කෝට්ටේ රජමහා විහාරයේ 120 වැනි දළදා පෙරහැර මංගල්‍යය

ඓතිහාසික කෝට්ටේ රජමහ විහාරස්ථානයේ වාර්ෂික පවත්වන ලද 120 වැනි දළදා මංගල්‍යය පුණ්f්‍යාත්සවයේ අවසන් මහා දළදා පෙරහැර 2020 අගොස්තු මස 29 වන දින රාත්‍රියේදි විථි සංචාරය කෙරිනි.

විහාර මංදිරයේ තැම්පත් කර තිබු සරවඥධාතුන් වහන්සේ සහිත කරඩුව හිස මතින් ධාතුමංදිරය වෙත වැඩම කරවීම ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකල අතර දළදා කරඩුව හස්තිරාජයා මත සුභ මුහුර්ථයෙන් තැම්පත් කිරිම ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකලේය.

මෙම පෙරහැරේ දළදා වහන්සේ තැම්පත්කල සධාතුක කරඩූව කෝට්ටේ රාජා හස්තිරාජයා පිට වැඩම කිරිම සිදූ කරනු ලැබු අතර, හිලැ අලි ඇතුන් රාශියක් ද ඉතා අලංකාර ලෙස පෙරහැරේ ගමන් කරන ආකාරයද දක්නට ලැබිණි.

උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායික නර්ථනාංග රාශියකින් හා වෙනත් දේශිය සංස්කෘතික අංගයන් රැසකින් සමන්විත දළදා පෙරහැර වීථී සංචාරය කෙරිනි. පෙරහැර විහරස්ථානයේ නැගෙනහිර වාහල් කඩින් පිටත්වී ප්‍රධාන මාර්ගයට පිවිස රජමහ විහාර පාරට හැරි විහාරස්ථානය වටා ඇති මාර්ගයේ ගමන් කර විහරස්ථානයට පිවිසෙන ප්‍රධාන මර්ගයෙන් පැමිණ ඉදිරිපස ප්‍රධාන වාහල් කඩින් නැවත පෙරහැර විහාරයට ගෙවදීම සිදුවිය.

එසේම සමිප්‍රධාණුකුල නැටුම් වැයුම් සමගින් විෂ්ණු, කතරගම, සමන්, පත්තිනි, විභිෂණ සතර දේවාලයන් හි දේවාභරණ හස්තීන් මතින් වැඩම කරවීම ද පෙරහැරේදි සිදූ කෙරිනි. කෝට්ටේ රාජමහා විහාරයේ බස්නායක නිලමෙවරයා වන දායක සභාfවි සභාපති නිශාන්ත සෙනෙවිරත්න මහතා ඇතුළු සතර මහා දේවාල භාර නිලමේ වරුන්ද පෙරහැර ගමන් කලේය.

අති පුජ්‍ය අළුත් නුවර අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ අනුශාශනා පරීදි කෝට්ටේ රජමහ විහාරස්ථානයේ වැඩසිටින ස්වාමින් වහන්සේලා හා විහාරස්ථාන දායක සභාව විසින් පෙරහැර සංවිධානය කර තිබිනි. පෙරහැර නැරඹිම සදහා මහාසංඝරත්නය හා දෙස් විදෙස් බැතිමතුන් වීශාල පිරිසක් පෙරහැර ගමන් ගත් මාර්ග දෙපස සිටින අකාරයද දැකගන්නට ලැබිනි.

ඉන් අනතුරුව පුරාණ චාරිත්‍රානුකුලව අගොස්තු මස (30) වැනි ඉරුදින උදැසන කෝට්ටේ යුගයේ පටන් ඓතිහාසික ස්ථානයක් වන දියවන්නා ඔය තොටුපලේ දිය කැපිමේ මංගල්‍ය පෙරහැර එම ස්ථානයට ගොස් දිය කැපිමේ චාරිත්‍රය ඉටුකර නැවත එදිනම සංද්‍යාවේ පෙරහැරකින් විහාරස්ථානයට ගෙවදිමෙන් පසු සවස දේව දානය පිරිනමා ගරායක් ශාන්ති කර්මයෙන් අනතුරුව මෙවර කෝට්ටේ රාජ මහා විහාරයේ ඇසල පුජොත්සවයේ වැඩ කටයුතු අවසන්විය.

සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….