හැමතැනම කතාව සාඟතය ගැන. අනේ අපොයි කියන්න දෙයක් නෑ රට රකින්න ආපු විරුවා අන්තිමට නතරවුණේ බත් පතටත් කෙළලා. ගහෙන් ගෙඩි එන්න වගේ රසායනික පොහොර නතර කරපු එක විතරක් නෙවෙයි හේතුව. ඩොලර් සංචිත නැතිවුණාම ණය ගෙවාගන්න බැරිවුණාම කොටින්ම රට බංකොළොත් වුණාම පොහොර ගෙන්නන්න වෙන්නේ නෑ. ගෝඨාභය බොරු ෂෝ එකක් දාලා රසායනික පොහොර නතර කළේ මේ ආර්ථික අර්බුදය නිසා මිසක් මිනිහට ‘වස විෂ නැති ගොවිතැන’ ගැන තිබුණ අමාරුවකට නෙවෙයි. කොහොම වුණත් දැන් පේන්න තියෙන සත්‍ය තමයි අගෝස්තු මාසේ විතර වෙනකොට අපිට කන්න නැතිවෙයි කියන එක. රසායනික පොහොර ගහෙන් ගෙඩි එන්න වගේ නතර…
Read MoreCategory: features
ශ්‍රී ලංකාව ගැන දුකයි
ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කළ හැක්කේ කෙසේද,ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කෙබඳු විය හැකිද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය පැවසුවාය. “වරක් සමෘද්ධිමත් රටක් ව පැවති ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඡායාරූප දුටු විට හදවත වේදනාවට පත් වන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වැරදි කළමනාකරණය හේතුවෙන් ඇති වූවක් බවත් එම නිසා සිදු කළයුතු වැදගත්ම දෙයනම් රටේ නැවතත් හොඳ ක්ෂුද්‍ර ආර්ථික පදනමක් ඇති කිරීම”යැයි ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය ඉන්දියාවේ…
Read Moreදැඩි ආහාර අර්බුදයක් – සෑම බිම් අඟලකම වගා කිරීමට සිදුවේවි
ඉදිරියේදී රටේ ඇති විය හැකි ආහාර අර්බුදයට විසඳුමක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ සෑම බිම් අඟලකම කුමන හෝ භෝග වර්ගයක් වගා කිරීමට මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි මහතාගේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙළක් සකස් කර තිබේ. ඒ සඳහා සියලු පාර්ශ්ව දැනුවත් කර ඔවුගේ සහාය ගැනීමට නියමිතය. ඊට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සිවිල් සංවිධාන දැනුවත් කර මේ වෙනුවෙන් ඔවුගේ දායකත්වය ගැනීම සඳහා වූ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී වැඩිදුරටත් දිසාපතිවරයා මෙසේද කීය. හෙට දවසේ මොනවා වෙයිද කියන එක ගැන අපට හැඟීමක් නැති වෙමින් තිබේ. ඒ…
Read Moreසමහර කවි පාරේදී උව හමුවිය හැකිය..!
මම පහුගිය දොහක රඹුක්කන ගියා. හේතුව පොලීසිය වෙඩි තියලා එක් තැන් කරපු මිනිස්සු ටිකක් මුණ ගැහීම. පොලීසිය අහසට තියපු වෙඩි උණ්ඩය අහස හෙව්වේ පොඩි කොල්ලෙක්ගේ බඩ අස්සේ. ඉතිං ඔත්පලව පුටුවක් උඩ හිඳ ඉන්න මේ කොල්ලා දකින්න මම ගෙවල් පොකුරක් අස්සට වීසිවුණා. මේ ගම තමයි මුංකොටුව. බ්ලොග් ගල් වහපු ගෙදරක මිදුලක් හරහා මෙහෙම වීසිවෙනකොට වයසක මනුස්සයෙක් හීනියට හිනාවක් දැම්මා. උඩු කයට ඇඳුම් සාත්තුවක් නැතුව හිටිය මේ උන්නැහේ දැක්කාම මට හිතුනේ මුන්දැ නම් රඹුක්කන අලි ගාලේ අලි බලන්නෙක් කියලා. මිනිහා ඒ සුබාවට තමයි සරොම ඇඳලා කොරලා හිටියේ. පටි බෙල්ටුවට පිහිකොපුව යටවෙලා. පිහියේ…
Read Moreඩොලර් අර්බුදය පමණක් නොව රුපියල් අර්බුදයත් පැමිණෙයි
ඩොලර් අර්බුදයකට පමණක් නොව රුපියල් අර්බුදයකටද ආණ්ඩුව මුහුණ දී සිටින බව පෙන්වා දෙන අගමැතිවරයා පවසන්නේ රුපියල්වලින් හෝ රජයට ආදායම් නොලැබෙන බවයි. ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය 40% ඉක්මවා යනු ඇති බව සඳහන් කරන රනිල් වික්‍රමසිංහ මහතා, ඊට සාපේක්ෂව මහජන විරෝධතාද ඉහළ යනු ඇති බව පෙන්වා දෙනවා අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අංශ කිහිපයක හැර සෙසු සියලු අංශවල වියදම් කපා හැරීමට සිදුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
Read Moreලංකාවේ අවුරුදු 21ක්ම අගමැතිකම් දරා තිබෙන්නෙ ඡන්දයෙන් ඍජුව පත් නොවූ අය
රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වුණේ ඍජුව මහජන ඡන්දයෙන් නොව ජාතික ලැයිස්තුව හරහා බැවින් ඔහුට ජනවරමක් නැතැයි තර්ක කරන පළපුරුදු යයි කියන දේශපාලනඥයන්ගේ නොදැනුමට රැවටී මෝඩයන් නොවන්නට මෙම දැනුම ලබාගන්න. මූලාශ්‍ර පාර්ලිමේන්තුවේ නිල තොරතුරු හා වෙනත් ලිඛිත මූලාශ්‍රයන්ය. 1960 මාර්තු මෙන්ම ජුලි මැතිවරණවලටද සිරිමාවෝ බණ්ඩාරනායක තරග නොකළ අතර, ජුලි මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇය අගමැති ධුරයට පත්වුණේ මන්ත්‍රීවරියක ලෙස නොවේ. ඇය මන්ත්‍රීවරියක වුණේ අගමැතිවරිය ලෙස දිවුරුම් දීමෙන් පසුවයි. ඇම්.පී. ද සොයිසා මහතා සෙනෙට් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් නිර්මාණය වූ පුරප්පාඩුවට ඇය පත්වූවාය. ඉන් පසු, 1965, 1970, 1977, 1989 මැතිවරණ…
Read Moreසැප්තැම්බර් මාසයේදී මෙරට සහල් සංචිත අවසන්
රටෙි පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුවේ දී (23) අනාවරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම කමිටුව රැස් විය. ලංකාවෙි මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් බවත් සැප්තැම්බර් මැද වන විට දැනට පවතින සහල් තොගය අවසන් වන බවත් එම කමිටුවේ දී ප්‍රකාශයට පත් කෙරිණි.
Read Moreමන්කිපොක්ස් වෛරසය ආසාදිතයින් රටවල් 15 කින් හමුවෙයි
මන්කිපොක්ස් වෛරසය ව්‍යප්ත වී ඇති ලොව රටවල් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. මෙම වෛරසය මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ, යුරෝපය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවේ ද බහුලව දක්නට ලැබෙන බවට වාර්තා වේ. මන්කිපොක්ස් වෛරසය සඳහා නිශ්චිත එන්නතක් නොමැති වුව ද, රටවල් කිහිපයක් වසූරිය එන්නත් ගබඩා කරන බවට වාර්තා වේ.
Read Moreමගුල් හතරයි අවමගුලයි
ක්‍රිස්තියානි පල්ලියක විවාහ වන විට, සරණ බන්ධන පූජාවේ එක්තරා අවස්තාවක පාදිලිතුමා මහා හඬින් අහන්නේ මේ විවාහයටවිරුද්ධ කෙනෙකු වේ නම් දැන් ඒ විරෝධය ප්‍රකාශ කළ හැකියි කියා ය. එසේ විරෝධය මතු කර, කසාදය නොකෙරෙණු අවස්ථාඑමට ය. විරෝධයක් ප්‍රකාශ නොවුණ විට, පාදිලිතුමා අත් දෙක ම ඔසවා සභාවට පවසන්නේ ‘දෙවියන් විසින් එක්කල මොවුන්දෙදෙනා කවර කෙනෙකු විසින් හෝ වෙන් කළ නොහැකි‘ කියා ය. මෙවැනි මංගල්‍යයකට ගියා වැනි හැඟුමක මා හට දැනුණේමැයි නම වැනි දින ප.ව. හයයි තිහට පැයකට දෙකකට කලින් අනුර කුමාර හා සජිත් ප්‍රේමදාසගේ කඩා වැටුණු මුහුණු දැකීමෙනි. රනිල් වික්‍රමසිංහ මනාලයා ලෙස ඒ…
Read Moreඅගමැති වෙත ඉදිරිපත් කෙරෙන සිවිල් සමාජ යෝජනා
මෙම යෝජනා ඉදිරිපත් කරන අපි ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවර භාවයත් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා කැපවුනු සිවිල් සමාජ සංවිධාන හා සිවිල් සමාජ ක්‍රියාධරයන් වෙමු. විසදුමකින් තොරව ඇදී ගිය දේශපාලන හා ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම හෝ අන්තර්වාර පාලනයක් බිහි කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ අතර එකගතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීම නියෝජිත ප්රජාතන්ත්රවාදය සැහැල්ලුවට පත් කලා පමණක් නොව පාර්ලිමේන්තුව පිළිබද ජනතා විශ්වාසයද එමගින් පළුදු වූ බව අපි විශ්වාස කරමු. ඒමෙන්ම, තවමත් ක්‍රියාත්මක සාමකාමී ජනතා අරගලේ ප්‍රධාන ඉල්ලීම ලෙස ඉදිරිපත් වී ඇති වත්මන් ජනාධිපතිවරයා වහා ඉල්ලා අස්වෙනු, විධායක…
Read More