කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා එක් ප්‍රතිලාභියකුට රුපියල් මිලියන 05ක උපරිමයකට යටත්ව සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, වසර 05ක් ඇතුළත කෘෂිකාර්මික ව්‍යවසායකයන් 50,000ක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ ද සාක්ෂාත් කර ගත හැකි වන පරිදි අදාළ සහනදායී ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. අදාළ සහනදායී ණය යෝජනා ක්‍රමය යටතේ ප්රතිලාභීන්ගෙන් අය කළ යුතු පොලිය, හිඟ ණය මුදලින් වාර්ෂිකව 4%ක් වේ. ආයෝජන දිරිමත් කිරීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් නොමැති වීම කෘෂිකාර්මික අංශයේ ව්‍යවසායකයන් ඇති කිරීමට බාධාවක් ලෙස හඳුනා ගනු ලැබ ඇති අතර එම තත්ත්වය කෘෂිකර්මාන්තය සඳහා තරුණ ව්‍යවසායකයන්ගේ ආකර්ෂණය අඩු වීමට මෙන්ම, වගා නොකළ ඉඩම් ප්‍රමාණය ඉහළ යාමට හා ආහාර නිෂ්පාදනය පහළ යාමට හේතු වන බව ද නිරීක්ෂණය කර තිබේ.
එබැවින්, 2025 අය-වැය යෝජනාවක් පරිදි කෘෂිකර්ම හා කර්මාන්ත අංශයේ නියුතු ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය වසර 05ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන අතර, ප්‍රතිලාභියකුට උපරිම ණය පහසුකම වශයෙන් රුපියල් මිලියන 05ක් ලබා දීමට යෝජනා වී තිබේ.