loans

කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට රුපි­යල් මිලි­යන 05ක උප­රි­ම­ය­කට යටත්ව සහ­න­දායී ණය යෝජනා ක්‍රම­යක් හඳුන්වා දීමට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ. ඒ අනුව, වසර 05ක් ඇතු­ළත කෘෂි­කා­ර්මික ව්‍යව­සා­ය­ක­යන් 50,000ක් නිර්මා­ණය කිරීමේ රජයේ අර­මුණ ද සාක්ෂාත් කර ගත හැකි වන පරිදි අදාළ සහ­න­දායී ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව, මහ­ජන බැංකුව හා ප්‍රාදේ­ශීය සංව­ර්ධන බැංකුව සමඟ එක්ව ක්‍රියා­ත්මක කිරී­මට කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව ඇත. අදාළ සහ­න­දායී ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රති­ලා­භී­න්ගෙන් අය කළ යුතු පොලිය, හිඟ ණය මුද­ලින් වාර්ෂි­කව 4%ක් වේ. ආයෝ­ජන දිරි­මත් කිරීම සඳහා සහ­න­දායී මූල්‍ය පහ­සු­කම් නොමැති වීම කෘෂි­කා­ර්මික අංශයේ ව්‍යව­සා­ය­ක­යන් ඇති කිරී­මට බාධා­වක් ලෙස හඳුනා ගනු ලැබ ඇති අතර එම තත්ත්වය කෘෂි­ක­ර්මා­න්තය සඳහා තරුණ ව්‍යව­සා­ය­ක­යන්ගේ ආක­ර්ෂ­ණය අඩු වීමට මෙන්ම, වගා නොකළ ඉඩම් ප්‍රමා­ණය ඉහළ යාමට හා ආහාර නිෂ්පා­ද­නය පහළ යාමට හේතු වන බව ද නිරී­ක්ෂ­ණය කර තිබේ.

එබැ­වින්, 2025 අය-වැය යෝජ­නා­වක් පරිදි කෘෂි­කර්ම හා කර්මාන්ත අංශයේ නියුතු ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා සහ­න­දායී ණය යෝජනා ක්‍රම­යක් ක්‍රියා­ත්මක කිරී­මට රුපි­යල් මිලි­යන 500ක ප්‍රති­පා­දන වෙන් කර ඇත.

මෙම ව්‍යාපෘ­තිය වසර 05ක කාල­යක් සඳහා ක්‍රියා­ත්මක වන අතර, ප්‍රති­ලා­භි­ය­කුට උප­රිම ණය පහ­සු­කම වශ­යෙන් රුපි­යල් මිලි­යන 05ක් ලබා දීමට යෝජනා වී ති‌බේ.

More Stories