලුම්කරු විසින් අයදුම්පත්‍රය භාරදුන් පසු එය සකස් කර ඇති බවට ඔහුගේ දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මඟින් එය දැනුම්දීම සිදුකරනු ලබන බව සදහන් වේ.

උසස් පෙළ ගැටලුකාරීද? විමසීමට දුරකතන අංක

උසස් පෙළ ගැටලුකාරීද? විමසීමට දුරකතන අංක

ඊයේ දිනයේදී නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකතන අංක අමතා විමසිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී. 011 2784208 011 2784537 011 3188350 සහ 011 3140314    

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ ජනවාරි 17ට පෙර

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ ජනවාරි 17ට පෙර

විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා ප්‍රකාශ කරන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා ලබන ජනවාරී 17 වැනි දිනට පෙර අයදුම්පත් යොමු කරන ලෙසයි. පාසල් අයදුම්කරුවන්ට නැවත සමීක්ෂණ අයදුම්පත් විදුහල්පතිවරුන්ගෙන් ලබා ගත හැකිවන අතර පෞද්ගලික අයදුම්කරුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේ දී ජාතික පුවත්පත්වල පළ කරන දැන්වීම් අනුව…

rajithe

රාජිත ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය  නියෝග කළාය.  

ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම මැදිරි වලින් වෙන් වෙයි

ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම මැදිරි වලින් වෙන් වෙයි

මරාදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රිය  පානදුර දුම්රිය ස්ථානය පසුකරනවාත් සමඟ එහි එන්ජිම දුම්රිය මැදිරි වලින් වෙන් වී ධාවනය වූ බව දුම්රිය මගීහු පැවසූහ. පානදුර පිංවත්ත දුම්රිය ස්ථානය අසන්න වෙනවාත් සමඟ දුම්රිය එන්ජිම මැදිරි වලින් වෙන්වී ඉදිරියට ධාවනය වූ බව මගීහු පැවසූහ.  

රන්ජාගේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල

රන්ජාගේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී අවසන් . නීතිඥවරයෙක් වීමේ බලාපොරොත්තුවෙන් උසස් පෙළ විභාගයට ඔහු පෙනී සිටි අතර ඉංග්‍රීසි සඳහා A සාමාර්ථයක් ලබා ඇති අතර ක්‍රිස්තියානි ධර්මය අසමත්වී තිබෙනවා. දේශපාලන විද්‍යාව හා සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය යන විෂයයන්ට සාමාන්‍ය සාමාර්ථ ලබාගෙන ඇති මන්ත්‍රීවරයා ක්‍රිස්තියානි ධර්මය විෂය අසමත්ව ඇතැයි සඳහන්. ඔහු ඉංග්‍රීසි භාෂාව…

දුම්රිය බලවේග කට්ටල 8ක් ජනවාරියේදී එක්වෙයි

දුම්රිය බලවේග කට්ටල 8ක් ජනවාරියේදී එක්වෙයි

නව දුම්රිය බලවේග කට්ටල 8ක් ලබන ජනවාරි මාසයේ සිට ධාවනයට එක්කරන බව දුම්රිය සේවා රාජ්‍ය ඇමැති සී. බී. රත්නායක මහතා පැවසීය. චීනයෙන් ආනයනය කරන මෙම බලවේග කට්ටල 8න් හතරක් මේ මාසයේ ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.

dengue treatment DengueAwareness FightDengue DenguePrevention StopDengue DengueSymptoms HealthEducation MosquitoControl PublicHealth StaySafe DengueOutbreak

ඩෙංගු රෝගීන් ප්‍රමාණය සිඝ්‍රයෙන් ඉහලට

අනෙකුත් වසර වලට සාපේක්ෂව මෙවර ඩෙංගු රෝගීන් ප්‍රමාණය සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ වසර අවසානය වන විට වාර්තා වී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,000 කට අධික බව ත් එය පසුගිය වසරට සාපේක්ෂව 50% කින් ඉහළ යෑමක් බවයි පැවසෙන්නේ.

rajithe

රාජිත අසනීපෙන් – රෝහලේ ගත කෙරේ

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තුවක් නිකුත් කළේ පසුගිය 24 වැනිදායි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙරේදා දිනයේ ද…

rice

රජයෙන් සහල් මෝල් ආරම්භ කරන බව එස්.එම්. කියයි

පෞද්ගලික සහල් මෝල් හිමියන් සතු සහල් මිල තීරණය කිරීමේ වෙළඳ ඒකාධිකාරිය බිඳ දැමීම සඳහා ඉදිරියේදී රජය විසින් සහල් මෝල් ආරම්භ කරන බව අමාත්‍ය එස්.එම් .චන්ද්‍රසේන මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.