විස්සයි විස්සේ බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කරොත් වැඩ වරදි

jaredpogi123kaba maconline whatsapp 网页 版 xvideos search

පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් යුතුව මහජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත හා විඩියෝ පට වාදනය කිරීම 2020 නව වසරේ ජනවාරි 01 සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ.

ඒ අනුව පුද්ගලික බස් රථවල දී මහජනතාවට හිංසා වන අයුරින් අධික ශබ්දයෙන් යුතුව ගීත වාදනය කරන්නේ නම් මගී ජනතාවට ඒ සඳහා ජාතික ගමනාගමන කොමිසමේ 1955 ක්ෂණික දුරකථන අංකයට කතා කර පැමිණිළි කළ හැකිය.

මහජන පැමිණිලි මත එම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගැනීමට ජාතික ගමනාගමන කොමිසමට බලය තිබේ.

එමෙන්ම එම දුරකතන අංකය මගින් එම කාරණාවට අදාලව පමණක් නොව පුද්ගලික බස් රථ හෝ ලංගම බස් රථ  මන්දගාමීව ධාවනය කරන්නේ නම්, හෝ බස් රථ රියදුරන් අවිනීතව හා නීති විරෝධී ආකාරයට හැසිරෙමින් බස් රථ ධාවනය කිරීම මෙන්ම කොන්දොස්තරවරු අවිනීතව මගී ජනතාවට හිංසාවන පරිදි හැසිරෙන්නේ නම් එම කාරණාවන් ද මෙම දුරකථනය ඔස්සේ දැනුම් දිය හැකිය.

මෙම 1955 දුරකථනය අංකයට පරිබාහිරව තවත් දුරකථන අංකයක් කඩිනමින් මහජන පැමිණිළි සඳහා ලබා දෙන්නැයි ද අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

මේ අතර ජනවාරි 01 දා සිට සියලුම බස් රථ සඳහා සුභාවිත ගීත 1000කින් සමන්විත ගීත සමුච්ඡයක් හඳුන්වා දීමට ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත. විද්වත් මණ්ඩලයක අධීක්ෂණය යටතේ තෝරා ගන්නා ලද එම ගීත බස් රථ රියදුරන් වෙත බෙදා දීම හෙට දින එනම් 2019. 12. 31 දින පෙරවරු 10.00ට මාකුඹුර බහුවිධ ප්‍රවාහණ මධ්‍යස්ථානයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජනවාරි 01 දායින් පසු මෙම ගීත පමණක් බස් රථවල වාදනය කළ හැකි වන අතර එම ගීත වාදනය කළ හැක්කේ ද මගී ජනතාවට හිංසාවන අයුරින් අධික ශබ්දයෙන් නොවේ.

මගී ජනතාවට හිංසාවක් නොවන අයුරින් එම ගීත වාදනය කළ හැකි උපරිම ඩෙසිබල් ප්‍රමාණය කොපමණ දැයි සොයා බලා ඒ සම්බන්ධව ද බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් දැනුම්වත් කරන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ.

තවද ඇතැම් ආයතන විසින් සකස් කරන ලද සංගීත සංදර්ශණවල විඩියෝ පට බස් රථවල ඇති රූපවාහිනිවල ප්‍රදර්ශණය කරන අතර ඒ වෙනුවට උසස්  ගීත සහිත වීඩියෝද මෙම වැඩ පිළිවෙළ යටතේ ලබා දීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම මගී ප්‍රවාහන කටයුතු සම්බන්ධ වැදගත් පණිවුඩ රැසක්ද ඒ සමගම මහජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….