කැලෑ මාකට් එකට නොයෙන තැඹිලි
පිටකොටුවේ කැලෑ මාකට් එකට මොහොතකට ගොඩවිය. අප යන විට එහි තැඹිලි තොග කිහිපයක් තිබුණත් ඒවායේ මිල ඇසූ විට අප මවිතයට පත් විය. තැඹිලි ගෙඩිගෙඩියක මිල වූයේ රු. 120කි. කැලෑ මාකට් එකේ කවදත් මන්නයක් අතින් ගෙන තැඹිලි විකුණන පුද්ගලයා එදා සිටියේ නයා මළ අහිකුණ්ඨිකයකු මෙනි. ‘‘මෙහෙට හවස 6 ඉඳන් උදේ 6 වෙනකම් තැඹිලි එනවා. අද කපන්නවත්…