STF අණදෙන නිලධාරී ධුරය වෙනස් වෙයි
ලබන 12 වැනිදා සිට විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී තනතුරේ රාජකාරි ඉටු කිරීමට නි.පොලිස්පති ඩී.ජී.එස් ද සිල්වා පත් කර තිබේ. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි. මීට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ය.









