වෙබ්එළිස් කුසලානය දකුණු අප්‍රිකානුවන්ට

වෙබ්එළිස් කුසලානය දකුණු අප්‍රිකානුවන්ට

රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගයේදී එංගලන්තය ලකුණු 32 – 12 ක් ලෙසින් පරාජය කළ දකුණු අප්‍රිකානුවෝ තුන්වැනි වරටත් වෙබ්එළිස් කුසලානය දිනා ගෙන තිබේ. ජපානයේ යොකොහමා ක්‍රිඩාංගණයේදි මෙම රග්බි ලෝක කුසලාන තරඟය පැවැත්විණි. ඒහිදි දකුණු අප්‍රිකාව දඬුවම් පහර 6 කින් සහ ගෝල දිනුම් 2 කින් ලකුණු ලබාගත්තේය. එංගලන්ත කණ්ඩායම දඬුවම් පහර 4 කින් ලකුණු ලබාගත්තේය….

අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය අවසන් වේ!

අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය අවසන් වේ!

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලිය – 2019 හි අවසන් තරඟය බදාදා (30)දින සන්ධ්‍යාවේ කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විණි. යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි විසින් කරන ලද ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. තරඟාවලියේ අවසන්…

ශකීබ් අල් හසන්ට තරග තහනමක්

ශකීබ් අල් හසන්ට තරග තහනමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ නීති කඩකළ බවට චෝදනා ලැබු බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන්ට වසරක් අත්හිටවු වසර දෙකක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. 2018 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේදී පැවති තුන්කොන් එක්දින තරගාවලියේදී සහ එම වසරේම පැවති ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ ශකීබ් අල් හසන්…

වෛද්‍ය සමන්මලීට ලෝකඩ පදක්කමක්

වෛද්‍ය සමන්මලීට ලෝකඩ පදක්කමක්

දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවති ආසියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේදී කේවළ කාන්තා ඔරු පැදීමේ ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට වෛද්‍ය සමිතා සමන්මලීට හැකිවිය. මීට වසර 11කට පෙර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ප‍්‍රදර්ශනයක් අතරතුර සිදුවූ අනතුරකින් ආබාධිත තත්ත්වයට පත්වූ වෛද්‍ය සමිතා සමන්මලී දෛවයට අභියෝග කරමින් ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේදී ජාත්‍යන්තරය ඉදිරියේ…

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්!

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්!

විස්සයි 20 තරග බිමේ ශ්‍රී ලංකාවට දරුණුතම පරාජය උරුම කරදුන් සත්කාරක ඔස්ට්‍රේලියාව ඊයේ ඇඩිලේඩ් නුවර පැවැති පළමු විස්සයි20 තරගය ලකුණු 134කින් ජයගත්තේය. කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරාගත් නායක ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට අභියෝගයක් වන ආකාරයේ පිතිහරඹයක් දියත් කළ ඔස්ට්‍රේලියානු පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු…

ක්‍රීඩකයන්ගේ නම් ප්‍රේක්ෂකාගාර වලට

ක්‍රීඩකයන්ගේ නම් ප්‍රේක්ෂකාගාර වලට

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනකු ඇගයීම වෙනුවෙන් ප්‍රධාන ක්‍රීඩාංගණ දෙකක ප්‍රේක්‍ෂකාගාර 5 ක් එම ක්‍රීඩකයන් වෙනුවෙන් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර ඇත. ඒ් අනුව කොළඹ ආර්ග ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂකාගාර තුනක් හිටපු නායකයන් වන අර්ජුන රණතුංගල අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධන ප්‍රේක්‍ෂකාගාර ලෙසදල මහනුවරල පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂකාගාර දෙකක්…

ලෝක කුසලාන රග්බි අවසන් පුර්ව වටයේ තරග සති අන්තයේ

ලෝක කුසලාන රග්බි අවසන් පුර්ව වටයේ තරග සති අන්තයේ

2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය එළඹෙන සති අන්තයේ පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය, නවසීලන්තය, වේල්සය සහ දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබා ඇත. පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී  ඔස්ට්‍රේලියාව පරාජය කරමින් එංගලන්තය ජයගත් අතර දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදී අයර්ලන්තය පරාජය කරමින් ජයගත්තේ නවසීලන්තයයි. තුන්වන අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය පරාජය…

ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිම කොන්ත්‍රාත්තුව ඇන්ජිට – කෝටි 2.35 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිම කොන්ත්‍රාත්තුව ඇන්ජිට – කෝටි 2.35 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 34 දෙනෙකු වෙනුවෙන් නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමා ඇති බව වාර්තා වේ. මෙම නව කොන්ත්‍රාත්තු එළඹෙන නොවැම්බර් මාසයේ සිට මාස 14 ක් සඳහා වලංගු වේ. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 1.7 ඉක්මවනු ලබයි. හිටපු ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් මේ අනුව වැඩිම ගෙවීමක් ලබන ක්‍රීඩකයා බවට…

බංග්ලාදේශ ක්‍රීඩකයන් වර්ජනයක

බංග්ලාදේශ ක්‍රීඩකයන් වර්ජනයක

ඩකා ප්‍රිමියර් ලීග්, ජාතික ක්‍රිකට් ලීගය සහ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හි දැනට පවතින ගෙවීම් ව්‍යුහය හා පුහුණුවීම් පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු ඉල්ලීම් 11ක් මුල් කර ගනිමින් බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඉල්ලීම ඉටුවනතුරු සියළු ක්‍රිකට් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇත. ශකීබ් අල් හසන්, ටමීම් ඉක්බාල්, මුෂ්ෆිකුර් රහීම් සහ මහ්මුදුල්ලා වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මේ වර්ජන සටනේ පෙරමුණ…

පන්දු 100 ක්‍රිකට් තරගාවලි වෙන්දේසියෙන් ගේල්-මාලි හැලෙයි

පන්දු 100 ක්‍රිකට් තරගාවලි වෙන්දේසියෙන් ගේල්-මාලි හැලෙයි

විස්සයි විස්ස ආකෘතියේ විශිෂ්ටයන් ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකු එංගලන්තයේ ආරම්භවීමට නියමිත පන්දු 100 නව ක්‍රිකට් තරගාවලියේදී වෙන්දේසි නොවීම හේතුවෙන් ඉවතට විසිවීමට සිදුව ඇත. බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිස් ගේල් හා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග එංගලන්තයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී කිසිවකු හෝ මිළදී ගැනීමට ඉදිරිපත්ව නැති වීම විශේෂත්වයකි. විස්සයි 20 තරගවල අංක 1 පිතිකරු බාබර් අසාම්…