දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක්

desaguna

ආර්ථිකය සහ පරිසරය නිරන්තරයෙන් බැඳී පවතින බැවින් වැඩි වෙමින් පවත්නා කාලගුණික සහ දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති “දේශගුණික මූල්‍යකරණය” (Climate Finance) පිළිබඳ සංවාදයේ සමාරම්භක සැසිය අමතමිනි. දේශගුණික විපර්යාසයන් හා ආර්ථිකයට අදාළ ජාත්‍යන්තර රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම සංවාදය පැවැත්විණි. කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් ජය ගැනීමේ ක්‍රියාවලියේදී සියලුදෙනා සාමූහිකව එක් විය යුතු බව පැවසූ විජයවර්ධන මහතා ශ්‍රී ලංකාව…

Read More

නවරාත්‍රි පුජාව හා නවරාත්‍රි උත්සවය ඉතා උසස් ආකාරයෙන්

නවරාත්‍රි පුජාව හා නව රාත්‍රි උත්සවය ඉතා උසස් ආකාරයෙන් හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා ජාතික පාසැලේදි පවත්වන ලදි. එම විදුහලේ විදුහල්පතිනි දයා වීරතුංග මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරුවරුන් සිසුවියන් විසින් මෙම පුජාව හා උත්සවය පවත්වන ලදි. නව රාත්‍රි පුජාවන් පිලිබදව පවත්වන ලද තරගාවලියේන් ජය ගත් සිසුවියන් සදහා සහාතික පත් ලබා දිමද මෙහිදි සිදු කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා

Read More

සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

sanjeewa-wimala

තරුණ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ. කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී විශේෂවේදී උපාධියත්, වාණිජ විද්‍යාපති උපාධිය සහ සමාජීය විද්‍යා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හදාරා ඇති සංජීව විමලගුණරත්න, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ දේශීය කටයුතු අධ්‍යක්ෂවරයා ලෙස මෙයට පෙර කටයුතු කර තිබිණ. පෞද්ගලික අංශයේත්, රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේත් විධායක නිලධාරියකු ලෙස වසර 20 කට ආසන්න කාලයක අත්දැකීම් ඇති ඔහු, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ උපදේශකවරයකුලෙස ද කටයුතු කර තිබේ. සංජීව විමලගුණරත්න රාජ්‍ය නොවන සංවිධාන…

Read More

පිරිවෙන් අධ්‍යාපනය නංවන්න සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයෙන් ආධාර

lankarama

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර බෙදාදීම සංකේතාත්මකව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී  සිදු කෙරිණි. සිංගප්පූරුවේ සිටින පරිත්‍යාගශීලීන්ගේ අධාර උපකාර මත ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ මෙහිදී සංකේතාත්මකව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට භාරදීම සිදු විය. ඉදිරි දින කිහිපය තුළ තෝරාගත් පිරිවෙන් සඳහා අධ්‍යාපන උපකරණ බෙදා හැරීමට නියමිතය. සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයාව කටයුතු කළ සමයේ සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානය මෙරට පිරිවෙන් සඳහා ආධාර…

Read More

බාලදක්ෂ සතියට සමගාමීව රිච්මන්ඩ්  සිසු දරුවෝ රුක් රෝපණය කරති!

2022 බාලදක්ෂ සතියට සමගාමීව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීයේ,මාධ්‍ය අංශය,ආගමික කලා සංස්කෘතික අංශය හා පරිසර අංශය එක්ව,බාලදක්ෂ සමූහය විසින් බෝධි පූජාවක් හා ධර්ම දේශනාවක් රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදි.පූජ්‍ය යක්කලමුල්ලේ සුගුණ ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව සිදු කරන ලදි. මෙයට අමතරව,බාලදක්ෂ 2022 පරිසර සංරක්ෂණ දිනය නිමිත්තෙන් ගා/රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් විද්‍යාලයීය ඔසු උයන පිරිසිදු කිරීම සහ ඔසු පැළ සිටුවීම සඳහා ශ්‍රමදානයක් විද්‍යාලයීය ඔසු උයනේදී පවත්වන පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට,විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පති පියසිරි කුමාරගේ,බාලදක්ෂ ආචාර්ය මෙත්තානන්ද අරඹෙවෙල යන මහත්වරුන් සහ බාලදක්ෂයන් රැසක් මේ සඳහා සහභාගි වූහ. සටහන හා ඡායාරූප නිමල් අල්ගෙවත්ත

Read More

ජපානයට මිසයිල 04 ක්

missile

ජපානයට එල්ල කරන බලපෑම් සඳහා එකටඑක කිරීමක් ලෙස අමෙරිකාව සහ දකුණු කොරියාව, උතුරු කොරියාව වෙත ප්‍රතිචාර දක්වමින් සිටිනවා. අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව ජපන් මුහුදු සීමාව ඉලක්ක කර මිසයිල 04 ක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එලෙස එල්ල කර ඇත්තේ අමෙරිකාවේ නිෂ්පාදිත මිසයිලයි. දකුණු කොරියාව විසින් එල්ල කළ මිසයිලයක් අනතුරකට ලක්ව ඇති නමුත් ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම සිද්ධිකය පදනම් කර ගනිමින් කොරියානු අර්ධද්වීපය තුළ යළිත් මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙමින් ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ. ඊට හේතුවී ඇත්තේ ජපානය වෙනුවෙන් අමෙරිකාව…

Read More

වතු කම්කරුවන්ට ප්‍රධාන ආහාරයවත් කෑමට නොමැත

roti

මධ්‍යම කදුකරයේ වතුකරය ආශ්‍රිත ප්‍රදේශ තුල පවතින තිරිගු පිටි හිගය හේතුවෙන් වතු කරයේ වතු කම්කරුවන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන් තුල තිරිගු පිටි හිගයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන්ගේ ප්‍රධාන ආහාරය රෝටි වන අතර මෙම දිනවල පවතින පිටි හිගය හේතු‍වෙන් තමන්ට ආහාර සදහා නිසි ලෙස රෝටි සදා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන්ට වතුවල වැඩට යන විට නිසි ලෙස කැමට රෝටි ගෙන යාමට නොහැකි විමෙන්…

Read More

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් බරපතළ ලෙස විවේචනයට

jiniwa

“ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන මාතෘකාව යටතේ කෙටුම්පත් කර ඇති, A/HRC/51/L.1 දරන මෙම යෝජනාව ඔක්තෝබර් 06 වැනිදා ඡන්ද විමසීමට ලක්කරනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙවර මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47ක් අතුරින් රටවල් 10ක සහයෝගය හෝ ලබා ගැනීම ශ්‍රී ලංකාවට අපහසුවී ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට රටවල් 26ක් සම අනුග්‍රාහකත්වය දැක්වීමට එකඟතාව පළකර ඇතැයි ජිනීවා වෙතින් ලැබෙන වාර්තා අනාවරණය කරයි. ඇල්බේනියාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, චෙකියාව, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ලැට්වියාව, ලිච්ටෙන්ස්ටයින්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මාෂල් දූපත්, නෙදර්ලන්තය, නවසීලන්තය, ස්ලෝවැකියාව, ස්වීඩනය,…

Read More

සමෘද්ධිය රු.4500 යි ඔවුන්ගේ බදුබර රු.6700යි

vat

ශ්‍රී ලංකාවේ දුප්පත්ම පවුල් සියයට 10 ගත් විට රුපියල් 6700 වක්‍ර බදු ප්‍රමාණයක් මාසිකව රජයට ගෙවන බව සඳහන් කරන වසන්ත අතුකෝරළ මහතා සමෘද්ධියෙන් රුපියල් 4500ක් ලැබුණද මේ වක්‍ර බදු ප්‍රමාණය නිසා ඔවුන් රුපියල් 2,200ක පමණ ශුද්ධ අලාභයක් ලබන බවද සඳහන් කළා. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර 2021 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේදී සියයට 42කින් පමණ වැඩිවී ඇතැයි අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක් (සිවු දෙනකුගෙන් යුතු) මාසයකට රුපියල් 28,000 බදු මුදලක් රජයට ගෙවන බව එම පරීක්ෂණයේදී තොරතුරු හෙළිවූයේ යැයි මහාචාර්යවරයා පෙන්වා දෙනවා. භාණ්ඩ මිල ඉහළයාම නිසා ජනතාව මත පැටවුණු වක්‍ර…

Read More

දේශගුණික විපර්යාස අවම කිරීම හා තිරසර සංවර්ධන අරමුණු

citynet

ආසියා ෆැසිෆික් කලාපයේ තිරසර සංවර්ධනය සඳහා කටයුතු කරනු ලබන පළාත් පාලන ආයතන හා නාගරික පාර්ශවකරුවන්ගේ විශාලතම එකමුතුව CityNet ආයතනය වේ. වසර 1987 දී ආරම්හ කෙරුණු මෙම සංගමයෙහි 9 වන සැසි වාරය මෙවර මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරය කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීණි. 1999 වසරේ සිට එහි සාමාජිකත්වය දරන HELP-O ආයතනය මෙවර සමුළුවේ දී සුවිශේෂී ජයග්‍රහණ දෙකක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.එනම්, අකණ්ඩව වසර 25ට අධික කාලයක් තුළ තිරසර සංවර්ධනය හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කරනු ලබන සේවාව අගයමින් දේශගුණික විපර්යාස අවම කිරීම හා තිරසර සංවර්ධන අරමුණු වෙනුවෙන් කටයුතු කරනු ලබන…

Read More