රට තුල ව්‍යාප්ත වන්නේ බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය  බවට සැකයක්

රට තුල ව්‍යාප්ත වන්නේ බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය බවට සැකයක්

දිවයින පුරා විවිධ ප්‍රදේශවල මේ වනවිට කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කොවිඩ් වෛරස් ප්‍රභේද පිළිබඳව නව පරීක්ෂණ ආරම්භ කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීවවිද්‍යා ආයතනය කටයුතුකර ඇත. බ්‍රිතාන්‍යයේ පැතිරී පවතින බී 117 විකෘති වයිරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරී ඇත්දැයි සැකයක් මතුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තවේද හා…

idh

IDH රෝහලේ ධාරිතාව ඉක්මවයි

IDH රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා මේ වන විට රෝගීන් ඇතුළුත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි. එහි රෝගීන් 120 දෙනෙකුට ඉඩ පහසුකම් පවතින අතර මේවන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි ප්‍රථිකාර ලබයි. එමෙන්ම  දැඩිසත්කාර ඒකකයේ ඇති ඇඳන් 08ම පිරී ඇති බව සඳහන් වේ.  

corona

පානදුරේත් කොරෝනා පොකුරක් මතුවෙයි

පානදුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන සේවක සේවිකාවන් 29 දෙනකුට කොවිඩ් – 19 වයිරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. අලුත් අවුරුද්දට ගමේ ගොස් පැමිණි සේවක සේවිකාවන් වෙනුවෙන් සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලදී මේ බව තහවුරුව ඇතැයි පැවසේ. කොරෝනා වෛරසය වැළඳී ඇති රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් හඳුනාගෙන…

Coronavirus-in-India
|

ඉන්දියාවට කොරෝනා සුනාමියක්

කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දියාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. විචාරකයින් පවසන්නේ ඉන්දියාව “කොරෝනා සුනාමියකට” මුහුණදෙමින් සිටින බවය. එරට සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමට ආසන්න බව එරට මාධ්‍ය වාර්තා කරයි. අසරණ රෝගීන් ඔක්ෂිජන් සහ වෙනත් ඖෂධ සහ ප්‍රතිකාර නොමැතිව මියයන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. දෛනික මරණ ගණන ඉහළ…

lockdown areas in sri lanka today

කුලියාපිටියේ පැත්තක් වසයි

කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ කිහිපයක් සංචණ සීමා පනවමින් හුදකලා කිරීමට අද (22දා) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළේය. කුලියාපිටිය නගරය, තුම්මෝදර, කනදුල්ල, පහළ වීරඹුව හා බටහිර දණ්ඩගමුව යන ප‍්‍රදේශ අදාළ සංචරණ සීමාවන්ට යටත් කරන ගම්මාන අතරට අයත් බවද වෛද්‍යවරයා පවසයි. ඉකුත් අවුරුදු සමයේ ජනතාවගේ හැසිරීම් හේතුවෙන් මෙසේ…

gampaha-corona

ගම්පහට කොරෝනා අවදානම වැඩි වෙයි

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කිහිපයක මේ වනවිට යළි කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ජනතාවගේ විශේෂ අවධානයක් යොමු විය යුතුයැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. අවුරුදු උත්සව පවත්වා ඇති රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් 9 දෙනකු සහ දිවුලපිටිය කොට්ඨාසයෙන් ආසාදිතයින් 19 දෙනකු හමුව ඇති බවත් දිවුලපිටිය ප්‍රදේශයෙන් විනෝද චාරිකාවකට එක්වූ 44 දෙනකුද මහර කොට්ඨාසයේ කර්මාන්තශාලාවකින්…

යාපනයේ ගැටුමක්

යාපනයේ ගැටුමක්

යාපනය පේදුරුතුඩුව අල්වායි උතුර ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයකු මිය ගොස් තවත් පස් දෙදෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි. බහින්බස්වීම දුරදීග ගොස් පහරදීමක් දක්වා වර්ධනය වී ඇති අතර පසුව දෙපිරිසම තියුණු ආයුධවලින් පහරදීගෙන ඇති බවත් එහිදී පිහි ඇනුමකින් බරපතල තත්ත්වයේ සිටි අයකු රෝහල්ගත කිරීමේ පසුව මිය ගොස් ඇත.

corona

දිස්ත්‍රික්ක කිහිපයක ආසාදිතයින් වැඩිවෙයි – අනතුරු ඇගවීම්

මාස දෙකකට පසුව මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ දිනයේදී වාර්තා විය. ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන 171ක් දෙනෙකු වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන් වලින් කොවිඩ් ආසාදිතයින් 43 දෙනෙක් බැගින් වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ. පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් දෙනෙකු…

සිසුන් 88ක් නිරෝධායනයට

සිසුන් 88ක් නිරෝධායනයට

දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේ සේවය කරන හෙදියකට හා ඇයගේ පුතුන් දෙදෙනාට කොවිඩ් ආසාදනයවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරියා පවසනුයේ මෙම හෙදිය හැටන් බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පදිංචි බවත් මෙම හෙදිය ඇයගේ සැමියා හා පුතුන් තිදෙදෙනා සමග අලුත් අවුරුදු සමයේ  ගාල්ල ප්‍රදේශයට ගොස්…

corona

පමුණුවෙත් කොවිඩ් පොකුරු – වෙළෙඳසැල් වසයි

මහරගම පමුණුව වෙළෙඳසැල් කිහිපයකින් කොවිඩ් – 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන තිබේ. මේ වන විට ආසාදිතයින් හඳුනාගත් පමුණුවේ වෙළෙඳසැල් දෙකක් වසා දමා ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය. මේ අතර පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ. අහඹු ලෙස තෝරාගත් පිරිසක් හා…