ඩෙංගු මර්දන වැඩසටහනට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය

ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාසියලු පළාත් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දුන්නේය.

ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍යතාව අනුව, ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහාය ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට උපදෙස් දී ඇත.

ගෙවී ගිය සතිය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 1896ක් වාර්තා වී අතර සමස්ත රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එය ආසන්න ප්‍රතිශතයක් ලෙස 49% ඉක්මවා ඇත.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 21%ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 18%ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 7%ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත. ඒ අතරින් කොළඹ මහ නගර සභා ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 3.4%ක් වාර්තා වී තිබේ.

මීට අමතරව ත්‍රිකුණාමලය, මඩකලපුව, මහනුවර, ගාල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කවලින්ද සැළකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා ‍වී තිබේ.
කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පසුගිය සතියට වඩා රෝගීන්ගේ යම් වැඩි වීමක් වාර්තා වෙයි.
ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පිළිබඳ සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගෙන් කළ විමසීම අනුව ලබා දුන් තොරතුරු පහත පරිදි වේ.
මේ වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 6678 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 7166 ක්ද, කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්1902ක්ද වශයෙන් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15,746කි.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 209 ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 155ද වශයෙන් උතුරු මැද පළාතෙන් මේ වසරේ ඩෙංගු රෝගීන් 364ක් වාර්තා වී ඇත.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1481 ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගයෙන් 503 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 57ක් වශයෙන් මධ්‍යම පළාත තුළින් මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2401 කි. සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 2කි.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 445ක් සහ මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 111ක් ද වශයෙන් ඌව පළාතෙන් ඩෙංගු රෝගීන් 556ක් වාර්තා වී තිබෙන අතර එක් මරණයක් වාර්තා වී තිබේ.
2023 වසරේ සබරගමුව පළාතෙන් ඩෙංගු රෝගීන් 1878ක් වාර්තා වී ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 708 ක් සහ එක් මරණයක් වාර්තා වී තිබේ.කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1170 වාර්තා වී ඇති අතර මරණ වාර්තා වී ‍නොමැත.
වයඹ පළාත තුළ මේ වසරේ ඩෙංගු රෝගීන් 3 ,458ක් වාර්තා වී ඇති අතර ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1069 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2389ක් වශයෙනි. වයඹ පලාත තුල වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 3 කි.
දකුණු පළාත තුළ මේ වසරේදී ඩෙංගු රෝගීන් 1966ක් වාර්තා වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 918ක්ද, මාතර ඩෙංගු රෝගීන් 536ක්ද, හම්බන්තොට ඩෙංගු රෝගීන් 512ක්ද වාර්තා වී ඇත. දකුණු පළාත තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 108ක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 106ක් ද, අම්පාර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 55ක්ද වශයෙන් නැගෙනහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 269ක් වාර්තා තිබේ. නැගෙනහිර පළාත තුළ ඩෙංගු මරණ 03ක් මේ වන විට වාර්තා වී ඇත.
උතුරු පළාතේ ඩෙංගු රෝගීන් 1326ක් වාර්තා වී ඇති අතර, යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1121ක්ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 51ක්ද, මන්නාරම දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 27 ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 33ක්ද, වවුනියාව දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 94ක්ද වාර්තා වී ඇත. උතුරු පළාත තුළ ඩෙංගු මරණ 02ක් මේ වන විට වාර්තා වී තිබේ.

මේ වන විට ඩෙංගු වෛරසයේ 2 සහ 3 ප්‍රබේද වැඩි වශයෙන් වාර්තා වන අතර ඩෙංගු වෛරසයේ 3 ප්‍රබේදය පැතිරෙන්නේ වසර 14 කට පසුවය. ඒ සඳහා ප්‍රතිශක්තිය අවම බැවින් ඩෙංගු රෝගය පැතිරීමට ඇති අවස්ථා ද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

රෝග නිවාරණය වෙනුවෙන් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ ඒ යටතේ ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව පළාත් ප්‍රධාන ලේකම්වරු අද තහවුරු කළහ.

ඒ අනුව මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කර පිරිසිදු කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු අනෙකුත් ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම, නාගරිකව හා ග්‍රාමීයව සියලු නිවාස සහ වෙළෙඳ සැල් පරිශ්‍ර පරීක්ෂාවට ලක් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් දැනුවත් කිරීම්, ඩෙංගු රෝගීන් හඳුනා ගන්නා ප්‍රදේශ වෙත ගොස් අවට ස්ථානවල ඩෙංගු රෝග වාහක මදුරුවන් විනාශ කිරීම, දුමාරණය,ස්ථානීය පරීක්ෂාවන් සිදු කර මදුරු කීටයන් හඳුනා ගැනීම, නිවාස හා ආයතන පරිශ්‍ර පිරිසිදුව පවත්වා ගෙන යාමට අපොහොසත් වන්නන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආදිය මඟින් ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද පළාත් ප්‍රධාන ලේකම්වරු පෙන්වා දුන්හ.

මේ අතර සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශවල මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ජනතාවගේ ද සහාය උපරිමයෙන් අවශ්‍ය බවයි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….