audit2

දූෂිත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට

බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට පිහිටි පාර්ලිමේන්තු වටරවුමේදී ඊයේ (18) උදෑසන විරෝධතාවක් පැවැත්වුණු අතර, ඔවුන් ඉල්ලා සිටියේ දූෂිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විගණනයක් සිදුකර රටට අහිමි වූ මුදල් ඔවුන්ගෙන් අයකරගන්නා ලෙසයි. අනතුරුව ඔවුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

mask

ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ

ඉදිරියේදී මෙරට මුව ආවරණ භාවිත කළ යුත්තේ පොදු ප්‍රවාහන සේවාවන් සහ ගෘහස්ත මහජන ඒකරාශීවීම්වලදී පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. එනම්, රට පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය covid-19 වසංගත තත්වය හේතුවෙන් අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව තවදුරටත් මුහුණු ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතු…

bus

ගම්බිම් සදහා ගිය ජනතාවට කොළඹ එන්න බස් හිඟවෙයි

සිංහල හිංදු අලුත් අවුරුද්ද සදහා කොළඹ ප්‍රදේශයේ සිට හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවලට පැමිනි ජනතාවට නැවත කොළඹ බලා ගමන් කිරිමට ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම බස් මගින් පවසනුයේ කොළඹ බලා ගමන් කිරිමට නිසි ලෙස බස් රථ නොමැති විමෙන් තමන්ට පැය ගනන් පොලිමේ රැදි සිටිමට…

ඉන්ධන නොමැතිව ඉන්ධන හල් වසා දමයි

ඉන්ධන නොමැතිව ඉන්ධන හල් වසා දමයි

ඉන්ධන හල්වල ඩිසල් පැට්රල් නොමැතිවිමත් සමග සමහර ඉන්ධන හල් වසා තිබු නිසා රථ වාහන හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම රථ වාහන හිමියන් පවසනුයේ මෙම ප්‍රදේශයේ ඉන්ධන හල්වල ඩිසල් පැට්රල් නොමැතිවිමත් සමග අවුරුදු සමය තුලදිද තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වු බවත්ය. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු ඉන්දන හල් හිමියකු…

audit1

සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතුයි

තමන් විගණනයට සූදානම් බවත්, සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පවසයි. දේශපාලඥයින්ට අමතරව සංස්ථා සභාපතිවරුන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ මෙරට සහ විදේශ රටවල තිබෙන සියලුම වත්කම් විගණනයට ලක් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. ඒ ආකාරයට සියලුම දේශපාලඥයින්ගේ, සංස්ථා සභාපතිවරු සහ ඉහළ රාජ්‍ය නිලධාරින්ගේ මෙරට සහ විදේශීය වශයෙන් පවතින වත්කම්…

galle

ගෝල්ෆේස් තනිනොකරමු – ගාල්ලේ උද්ඝෝෂණය දිගටම

ගෝල්ෆේස් තනිනොකරමු තේමාව යටතේ ගාල්ල බස් නැවතුම අසල පැවැත්වෙන උද්ඝෝෂණයක කූඩාරමක් ඉවත් කිරීමට පොලිසිය උත්සාහා කිරීමේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. මෙම උද්ඝෝෂණය ඉකුත් 15 වැනිදා ආරම්භ විය.මෙහිදී නීතීඥවරුන් පිරිසක් මැදිහත්වී පොලිසිය සමග සාකච්චා කිරීමෙන් පසු ගැටුම සමතයකට පත් විය. උද්ඝෝෂණය දිගටම පැවැත්වේ.   – ගෝටාගෝගම ගාල්ල ශාඛාවට පොලිසියෙන් බාධා

udgosana

ජනාධිපතිට හා රජයට ඉවත් වන ලෙස වතුකරයේත් උද්ඝෝෂණ

ජනාධිපතිට හා රජයට ඉවත් වන ලෙස ඉල්ලමින් හැටන් මල්ලි අප්පුව මංසන්ධියේදි  උද්ඝෝෂණයක් පවත්වන ලදි. වතුකරය නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධාන කිපයක් එකට එක්ව මෙම උද්ඝෝෂණය පැවැත්වු අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව සදහා හැටන් පොලිසියේ නිලධාරින්ද යොදවා තිබුනි. මනුර සුදත් සෙල්ලහේවා

yagaya

මාතෘභූමිය බේරාගැනීමට මහා ගම්මඩු ශාන්තිකර්මයක් හා සන්නි යකුමක්

අඛණ්ඩව 09 වැනි දිනටත් මේ වනවිටත් නොනැවතී ඉදිරියට යන ගාලුමුවදොර විරෝධතා භූමියේ දී ඊයේ (16) රාත්‍රියේ දී  ගම්මඩු ශාන්තිකර්මයක් හා සන්නි යකුමක් සිදු කර තිබෙනවා. රට මුහුණපා ඇති විපත්වලින් මාතෘභූමිය බේරාගෙන, දෙවියන්ගේ ආරක්ෂාව මව් බිමට ලබාදෙන ලෙස ඉල්ලමින් සහ දූෂිත පාලනය මෙරටින් අතුගා දමන ලෙස දෙවියන්ට භාර කරමිනුයි මෙම තොවිලය පැවැත්වී ඇත්තේ.

gll

ගෝටාගෝගම ගාල්ල ශාඛාවට පොලිසියෙන් බාධා

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරගෙන ගාල්ලේදී පැවති විරෝධතාවයට අද උදෑසන පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ එහි තිබූ කූඩාරම් ගලවා ඉවත් කර තිබේ. ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන විරෝධතාවලට සහාය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණි. ‘ගෝටාගෝගම ගාල්ල ශාඛාව’ ලෙස එම විරෝධතාවයන් නම් කිරීමට ද කටයුතු කර තිබිණි.

poya

බක් පුර පසළොස්වක පොහොය අදයි

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මිණි පළඟක් වෙනුවෙන් චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කාළේ, අදවන් බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනකය.