ශ්‍රී ලන්කන් ලේජන්ඩ්ස්ලාට තවත් ජයක්

road-safty

රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම් අතර පැවැති තරගය ලකුණු 11කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කාණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුණි. දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 දැවී ලබාගත හැකිවූයේ ලකුණු 154ක් පමණි.

Read More

‘රෝඩ් සේෆ්ටි’ ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟයක් නවතී

road-safty

‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයත් කාන්පූර් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අත්හිටුවීමට සිදුව තිබේ. එංගලන්ත ලෙජන්ඩ් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගය අත්හිටුවුවද එම කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණක් ලෙස හිමිව තිබේ. මෙම තරගාවලියේ ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයක් ද මෙලෙස අත්හිටුවා තිබේ. එය ද අත්හිටවනු ලැබුවෙ අහපත් කාලගුණය හේතුවෙනි.

Read More

ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයකු හදිසියේ මිය යයි

umpair

ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයකු හා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන පාකිස්තානු ජාතික අසාද් රවුෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මිය යන විට අසාද් රවුෆ් 66 වැනි වියේ පසු වුණා.

Read More

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල විශිෂ්ඨ ජයක් ලබා ගනී

sri-lanka-legends

රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත් විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 78ක් පමණීයි. එංගලන්ත පිල‌ වෙනුවෙන් නායක ඉයන් බෙල් ලකුණු 15ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සනත් ජයසූරිය පන්දුවාර 4කදී කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය. ඔහුගේ එම පන්දුවාර 4න් පන්දුවාර 2ක්ම නිපන්දු පන්දුවාර වන අතර, සනත් විසින් ලබාදුන් ලකුණු සංඛ්‍යාව 3කි. නුවන් කුලසේකර කඩුළු 2යි. චතුරංග ද සිල්වා කඩුළු 2යි.…

Read More

ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් හා නෙට්බෝල් ශූරතාවන් දිනයි

asiacups

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට ඊයේ (11) රාත්‍රී සමත් වුහ. ඩුබායිහිදී ඊයේ රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 23 කින් පකිස්ථානය පරාජය කිරීමට සමත් වූහ. රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් විය. සුපිරි පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ ලකුණු 71ක් නොදැවී ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර පන්දු වාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණි. 2022 ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකර ගැනීමට සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත්…

Read More

අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් අතර අදයි

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් අතර අද (11) පැවැත් වේ. අද රාත්‍රී 07.30 ට ඩුබායි ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව අවස්ථා 05කදී ආසියානු කුසලානය දිනාගෙන ඇති අතර පාකිස්තානය අවස්ථා 02කදී ආසියානු කුසලානය ජයග්‍රහණය කර තිබේ. මීට පෙර ආසියානු කුසලාන අවසන් මහා තරග 03කදී මෙම කණ්ඩායම් 02 මුණගැසී ඇති අතර ඉන් අවස්ථා දෙකකදීම ජය හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

Read More

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

sl

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පකිස්ථානය සමග පැවැති තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජය ගත්තේ ය. ඩුබායිහිදී පැවැති  තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 121 ක් රැස් කළේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ කඩුළු 5 ක් පමණක් දැවී ජය වාර්තා කළේ ය. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටය අපරාජිතව අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. ශ්‍රී ලංකාව සහ…

Read More

ඉන්දියාව ආසියානු කුසලානයේ වාර්තාවක් තබයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග ඊයේ පැවති තරගය ලකුණු 101කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. ඩුබායිහිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 212ක් රැස් කළා. ලකුණු 213ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 111ක් පමණයි. මෙවර ආසියානු කුසලාන තරගාවලියේ කණ්ඩායමක් විසින් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි. මෙම තරගයේදී තම පළමු T20 ශතකය රැස් කර ගැනීමට විරාත් කෝලි සමත් වුණා. ඔහු නොදැවී ලකුණු 122ක් රැස් කළා.…

Read More

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

sl-in

ආසියානු කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තේය. ලකුණු 174 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5 ක් අවසානයේ දී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

Read More

පකිස්ථානයට කඩුලු 5ක ජයක්

in-pak

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට පකිස්ථානය සමත්වුණා. ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර දෙනාගේ වටයේ දෙවැනි තරගය ලෙසින් ඉන්දු – පාකිස්ථාන තරගය ඩුබාහි හිදී පැවැත්වුණේ 25000කට අධික ප්‍රේක්ෂක සහභාගිත්වයෙන්. මුලික වටයේදී මෙම පසමිතුරන් එකිනෙකා මුණ ගැසුණු අවස්ථාවේදී පාකිස්ථානුවන් අභිබවා ඉන්දියානුවන් නැගී සිටියා. ඉන්දියානුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 181ක් ලබා ගනිමින්. ඒ අනුව පාකිස්ථානය පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ආසියානු කුසලාන තරගාවලියේ තීරණාත්මක මීළඟ තරගය ලබන අඟහරුවාදා පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ…

Read More