නැවත දැනුම්දෙනතුරු දිවයින පුරා සුරා සැල් වසා තැබේ
දිවයින පුරා සුරාසැල් නැවත දැනුම් දෙනතුරු වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ. දිවයින පුරා මේ වන විට පවතින දැඩි ව්‍යාකූලත්වයක් සහිත තත්ත්වය මත දිවයින පුරා මේ වන විට ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක වේ. එමෙන්ම රට පුරා මේ වන විට දැඩි ලෙස මහ ජනතාව විරෝධතා සිදුකරමින් සිටියි.









