ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 21 දෙනාගෙන් 19 දෙනකු පාසලේ දරුවන් බවත් ඉතිරි දෙදෙනාගෙන් එක් අයකු පාසලේ ගුරුවරියක බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
Read MoreCategory: foreign news
යුක්රේනයේ මරියුපෝල් නගරය රුසියාව යටතට
යුක්රේයේ මරියුපෝල් වෙළෙඳ නගරය රුසියාව විසින් අත්පත් කර ගෙන ඇත. එම නගරය අල්ලා ගැනීම, රුසියාව පැහැදිලි ජයග්‍රහණයක් ලද පළමු අවස්ථාව බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නගරයේ ඇති න්‍යෂ්ටික විදුලි බලාගාරය මගින් රුසියාව විදුලිය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද වාර්තාවේ.
Read Moreතලේබාන් පාලනයෙන් දැඩි ආහාර හිඟයක්
ඇෆ්ගනිස්තාය දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇතැයි අන්තර්ජාතික සංවිධානයක් වන ‘සේව් ද චිල්ඩ්රන්‘ සඳහන් කර ඇත. විශේෂයෙන් පසුගිය රාමසාන් සමයේදී මේ තත්ත්වය වඩාත් දරුණු අතට හැරුණු බවත්, එරට කුඩා දරුවන් ඊට වැඩි වශයෙන් ගොදුරු වූ බවත් එම සංවිධානය පෙන්වා දී තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය රට අත්පත් කර ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්තානය දැඩි මානුෂීය අර්බුදයකට සහ ආහාර හිඟයකට මුහුණ දීමත් සමඟ මේ තත්ත්වය උදා වී ඇතැයි ද වාර්තා වේ.
Read Moreඅධික උණුසුමෙන් ඉන්දියාවේ 25ක් මරුට
අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 25 දෙනෙකු මියගොස් තිබේ. සෙල්සියස් අංශක 40කට වැඩි උෂ්ණත්වයක් ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවලින් ද වාර්තා වන බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreයුක්රේනයට අමෙරිකාවෙන් ඩොලර් බි. 33 ක ආධාර
යුක්රේනයට තවත් ඩොලර් බිලියන 33 ක ආධාර සැපයීමට අමෙරිකාව සූදානම් වේ. විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊට අදාළ ඉල්ලීම කොංග්රස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. එම ආධාර පැකේජයට යුද, ආර්ථික හා මානූෂිය වශයෙන් මුදල් වෙන්කර තිබේ.
Read Moreලංකාවේ තත්ත්වය පිළිබඳව කැනඩාවේ අග්‍රාමාත්‍යවරයාට සංදේශයක්
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ අද ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව විසින් උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. මෙම උද්ඝෝෂණය අවසානයේ දී කැනඩාවේ අග්‍රාමාත්‍යවරයාට සහ එරට විපක්ෂ නායකවරයාට ලංකාවේ තත්ත්වය පිළිබඳ සඳහන් සංදේශයක් භාර දීම විශේෂත්වයකි .
Read More” ආරුගම්බේ ” සිනමා පටය සදහා ඊශ්‍රායල සිනමාකරුවන් පිරිසක් මෙරටට
ඊශ්‍රායල ජාතික විසි දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් ” ආරුගම්බේ ” නැමැති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණියහ . මෙම සිනමා පටය , ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ආරුගම්භේ මුල් කර ගනිමින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි . මෙමගින් මෙරට සෞන්දර්ය ඊශ්‍රායලය සහ යුරෝපීය රටවල ජනතාවට දැක බලා ගැනීමට සැළැස්වීම මෙම සිනමා පටය නිෂ්පාදනය කිරීමේ මූලික අරමුණ බව මෙම කණ්ඩායමේ ප්‍රකාශකවරයෙක් පැවසීය .
Read Moreචීන නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක්
චීනයේ ෂැංහයි නුවර සම්පූර්ණයෙන්ම අගුළු ලා සති තුනක් ගතවෙමින් තිබියදී නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් මතු වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. නගරයේ ඇතැම් නිවාස සංකීර්ණ මුළුමනින්ම කොවිඩ් ආසාදිතයන්ගේ නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීම චීනයේ නව කොවිඩ් වසංගතයේ බරපතළ ස්වභාවය මැනවින් පෙන්නුම් කරන බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි. අනපේක්ෂිත අයුරින් මීට සති තුනකට පමණ පෙර චීනය පුරා ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොවිඩ් වසංගතය අද වන විට එරට වැඩිම ජනගහණයෙන් යුතු ෂැංහයි නුවර මිලියන 26ක ජනතාව දරුණු ආහාර අර්බුදයකට ඇද වැටී සිටින අතර, ආහාර හිඟයට…
Read Moreපළමු වතාවට යුක්රේන හමුදාව රුසියාවට ප්‍රහාරයක් එල්ලකරයි
රුසියාවේ බෙල්ගොරෝඩ් නම් නගරයේ පිහිටි ඉන්ධන ගබඩාවකට යුක්රේන හමුදාව විසින් හෙලිකොප්ටර් යානා යොදාගෙන ප්‍රහාරයක් එල්ලකර තිබේ. රුසියානු හමුදාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව රුසියාවට ප්‍රහාරයක් එල්ලවූ බවට රුසියානු බලධාරීන් පිළිගත් පළමු අවස්ථාව ලෙස මෙට සැලකෙයි.
Read Moreචීනයේ විශාලතම නගරය lockdown කරයි
චීනය සිය විශාලතම නගරය වන ෂැංහයි නගරය අගුළු දමන බව ඊයේ (28) නිවේදනය කළා. නව ආසාදන රැල්ලක් ඇතිවීම වළක්වාගැනීම සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කරන අතරතුර මෙලෙස ෂැංහයි නගරය වසා දමන බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
Read More