මෙරට වෙළෙඳපොළේ පාලන බලය කොයිබටද?
අද වනවිට වෙළෙඳපොළ පාරිභෝගිකයාට අහිමි වී ඇති අතර එහි පාලන බලය ලබාගෙන ඇත්තේ ව්‍යාපාරිකයන්ය. වෙළෙඳුන්ය. මෙය යථාර්ථයට පිටින් යාමකි. වෙළෙඳපොළ ගොඩනැගී ඇත්තේ පාරිභෝගිකයා සහ වෙළෙන්දා යන දෙදෙනාගෙන්මය. ඒ දෙපාර්ශ්වයේම සම්මිශ්‍රණය වන්නේ වෙළෙඳපොළයි. වෙළෙඳපොළෙන් පාරිභෝගිකයා ඉවත් කර එතැන අයිතිය සම්පූර්ණයෙන්ම වෙළෙන්දා ලබාගෙන තිබේ නම් එහි ප්‍රායෝගික තත්ත්වයක් නැත. භාණ්ඩයක මිල තීරණය කිරීමට පාරිභෝගිකයා ප්‍රබලතම සාධකයකි. එයට…