අපේ පොහොර අපිම හදමු

pohora

“අපේ පොහොර අපිම හදමු” තේමාව යටතේ කුඹුරු ගොවිතැනට ගොඩබෝග ගොවිතැන සඳහා කොම්පෝස්ට් පොහොර තමන් විසින්ම නිපදවා ගැනීම‌ සඳහා ව්‍යාපෘතියක් හඳුන්වා දීමට එප්පාවල පෝස්පේට් ආයතනය මහවැලි අධිකාරිය සහ ජාතික ගොවි සම්මේලනයේ සභාපති පූජ්‍ය මහාමාන්කඩවල පියරතන (පොස්පේට් හාමුදුරුවෝ) නාහිමියන් කටයුතු අරඹා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමටත් කාබනික පොහොර ප්‍රමාණවත් තරමට රට තුළ නොමැතිනම් පිටරටින් ආනයනය කිරීමටත් පසුගියදා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එහෙත් මේ වන විට රට තුළම සියළුම ගොවිතැන් වලට අවශ්‍ය ප්‍රමාණයට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ගැනීමට හැකි බවත් පිටරටින් රසායනික පොහොර ගෙන්වීමටත් වඩා කාබනික පොහොර ගෙන්වීම ඉතා භයානක කරුණක් බවත් එමඟින් අපේ රටේ පසට හානි විය හැකි බව ජාතික ගොවි සම්මේලනයේ සභාපති උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ද්වීතියික සංඝනායක එප්පාවල ඛෙත්තාරාම විහාරස්ථානයේ විහාරාධිපති මහාමාන්කඩවල පියරතන නාහිමියන් විසින් පෙන්වා දුන්හ.

2015 වර්ෂයේ සිට මේ දක්වා උන්වහන්සේ විහාරස්ථානයට යාබද කුඹුරේ මේ වන විට දේශීය සහල් හා කාබනික පොහොර යොදා ගොවිතැන් කටයුතු සිදු කරමින් මුළු මහත් සමාජයටම යහපත් වැඩදායි කාර්යයක් ඉටු කරමින් සිටිති.

උන් වහන්සේ විසින් මෙවර කන්නය සඳහා ද මඩතවාලු, කළු හීනටි, පච්චපෙරුමාල් ඇතුළු දේශිය සහල් සහ 100%ක් දේශීය තාක්ෂණීක ඥාණය උපයෝගී කර ගනිමින් සමස්ත සමාජයට කාබනික පොහොර භාවිතයට නැඹුරු වන ලෙස පෙන්වා දෙමින් සිටිති.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ගනු ලැබූ ඉතා වටිනා පියවර මඟින් ලාංකේය ගොවියා පමණක් නොව ලාංකේය
සියළු ජනතාවට ලෙඩ රෝග වලින් තොර යහපත් ජීළුන රටාවකට හුරු වීමට අවකාශ සැලසෙනු ඇත.

උන්වහන්සේ විසින් මේ වන විට කුඹුරු ගොවිතැනට අමතරව කුඹුරට යාබදව ඇති කුඩා ඉඩම් කොටසේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනාගාරයක් දආරම්භ කර ඇත.
ඒමඟින් කුඹුරට අවශ්‍ය පොහොර උන්වහන්සේ සිය විහාරස්ථානයෙන්ම නිපදවා ගනු ලබයි.

මේ පිළිබඳ අවධානය යොමු කළ එප්පාවල ලංකා පොස්පේට් රාජ්‍ය සමාගමේ සභාපති අනිල් රණසිංහ මහතා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඩබ්ලිව්.එම් සුගත් වීරසිංහ යන මහතා නායක ස්වාමීණ් වහන්සේ සමඟ එක්ව මහවැලි එච් කළාපයටම අවශ්‍ය කරනු ලබන පොහොර නිෂ්පාදනය කිරීම සඳහා මූලික වැඩසටහන එප්පාවල ඛෙත්තාරාම විහාරස්ථානයෙන් (31දා) දින ආරම්භ කරනු ලැබිණි.

ව්‍යාපෘතිය”අපේ පොහොර අපිම හදමු” යන්න නම් කර ඇත.ඒ අනුව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ගනු ලබන ආකාරයේ නිදර්ශකයක් උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ සිදු විය.පිදුරු වසුරු අතුරා එයට ගොම ගව මූත්‍ර මිශ්‍ර ජලය ඉසීමෙන් පසුව කෙසෙල් කඳන් කුඩා කැබලි කර විසුරුවා ඒ මත එප්පාවල රොක් පොස්පේට් කිලෝ පහක පමණ ප්‍රමාණයක් නැවත ගව මූත්‍ර සහ ගොම මිශ්‍ර ජලයට එක් කරයි.

ඒ මත ගිනිසීරියා වැනි ඉතා ඉක්මණින් දිරාපත්වන කොළ කැබලි අතුරා ඒ් මත පොලීතීන් වැස්මක් දැමූ පසුව දින 45කින් පසු සාරවත් කොම්පෝසට් පොහොර ලෙස භාවිතයට ගැනීමට හැකි බව උන්වහන්සේ විසින් පෙන්වා දුන්හ.

ඒ අනුව මේ පිළිබඳ මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ එච් කලාපයේ මහා පරිමාණයෙන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා අයෙකු සිටීනම් ඒ අයට මුල්‍ය අනුග්‍රහය මෙන්ම දැනුම ලබා දීමට තම ආයතනය සූදානම් බවයි.

එසේම පොස්පේට් ආයතනය විසින් එප්පාවල රොක් පොස්පේට් ආයතනය මඟින් ඉදිරියේ දී කාබනික පොහොර නිෂ්පාදනය සඳහා පොස්පේට් පොහොර නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමට කටයුතු කරන බව පොස්පේට් සමාගමේ සභාපතිවරයා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….