අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයම LockDown
අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කඩවත පොලිස් බල ප්‍රදේශයේ බංගලාවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
කටුනායක ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලා තුනකින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම ඉහළ යෑමත් සමග එක් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමන ලෙස කොවිඩ් කාර්ය සාධක බළකාය දැනුම් දී ඇත. නෙක්ස්ට් නමැති ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් පමණක් ඊයේ (20) වනතෙක් ආසාදිතයන් 211ක් වාර්තා වූ අතර චිෆ්වේ නමැති ඇඟලුම් ශාලාවෙන් 53 දෙනකු වාර්තා වී ඇත.
ඊයේ දිනය තුළ දී පමණක් මිනුවන්ගොඩ පොකුරෙන් කොරෝනා ආසාදිතයන් 180ක් අලුතෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව එම පොකුරේ මුළු ආසාදිතයන් ප්‍රමාණය 2342 දක්වා ඉහළ ගොස් ඇත.
අද (21) දිනයේ සිට නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් අඩු මගී ඉල්ලුම හේතුවෙන් නතර කිරීමට තීරණය කර තිබේ. කොරෝනා අවදානම හේතුවෙන් නගරාන්තර දුම්රියවල දෛනිකව ගමන් කරන මගීන් ප්‍රමාණය විශාල ලෙස අඩු වී ඇති බැවින් නගරාන්තර දුම්රිය කිහිපයක් ගමන්වාර අවලංගු කර ඇති අතර තවත් කිහිපයක ගමන්වාර සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොටුව පොලීසියේ රාජකාරී කටයුතු තාවකාලිකව නතර කර තිබේ. කොරෝනා ආසාදිත පොලිස් නිලධාරියා වාර්තා වීමෙන් පසු විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරින් සියලු දෙනාම මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති බවත්, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් 48ක් එම පොලිස් ස්ථානය තුලදීම නිරෝධායනයට ලක් කොට ඇත….
කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්ත දකුණු වෙරළ තීරයේ රික්ටර් මාපක 7.5 ක භූකම්පනයක් හටගෙන තිබෙනවා. භූකම්පනය හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ කිහිපයකට කුඩා සුනාමි රළ පහරක් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රළ පහරට පෙර වෙරළාශ්‍රිත නිවැසියන් වෙනත් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. කෙසේ වෙතත් භූකම්පනයෙන් හෝ රළ පහරින් සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති…
ඉමදුව ප්‍රදේශීය සභාවේ බහුකාර්ය ගොඩනැගිල්ල ඇඟළුම් කර්මාන්ත ශාලාවකට බදු දීමට අදාළ යෝජනාවක් ඉමදුව සභාවේ සභාපතිවරයා විසින් අද (20) දින පැවති ඉමදුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කිරීමත් සමඟින් එම ප්‍රා දේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වු අතර එහි දී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී (කෙසෙල් ඇවරිය) ඒ.ජී. අරුණ මහතා අදාළ යෝජනාවට විරෝධය පල කරමින් එම යෝජනාව ඉරා…
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියේ පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ විදුලි ඉංජිනේරු බල ප්‍රදේශ තුල ලංවිම විදුලි සේවකයින්ට තවමත් නිසි පහසුකම් ලබා දී නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමය කියා සිටියි. යම් හෙයකින් ලංවිම සේවකයන්ට ආසාදනය වී හෝ ඔවුන්ව නිරෝධානය යොමු කිරීමට සිදුවුවහොත් විදුලිය පවත්වාගෙන යාම බරපතළ ගැටලුවකට මුහුණ දෙනු ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන ලංවිම…