සිම්බාබ්වේ පිල දිවයිනට

සිම්බාබ්වේ පිල දිවයිනට

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. එම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගී වීමට නියමිතය. සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

ධනිෂ්ක යළි ක්‍රීඩා පිටියට
|

ධනිෂ්ක යළි ක්‍රීඩා පිටියට

SSC ක්‍රීඩා සමාජය විසින් ධනිෂ්ක ගුණතිලකට පනවා තිබු තරග තහනම ඉවත් කර තිබේ. ඒ අනුව ඔහු මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී SSC කණ්ඩායම වෙනුවෙන් හෙට (23) සිට පිටියට පිවිසීමට නියමිතයි.

ක්‍රිකට් ඇඟිලි ගැසීම් ගැන අරවින්ද කතා කරයි
|

ක්‍රිකට් ඇඟිලි ගැසීම් ගැන අරවින්ද කතා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සඳහා කුමන පුද්ගලයින් පත්කළ ද ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව සලසාදිය යුතු බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශේෂිතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට මෑතකදී ඇතුලත්වූ අරවින්ද ද සිල්වා පවසයි. කුමන පුහුණුකරුවෙකු පත් කළ ද ඔහුගේ කාර්යය ඉටුකිරීමට ඉඩ ලබාදිය යුතු බවත්, විවිධ ඇඟිලි ගැසීම්වලින් තොරව කටයුතු කරන්නට ඉඩ…

අර්ජුනගේ පදවිය මයියාට

අර්ජුනගේ පදවිය මයියාට

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින්15ක් පත්කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර්ව පත්කර ඇත. මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාය. මේ අතර හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ධූරය හිමිව තිබෙනවා. ඒ අනුව අදාළ කවුන්සිලය දව…

ශ්‍රී ලංකාවට පැන වූ ක්‍රිකට් තහනම තවදුරටත්
|

ශ්‍රී ලංකාවට පැන වූ ක්‍රිකට් තහනම තවදුරටත්

ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම තව දුරටත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අහමදාබාද්හි අද (21) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය ඉවත් කළ නොහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කර…

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය 6 වන වරටත් ඔස්ට්‍රේලියාවට

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය 6 වන වරටත් ඔස්ට්‍රේලියාවට

හය වන වරටත් එක්දින ලෝක කුසලානය දිනා ගැනීමට මීට සුළු මොහොතකට පෙර ඔස්ට්‍රේලියාව සමත් විය. ඒ, ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක පහසු ජයක් හිමි කර ගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 240ක් පමණි. කේ.එල්. රාහුල් ලකුණු 66ක්, විරාට් කෝලි ලකුණු 54ක් සහ රෝහිත්…

එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අද
|

එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අද

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතව තිබේ.තරගය අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.අවසන් මහා තරගය ආරම්භයට පෙර ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් කණ්ඩායම වීසින් ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

ඕස්ට්‍රේලියාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට

ඕස්ට්‍රේලියාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න් හිදී  පැවති තරගය කඩුලු 03කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස්කරගත්තේය. ජයග්‍රාහී ලකුණු 213ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 02ක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීම පිටුපස කුමන්ත්‍රණය මෙන්න
| |

ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීම පිටුපස කුමන්ත්‍රණය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් විවිධ මට්ටමින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රනකාරී වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පසුගිය වසර දෙක හමාරක කාලය තුළ කටයුතු කිරීමේදී අවබෝධ වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ක්‍රිකට් තහනමේ තිරය පිටුපස කතාව
|

ක්‍රිකට් තහනමේ තිරය පිටුපස කතාව

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත සිදු කළ බව ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය වාර්තා කරයි. මේ වන විටත් ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා මෙම තීරණය ගැනීම සඳහා රැස්වූ කමිටු රැස්වීමට සහභාගී කරවාගෙන ඇති බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය…