death

කොළඹ කොවිඩ් වැළඳුන 78ක් නිවෙස්වලම මියගිහින්

කොවිඩ් ආසාදනය හේතුවෙන් කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ පුද්ගලයන් 78 දෙනකු ගෙවී ගිය මාස 6 ක කාලය තුළ නිවස තුළ දීම මියගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් පැවසීය. නිවස තුළ හෝ රෝහලට ඇතුළත් කරන මොහොතේදී පුද්ගලයන් 383 දෙනකු මියගොස් ඇති අතර ඔවුනට සිදු කළ පීසීආර් පරීක්ෂණ මගින් 78 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව…

corona

දික්ඔය මන්ත්‍රිවරුන් පිරිසට කොවිඩ් නෙගටිව්

හැටන් දික්ඔය නගර සභාවේ සභාපති උප සභාපති ලේකම් ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් පිරිස කොවිඩ් ආසාදිතයන් නොවන බවට පි. සි. ආර්. පරික්ෂනවලින් අනාවරණයවී ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්නන් මහතා පවසයි. හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු කොවිඩ් ආසාදියකු ලෙසට හදුනා ගැනිමත් සමග එම නාගරික මංත්‍රිවරයා සමග තවත් නාගරික මන්ත්‍රිවරයකුගේ උපන් දින…

‘අවන්හලක ඉපදී මා මිය යනවා නම්’ – යන්න යයි
|

‘අවන්හලක ඉපදී මා මිය යනවා නම්’ – යන්න යයි

ප්‍රකට ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ අද (28) මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතයෙන් සමුගත්තේය. කලක් තිස්සේ දියවැඩියාව ඇතුළු රෝග කිහිපයකින් ඔහු පීඩා වින්දේය. ‘අවන්හලක ඉපදී මා මිය යනවා නම්’, ‘මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජීවිතේ’, දීග නොයන් රත්තරනේ, සමාව ඉල්ලා දෙපා සිඹින්නට ඇතුලු ජනප්‍රිය ගීත ගණනාවක්  ඔහු ගායනා කර තිබේ. කැලිප්සෝ කණ්ඩායමක ගී ගායනා කරමින්…

cinema

සිනමා ශාලා ජනවාරි 01 දා සිට විවෘත කිරීමට උපදෙස්

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී තිබේ. හුදෙකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි 01 වැනිදා සිට විවෘත කෙරෙනු ඇත. චිත්‍රපට නිෂ්පාදකයන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය ඇතුලු කලාකරුවන් රැසක්…

lockdown news today

තවත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලා කෙරේ

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත් මින්නන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ප්‍රදේශත් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල, කොට්ටල යන ප්‍රදේශ ද මෙලෙස හුදකලා කර ඇත. ඊයේ දිනයේදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් කොවිඩ් ආසාදිතයින් 150 දෙනෙකු වාර්තා වී තිබු බව කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය…

නිධානයක් ගැනීමට සූදානම්වූ කපුවෙකු අත්අඩංගුවට

නිධානයක් ගැනීමට සූදානම්වූ කපුවෙකු අත්අඩංගුවට

ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව අගවමින් වසරක පමණ කාලයක සිට කැණීම් කරමින් නිධානයක් ගැනීමට සූදානම්වූ කපුවෙකු හා තවත් පුද්ගලයෙකු සමග නිධන් හෑරීමට යොදාගත් උපකරණ ද සමග පසු ගිය දා අත් අඩංගුවට ගත් බව අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරීන් කියති. වැලිපැන්න පොලිස් වසමෙි ලූල් බද්දුව ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරන බවට අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ…

කොවිඩ් රෝගියෙක් නිවසින් පළා යයි

කොවිඩ් රෝගියෙක් නිවසින් පළා යයි

නිවසින් පළාගිය කොරෝනා වෛරස් ආසාදිතයෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. PCR පරීක්ෂණවලින් අනතුරුව ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු නිවසින් පළාගොස් තිබෙනවා. මාකොල උතුර, දේවාල පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරු නිමේෂ් මධුශංක නම් අයෙක්. තොරතුරක් ඇත්නම් ළගම පොලිස් ස්ථානයට හෝ 071 8591599 / 0112400315 අංක ඔස්සේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ පොලිස් හදිසි…

coronavirus news

නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ ආසියාවේ පළමු අසාදිතයා හමුවේ

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ B-117 නම් වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයෙන් පළමු වරට ආසියානු රටකින් ආසාදිතයෙක් වාර්තා වි තිබේ. නව ප්‍රභේදය සහිත රෝගියා 2020 අගෝස්තු මාසයේ සිට බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදී තරුණියකි. මෙම වෛරස් ප්‍රභේදය සහිත පළමු ආසාදිතයා සොයා ගැනීමට හැකිවූ බව සිංගප්පුරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. තවත් 11 දෙනෙකුට මූලික වශයෙන් ආසාදනය වී ඇති…

isolated areas in colombo

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

කොවිඩ් -19 ආසාදිතයින් බහුලව වාර්තාවීම හේතුවෙන් කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කර තිබේ. ඊයේ(26) මධ්‍යම රාත්‍රීයේ සිට එම ප්‍රදේශය හුදකලා කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

රුපියල අවප්‍රමාණයවීම වැළැක්වීමට මහ බැංකුවෙන් පියවර
|

රුපියල අවප්‍රමාණයවීම වැළැක්වීමට මහ බැංකුවෙන් පියවර

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණයවීම වැළැක්වීම සඳහා පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති බව පෙන්වා දෙයි. අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය ඉකුත් නොවැම්බර් මස නිරීක්ෂණය කළ අමෙරිකානු…