පක්ෂ නායකයන්ට කරුණු නොදන්වා යළි සම්ප්‍රදායික රජයක් පිහිටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් හට අමාත්‍ය ධුර පිරිනැමීම හා අදාල අමාත්‍ය ධුර භාර ගැනීම මධ්‍යම කාරක සභාවේ හා පක්ෂයේ තීරණයට පටහැනි බව ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
Read MoreCategory: sri lankan politics news
රටේ ආර්ථිකය 25%කින් හකුළුවමු
මිත්‍ර රාජ්‍යයන් අපට උදව් නොකරන්නේ නම් රටේ ආර්ථිකය 25%කින් සංකෝචනය කරගෙන අප මෙම ආර්ථික අර්බුදයට මුහුණ දීමට වැඩපිළිවෙලක් සකස් කරගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. “ශ්‍රී ලංකාව ස්වෛරී බංකොලොත්භාවයක් (19) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව අපට නැවත තව දශකයකටවත් අන්තර්ජාතික වෙළඳපොලෙන් ණය ලබාගන්න අපහසුයි. දැනටමත් චීනය තමන්ගෙ තදබල විරෝධත්වය පළ කරලා තියෙනවා අපි ඒ අයගේ ද්විපාර්ශ්වීය ණය ආපසු නොගෙවීම සම්බන්ධයෙන්. ඒ නිසා අපි හිතන තරම් ඉක්මනට තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නතරවෙන පාටක් නම් නෑ. මේ ඉදිරි මාස කිහිපය ඇතුළත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා…
Read Moreඉක්මන් නොවුනොත් රට කඩා වැටේවී
අමාත්‍යාංශ ලේකම්වරුන් පත් නොකිරීම හේතුවෙන් සමස්ත රටම අකර්මන්‍ය වී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කඩිනමින් සාකච්ඡා කර අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අවශ්‍ය පුද්ගලයන් පිළිබද අවසන් තීරණයක් ගත යුතු බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය නෙත් නිවුස් කළ විමසිමකදී පැවසුවේ. කිසිදු පාර්ශවයක් අගමැති ධුරය සදහා නමක් යෝජනා නොකරන්නේ නම් ජනාධිපතිවරයාට, අගමැති ධුරය සදහා අවශ්‍ය කෙනෙකු පත් කිරීමට හැකියාව තිබෙන බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පැවසුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගකීම් විරහිතව කටයුතු කිරීම…
Read Moreඅලුත් නමක් අගමැතිකමට කැරකෙයි
අන්තර්කාලීන ආණ්ඩුවක අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ මහජන අරගලය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නම්‍යශිලිව ධුරයෙන් ඉවත් වන්නේ නම් එය යෝග්‍ය බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා ඉවත් නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් මගින් ඒ කටයුත්ත කිරීමට සිදුවන බවත් පැවසූ උන්වහන්සේ ධුරයෙන් ඉවත් නොවී රට අර්බුදකාරී තත්ත්වයට පත් කිරීමට…
Read Moreරටේ කඩා වැටීමක් අත ළඟ
මැයි මාසයේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් ද අවසන් වන අතර අලුතින් ණයක් ලැබෙන පාටක් තවම පෙනෙන්නට නැතැයි ද එසේ වුවහොත් ආර්ථික ප්රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට පැමිණිය හැකි යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පවතින ප්‍රශ්න කල් දමන්නට හැකියාවක් නැති අතර පාර්ලිමේන්තුවට මූල්‍ය බලය ගෙන “ගෝඨා ගෝ ගම” ඇතුළු සියලු තැන්වල සිටින තරුණ තරුණියන්ගේ ද අදහස් ලබාගෙන ඉදිරි පියවර ගත යුතුව ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. වර්තමානයේ පවතින තත්වය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි…
Read Moreමන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වන්න සුදානම්
පවතින අර්බුදකාරී තත්වය මත අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට දක්වන සහයෝගයෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. මෙම මන්ත්‍රීවරුන් දහතුන් දෙනා ස්වාධීන වී විපක්ෂයේ අසුන් ගතහොත් ආණ්ඩුවේ බහුතර බලය නිශ්චිතවම අහිමි යාමට නියමිතය. මීට පෙර ආණ්ඩුවෙන් හතළිස් එක් දෙනෙක් ඉවත්වූ අතර ඊයේ දිනයේ තවත් තුන් දෙනෙකු ඉවත් වූහ. මෙම 13 දෙනොගේ පිරිස ඉවත් වූවොත් ආණ්ඩුවෙන් ඉවත් වන මුළු පිරිස පනස් හත් දෙනකු දක්වා ඉහළ යයි.
Read Moreදේශපාලනයෙන් තොර වෙලා මේ රටේ අනාගතය හදමු
අරගලය පිළිබඳ යම් යම් මත තියෙන්න පුලුවන්, අරගලයේ අයිතිකාරත්වය ගැනීම තුල අනාගත දේශපාලන ගමන් ගැන හිතන්න පුලුවන්, හැබැයි දැන් රට ඉල්ලන්නේ ඒක නෙමෙයි. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ වලට, සියලු දේශපාලන නායකයන්ට අපි ඉල්ලීමක් කරනවා සුජාත භූමියක් තුළ මේ ඇති වෙලා තියෙන අරගලය ජය ගන්න අවශ්‍යය සහයෝගය ලබා දෙනවා මිසක් මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් මේ කළයුතු දේ අපි මේ වෙලාවෙදීවත් කරේ නැත්නම් අපි ආපස්සට ගිය ජාතියක් බවට පත් වෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු රාජ්‍යය අමාත්‍යය, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. ඒ මහතා…
Read Moreශාන්ත ශ්‍රීලනිපයේ පළු ගලවයි
කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර (11) රාත්‍රී කාලයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇතැයිද වාර්තා විය. නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවට සහාය ලබා දීමෙන් ඉවත් වී ස්වාධීන වන බවට ප්රතිපත්තියක සිටියදී ශාන්ත බණ්ඩාර ජනපති හමුවට ගොස් තනතුරක් භාර ගැනීම තවත් දේශාපාලන විහිලුසහගත ක්‍රීඩා පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කර තිබේ. මෙම නියෝජ්‍ය ඇමති ධූරය හිමිව තිබුනේ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුවයි. රාජපක්ෂ වරුන් තවදුරටත් ඇමතිකං නොකරන ප්‍රතිපත්තිය මත ඔහු එම තනතුරින් ඉවත්ව ඇති අතර ඒ වෙනුවට ශාන්ත බන්ඩාර…
Read Moreවැදගත් තීරණ නොගෙන අවසන්වූ ජනපතිගේ සාකච්ඡාව
රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳීමේ අදහසින් ඊයේ රාත්‍රී ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුවන්නට ගිය මෛත්‍රී සමග ශ්‍රීලනිප කණ්ඩායම, අනුර ප්‍රියදර්ශන සමග ස්වාධීන කණ්ඩායම හා වාසු ඇතුළු අනුබද්ධ පක්ෂ 11 කණ්ඩායම පැවැත්වූ සාකච්ඡා වැදගත් තීරණ නොගෙන අවසන්වී තිබේ. මෙම සාකච්ඡාවේදී හිටපු ජනපති මෛත්‍රිපාල 20 වන සංශෝධනය අහෝසිකර 19 යළි පිහිටුවමු යනුවෙන් ගෙනා යෝජනාවට ජනපති එකඟවී නැති අතර ජනපති පවසා ඇත්තේ 20 අඩුපාඩු තිබේ නම් ඒවා පමණක් සංශෝධනයට ලක් කළ හැකි බවයි. ඒ අනුව වාසුදේව නානායක්කර මහතා දන්වා ඇත්තේ 21 වන සංශෝධනයක් ඒ අනුව ගෙන ආ හැකි බවයි. ජනපති මොවුන් කැඳවා අන්තර්…
Read Moreජනපතිට – අගමැතිට වඩා වන්නිලැත්තන් හොඳ නායකයෙක්
ආදිවාසී නායක වන්නියලැත්තන් ජනාධිපතිතුමාට මෙන්ම අගමැතිතුමාට වඩා හොඳ නායකයෙක් බව පිළිගෙන තිබෙන බවත් කවුරුන් හෝ ගෙනත් මේ ප්රශ්නය විසඳිය යුතුව ඇති බවත් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
Read More