ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇති අතර, එයට පදනම වූයේ ජුනි 30 වැනිදායින් අවසන් වූ මාස 6 තුළ සමූහය මෙන්ම බැංකුව මට්ටමින් අත් කරගත් ශක්තිමත් වර්ධනයයි.
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වෙත වාර්තා කර ඇති පරිදි සලකා බලන කාලසීමාව අවසානයේ සමූහයේ වත්කම්වල මුළු වටිනාකම රු. ට්‍රිලියන 3.13ක් වූ අතර, කොමර්ෂල් බැංකුවේ වත්කම් රු. ට්‍රිලියන 3.03ක් විය. එය මාස 6ක කාලයක් තුළ පිළිවෙළින් රු. බි. 255කින් (8.88%) හා රු. බි. 242කින් (8.66%) වර්ධනය වීමකි.
