arest

නව ක්‍රීඩා අමාත්‍ය නාමල්ගේ නම විකුණු සැකකරුවෙකු අත්අඩංගුවට

නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස හඳුන්වමින් මහරගම පමුණුව  ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල පිහිටා ඇති නිවසක යුවළක් බලහත්කාරයෙන් පදිංචි කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු  මහරගම නගරයේ දී  අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය.  මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මහරගම පොලිසියට  ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වමින් සිටියදී අදාල පුද්ගලයාගේ කටහඬ හා ඡායාරූප කිහිපයක් මහරගම පොලිසියේ…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

කප්පම් ඉල්ලූ සිවිල් ආරක්ෂයන් දෙදෙනෙකු අත් අඩංගුවට

බෙලිඅත්ත ගල්වාඩිය ප්‍රදේශයේ නිවසකට පැමිණ නීති විරෝධී මත්ද්‍රව්‍ය අළෙවි කරන බවට චෝදනා කොට කප්පම් ඉල්ලු සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් දෙදෙ‌නෙකු බෙලිඅත්ත පොලීසිය විසින්  අත් අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලීසිය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන්නේ වීරකැටිය අග්‍රහැර ප්‍රදේයේ පදිංචි කරුවෙකු හා වීරකැටිය සිරිකදුර වත්තේ පදිංචිව සිටින පුද්ගලයින් දෙදෙනෙකු බව පොලීසිය කියයි. පොලිස් හදිසි ඇමතුම් අංශයට…

ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රාහි ප්‍රභල භූ චලනයක්

ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රාහි ප්‍රභල භූ චලනයක්

ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා හි ඇතිවූ භූ චලනයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (19) අළුයම 03.59ට පමණ මෙම භු කම්පන හටගෙන ගෙන තිබේ. ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේනයක් නිකුත් කරමින් සඳහන් කළේ,  ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි. මෙම කම්පන දෙකෙහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6 යි දශම 8 ක්…

කිකිළියෝ ඩිමාන්ඩ් වීමෙන් පාරිභෝගික ජනතාව අසිරුතාවට

කිකිළියෝ ඩිමාන්ඩ් වීමෙන් පාරිභෝගික ජනතාව අසිරුතාවට

හැටන් ප්‍රදේශයේ බිත්තර මිල ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් ප්‍රදේශයේ බිත්තරයක මිල රුපියල් 22ත් 24ත් අතර මිලකට අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ප්‍රදේශයේ ජනතාව පවසති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන ප්‍රදේශයේ බිත්තර වෙලදුන් පවසනුයේ බිත්තර තොග…

වලගෙදර කදුරුවත්ත ඇළ අවහිරවි ගොවි පවුල් 300 කගේ බඩට වදියි
|

වලගෙදර කදුරුවත්ත ඇළ අවහිරවි ගොවි පවුල් 300 කගේ බඩට වදියි

මතුගම , වලගෙදර ගොවිජනසේවා බල ප්‍රදේශයට අයත් වලගෙදර කදුරුවත්ත ඇළ වසර දහයක කාලයක් තිස්සේ වල් බිහිව ,අබලන්විම හේතුවෙන් ගොවි පවුල් 300 කට පමණ බත සැපයු කුඹුරු අක්කර 200 කට ගැටළු මතුව ඇතැයි ප්‍රදේශයේ ගොවින් කියති. වලගෙදර,ගල්මත්ත, කුරුදිප්පිට, වලගෙදර උතුර ග්‍රාමසේවා වසම් හතරක වතුරාව වෙල් යාය, මැටි මුල්ල, හීන් උඩුමුල්ල,වලගෙදර මිල්ල ගහවත්ත යාය ඇතුළු කුඹුරුයාය රැසක…

කිතුල් කර්මාන්තය අනතුරේ
|

කිතුල් කර්මාන්තය අනතුරේ

කිතුල් පැණි හා හකුරු නිෂ්පාදනයෙහිලා නකල්ස් දුම්බර මිටියාවතේ පිහිටි උඩුදුම්බර කළුගල ගම්මානයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එනමුත් මෑතක සිට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීමෙන් තමන්ගේ කර්මාන්තය පවත්වා ගැනීම අසීරු තත්ත්වයට පත්ව ඇතැයි කළුගල ගම්මානයේ සාම්ප්‍රදායික කිතුල් ආශ්‍රිත නිෂ්පාදකයන් පවසති. උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති දුෂ්කර ගම්මානයක් වන කළුගල ගම්මානය උඩුදුම්බර සිට කිලෝමීටර් දහතුනක් පමණ…

watercut

විදුලිය ඇණහිටීම නිසා ජලය බෙදා හැරීමේ කටයුතු ද අඩාල වෙයි

මුළු දිවයිනේම විදුලි බලය ඇණහිටීම නිසා ජලය බෙදා හැරීමේ කටයුතු ද අඩාල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. විදුලි බලය හදිසියේ ඇණ හිටීම ජල සැපයුමට සෘජුවම බලපා ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ. විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වුව ද ඇතැම් ප්‍රදේශවලට සාමාන්‍ය පරිදි ජලය බෙදා හැරීමට කිසියම් කාලයක් ගත…

පෘතුවියේ ඉහළම උෂ්ණත්වය වාර්තාවෙයි
|

පෘතුවියේ ඉහළම උෂ්ණත්වය වාර්තාවෙයි

පෘථිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයේ පිහිටි ඩෙත් නම් ජාතික උද්‍යානයෙන් වාර්තා වෙයි. ඇමරිකාවේ කාලගුණ වාර්තා අනුව එහි ෆැරන්ෆයිට් 130ක් හෙවත් සෙල්සියස් අංශක 54.4ක උෂ්ණත්වයක් වාර්තා වී තිබු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කැටයම් නැති පළමු පාර්ලිමේන්තු මංගල සැසිය

කැටයම් නැති පළමු පාර්ලිමේන්තු මංගල සැසිය

පාර්ලිමේන්තු මංගල සැසිය ආරම්භ කිරීමේ උත්සවය චාම් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම් වෙත දැනුම් දී ඇත. ඒ අනුව ත‍්‍රිවිධ හමුදා ආචාර පැවැත්වීම, ආචාර වෙඩිමුර පැවැත්වීම හා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග දෙපස සිට ආචාර කිරීම් ආදිය සිදු නොකරන ලෙස දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.  

Mahara prison

වැලිකඩ STF යටතට

ඉදිරි දින කිහිපය තුළ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් පවසයි. රැඳවූවන් බැලීමට පැමිණෙන අය පරික්ෂා කිරීමට හා රැඳවූවන්ට ලබා දීමට ගෙන එන පාර්සල් පරික්ෂා කිරීමට මෙන්ම බන්ධනාගාරයේ අවට ආරක්ෂාවටද පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබා ගැනීමට අවධානය යොමුව ඇතැයිද  සඳහන් වේ. බන්ධනාගාර තුළ…