කොවිඩ් භයානක වෙද්දි සියලු සේවකයින් සේවයට කැඳවන්නේ ඇයි?

coronadelta

අගෝස්තු 02 වැනිදා සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාට දැනුම් දුන් පුවත මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.

ඒ් අනුව 2020-03-19 සිට රාජ්‍ය සේවය සම්බන්ධව ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබු කොවිඩ් චක්‍රලේඛ 09 ම අවලංගු කර ඇත.

රාජ්‍ය සේවකයන් බහුතරයකට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදී ඇති බැවින් සහ එන්නත්කරණය වේගවත්ව සිදුවන බැවින් රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට බාධාවක් සිදු නොවනු ඇති බවට මේ වන විට රජය තක්සේරුවට පැමිණ ඇත. ඒ් අනුව සියලුම සේවකයින් මෙලෙස කැඳවීමට තිරණය කර ඇත.

නමුත් මේ වන විට රටේ තත්ත්වය යහපත් නොවන බව රජය හැර සියලු දෙනාම පිළිගන්නා කරුණකි. විශේෂයෙන්ම බස්නාහිර පළාත අවදානම් සහිතය. මේ බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ ආනන්ද විජේවික්‍රම මහතාද  පැහැදිලිවම ප්‍රකාශ කර තිබුණි.

ඒ් ඩෙල්ටා ප්‍රභේදය හඳුනා ගැනීමෙන් පසු බස්නාහිර පළාතේ කොවිඩ් රෝගීන් වාර්තා වීමේ සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන රෝගීන් වැඩි වී තිබෙන බවටය.

කොවිඩ් 19 අසාදිත රෝගීන්ගේ වැඩිවීමක් මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්ද පෙන්නුම් කර තිබෙන බවත් මෙම රෝග දෙකේම රෝග ලක්ෂණ සමාන බවක් පෙන්නුම් කරන හෙයින් රෝග ලක්ෂණ පෙන්නුම් කරන මුල් අවස්ථාවේදීම රජයේ රෝහලක් වෙත පැමිණ වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබුනි.

එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසදිතව පැමිණෙන රෝගීන්ගෙන් වැඩි දෙනෙකුට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාවය මතුව තිබෙන අතර රෝගීන් වැඩි වීම අතින් නැවත මැයි මාසයේ පැවති තත්ත්වයට ගොස් තිබෙන බවද ඔහු පෙන්වා දී ඇත.

මේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද  කියා තිබුණි. ඒ් යළිත් වරක් කිසියම් ආකාරයකින් කොවිඩ් 19 ව්‍යාප්තිය හිස ඔසවමින් තිබෙන අතර අවදානම් සහ තීරණාත්මක මොහොතක පසුවන බවය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කර තිබුණේ වාර්තා වන රෝගීන්ගෙන් 50%කට පමණ ඔක්සිජන් අවශ්‍යතාවය පවතින බවය. මේ මොහොතේ නිවැරදි ලෙස කටයුතු නොකළහොත් රට නැවත වරක් වසා දැමීමේ අවදානමක් මතු විය හැකි බව ඔහුද අවධාරණය කර තිබුණි. .

දිනකට මරණ 50කට අසන්න වෙලා තිබෙනවා. මෙය භයානක තත්ත්වයක් බවත් මාසෙකට රෝගීන් 4000ක් 4500ක් අතර මිය යාවි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන් යැයි ඔහු කියා සිටියි.

මේ අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාද කියා තිබුණේ මේ අවස්ථාවේ සියලුම සේවකයින් සේවයට කැඳවීමට ගත් තීරණය ගැටලු සහගත බවය. මන්ද වෛරස් ව්‍යාප්තිය ඉහළ යාමක් පෙන්නුම් කර අවස්ථාවේ රජය මේ තීරණය ගැනීම ගැන ඔහු එකඟ වන්නේ නැත.

ආණ්ඩුව කියන ආකාරයට එන්නත් මාත්‍රා දෙකම බොහෝ අය ලබා ගෙන ඇති නිසා ඔවුන්ව රැකියාවට කැඳවීම ගැටලුවක් නැත. නමුත් කැපිටල් මහරාජා ආයාතනයේ හිමිකරු, මීගමුවේ හා ගාල්ලේ පුද්ගලයින් දෙදෙනෙකුද මිය ගියේ මේ එන්නත් දෙකම ලබාගෙන තිබියදී කොවිඩ් වැළඳි බව අපට අමතක නැත. එසේම මේ වන විට එන්නත් දෙකම ලබාගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාද මේ වන විට කොවිඩ් ආසාදිතයෙකු වී ඇත.

කොළඹ ජාතික රෝහලේද මේ වනවිට තත්ත්වය ඉතාම භයානක ත්ත්වයකට පත්ව ඇත. එහි කාර්ය මණ්ඩලයෙන් 250 කට වැඩි පිරිසක් මේ වනවිට කොවිඩ් ආසාදිතව ඇත. ගිලන් රථ රියදුරන්ද ඒ් අතර වේ. මේ නිසා කොළඹ ජාතික රෝහලේ ගිලන් රථ වලට මේ දිනවල හමුදා නිලධාරින් යොදවා ඇත.

එසේම දුම්රියේ, බස් රථයේ යන විට මීටර දෙකේ දුරක් තියා මීටරයේ දුරක්වත් නැත. පොකුරු පිටින් ගමන් කරනු දක්නට හැකිය.

මෙවන් අනාරක්ෂිත පසුබිමක් තුල සියලු සේවකයින් සේවයට කැඳවීම තුල ඇත්තේ සේවකයින් වෛරසයට ගොදුරු කරවීමක් නොවන්නේද?

ශානිකා

aithiya

sri lanka xxx,sri lanka xxx video,sri lanka xxx videos,sri lanka xxx sex,ca sri lanka,ca sri lanka student login,ca sri lanka exam results,ca sri lanka login,ca sri lanka exam time table,ca sri lanka past papers,ca sri lanka webinars,ca sri lanka study pack download,sri lanka sex,lanka sex,sri lanka sex video,sri lanka sex videos,lanka sex video,sri lanka sex vedio,lanka sex videos,sri lanka sex..com,island cricket,sri lanka map,sri lanka map png,sri lanka map vector,sri lanka map sinhala,

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….