oil

ඉන්ධන සැපයීම සීමා කරයි

සිපෙට්කෝ පිරවුම්හලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබේ. යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත් කළ හැක්කේ රුපියල් දහසක උපරිමවකට යටත්වයි. ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500 ක්ද,කාර් , වෑන් , ජීප් ඇතුළු අනෙකුත් වාහන සඳහා රුපියල් පන්දහසක ද ඉන්ධන නිකුත් කෙරනු ඇති. මෙම සීමා කිරීම් බස්රථ සහ සෙසු වාණිජ කටයුතු සඳහා භාවිත වන ඩීසල් වාහන සඳහා අදාළ…

weather

අද ගිගුරුම් සහිත වැසි

පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි…

sataka

කසල බෑග් වලට රතු සාටක

කොළඹ ගාලුමුවදොර විරෝධතාවේ යෙදෙන විරෝධතාකරුවන් විසින් එවන් විරෝධතා භූමියේ ඉවත දැමිය යුතු කසල සූදානම් කර අමුතු සැරසිල්ලක් සිදු කර ඇත. ඒවා කළු පැහැති කවර වල දමා රතු පැහැති සාටක ආකාරයේ පටි පලදවා ගාල්ල මූවදොර එක පෙළට තබා ඇති ආකාරය දකින්නට ලැබේ.  

police-aragla-bumiya
|

“දරාගන්න බෑ හාමුදුරුවනේ..! සියල්ලන් හැඬවූ පොලිස් නිලධාරියාගේ සංවේදී කතාව

“දරාගන්න බෑ හාමුදුරුවනේ..! මට ජොබ් එක නැතිවුණාට කමක් නෑ, මම පතල් වැඩ කරලා හරි ජීවත් වෙනවා…” සියල්ලන් හැඬවූ පොලිස් නිලධාරියාගේ සංවේදී කතාව නිල ඇඳුමින් ගාලුමුවදොර විරෝධතාකරුවන් අතරට ගොස් ඔවුන්ට සහාය දක්වන ප්‍රකාශයක් සිදු කළ පොලිස් සැරයන්වරයෙකුට විනය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. මෙම සිදුවීම මත අනාවරණ තොරතුරු මත නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත්, පොලිස් මාධ්‍ය කොට්ඨාසය…

gov

රජය තරුණ ප්‍රජාව සමග සාකච්ඡා කිරිමට සූදානම් වෙයි

රටේ පවත්නා අර්බුදය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව සමග සාකච්ඡා කිරිමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  පැවැසිය. රටේ පවත්නා දැඩි අර්බුදයට එරෙහිව තරුණ ප්‍රජාව පෙළ ගැසී සිටින මොහොතක අග්‍රාමාත්‍යවරයා තරුණයන්ට මෙම ඇරයුම කෙළේය. අර්බුදයට කඩිනම් විසැඳුමක් ඉල්ලා මේ වන විට තරුණයෝ දැඩි විරෝධතාවක ද නිතර සිටිති.

government information center

ස්වාධීන කණ්ඩායමෙන් දැඩි කොන්දේසි

ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීමට කොන්දේසියක් පනවා තිබේ. මෑතක දී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතා ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.  

parli

බිලී බාගැනිමේ ප්‍රතිපත්තිය නිසා පක්ෂ 11 ක් ගත් තීන්දුව

ශ්‍රීලනිප මන්ත්‍රී ශාන්ත බණ්ඩාර හා පියංකර ජයරත්න පක්ෂයේ ප්‍රතිපත්ති වලින් කඩා තමන්ට පක්ෂපාත කරගෙන වරදාන දීමනා හා ඇමතිකම් ලබාදුන් බවට ලබාදුන් වැරදි පූර්වාදර්ශය හේතුවෙන් ජනපති සමග අර්බුදය සාකච්ඡා කිරීම අත්හැර දැමීමට ශ්‍රීලනිප ප්‍රමුඛ පක්ෂ 11 කණ්ඩායම තීරණය කර තිබේ. එම පක්ෂ නායකයින් එක්වී සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ රැස්වීම…

nandalal
|

විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා රජය මඟින් විදේශයන්ට ගෙවිය යුතු ද්වීපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ඇතුළු සියලු ණය ආපසු ගෙවීමේ කටයුතු තාවකාලිව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය. එම මුදල් ගෑස්, තෙල්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය සඳහා යොදා ගන්නා බව ද කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ…

buli

අද සිට කෑන්වලට ඉන්ධන නෑ

ඩීසල් සහ පෙට්‍රල් පිරවුම්හල්වලින් කෑන් සහ බූලිවලට ඉන්ධන නිකුත් කිරීම අද (12) සිට 14 වැනිදා දක්වා දින තුන තුළ අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. භූමිතෙල් කෑන්වලට ලබාගැනීමට බාධාවක් නොමැති බවයි කියා සිටියි. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් අදාල ප්‍රදේශයේ කෘෂි පරීක්‍ෂණ නිලධාරියා හෝ ග්‍රාම නිලධාරීවරයාගේ සහතික සමඟ ඉන්ධන පිරවුම්හලට…