watercut

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 09 ක් ජලය අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) පෙරවරු සිට පැය නවයක කාලයක් ජල සැපයුම අත්හිටුවයි. අද රාත්‍රී 08.00 සිට හෙට පෙරවරු 05.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේය. ඒ අනුව කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට…

coronaupdates

කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හමුවෙයි

ඊයේ දිනයේදී  ආසාදිතයින් 10 දෙනෙකු තහවුරු කරගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2673 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ඉන් නව දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් වන අතර අනෙක් තැනැත්තා එම පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි.

mask
|

මුඛ ආවරණ නොමැතිනම් 26,000ක් දඩ ගසයි

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වැසියන් වෙතද නීතියක් පණවමින්, ප්‍රාන්ත බලධාරීන් සිය නිවෙසින් පිටතට පැමිණෙද් දී අනිවාර්යයෙන්ම මුඛ ආවරණ (face mask) පැලඳ සිටිය යුතු බව සඳහන් කර තිබුණා. එම ප්‍රාන්තය තුළ අලුතින් හමුවන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සති දෙකක කාලයක් ඇතුළතදී ඉලක්කම් තුනක අගයක් දක්වා ඉහළ යාම මෙම තීරණයට හේතුව වී තිබේ. මෙම නීතියට අනුගත…

vote

තැපැල් ඡන්ද සළකුණු කිරීමට අද සහ හෙටත් අවස්ථාව

තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යයාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (24) සහ හෙට (25) අවස්ථාව හිමි වනවා. අද උදෑසන 08.30 සිට සවස 04.00 දක්වාත්, හෙට උදෑසන 08.30 සිට සවස 02.00 දක්වාත්, ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව…

breakingnews

කන්දකාඩු කොරෝනා රෝගියෙකු IDH රෝහලෙන් පනියි : මහජනතාව විමසිලිමත් වන්න

මුල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. මුල්ලේරියාව අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම ඡායරුපයේ සිටින තැනැත්තා මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වූ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවකුවන අතර මොහුගේ වම් කකුලේ අබාධයක් හේතුවෙන් ඇවිදින විට කොර ගසන තැනැත්තෙකි. මෙම තැනැත්තා සොයා ගැනීම සඳහා…

badweather

අද(24) පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි….

කිතුල් රා මැදීම වරදක් නොවේ

කිතුල් රා මැදීම වරදක් නොවේ

කිතුල් මැදීම හෝ රා නිස්සාරණයට බලපත්‍ර අවශ්‍ය නොමැති බවත්, රා මදින්නන්ට එරෙහිව නඩු නොපවරන ලෙසත් පොලිස්පතිවරයාගෙන් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, 2018 අංක 4 දරන සුරාබදු (සංශෝධන) පනත යටතේ කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදු කළ හැකි බවයි. එහෙත් ඇතැම්…

පදික මාර්ගවල නවතන රථවාහනවලට නිතිමය පියවර

පදික මාර්ගවල නවතන රථවාහනවලට නිතිමය පියවර

හැටන් නගරයේ පදික මාර්ග තුල නවතා ඇති රථ වාහන හිමියන්ට එරෙහිව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිසිය මගින් නිතිමය පියවර ගැනිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ පදික මාර්ග අවහිර වන අකාරයෙන් විවිධ රථ වාහන නතර කිරිමෙන් පදිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය. එම තත්වයන් මත පදික මාර්ගවල රථ…

covid infections and deaths

පොලොන්නරුවෙන් කොරෝනා ආසාධිතයෙකු හමුවෙයි

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් තවත් කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමග සෞඛ්‍ය අංශ ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොදවා තිබෙන බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි. ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ ඊයේ(23) අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගැමුණුපුර ප්‍රදේශයෙන් මීට පෙර හමුවූ කොරෝනා ආසාධිතයින්ගේ පවුල ජීවත්වන…

අවුරුදු 12ක දැරියකට බරපතළ ලිංගික අතවරයක්

අවුරුදු 12ක දැරියකට බරපතළ ලිංගික අතවරයක්

බුත්තල, ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ සැකකරුවෙකු සහ අනුබල දුන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත. අපයෝජනයට ලක්වූ දැරිය මෙම සැකකරුගේ ඥාති දියණියක් බවත් සැකකරුගේ බිරිඳ විසින් ඇයට යෝගට් එකක් ආහාරයට දී සිය නිවසට ගෙන ගොස් ඇති බවත් වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට…