මංගල ලා නිර්මානය කළ රාජ්‍ය විසින් මංගලගේ ජීවිතය පැහැර ගැනීම

mangala

චන්ද්‍රිකාගමනය කියන්නේ ලංකාවේ බලාපොරොත්තුවක්..හැවෝම මේ රට නවීකාරක රාජ්‍යක සිහිනය මේ ආගමනය සමග දැක්කා. මිනී කඳු අතරින් තමයි චන්ද්‍රිකාව පායා ආවේ. මිනිස්සුන්ට යුක්තිය ගැන නොනිමි බලාපොරොත්තුවක් තිබුණා. මව් පෙරමුණු බිහිවුණා. අහිංසකයින්ගේ ආරාම හැදුනා. සුදු නෙළුම් පාර දිගට පිපුනා. තවල් ගියා. උතුරු දකුණු සහජීවනය ගැන අලුත් බලාපොරොත්තු ලියලා ආවා. ලේ වැකි ඉතිහාසයක් රෝසමල්මය අනාගතයකින් වහලා දාන්න බොහෝ දෙනෙක් කැපවුණා. මංගලත් මතුවෙලා එන්නේ ඒ කැපවීමේ ප්‍රතිපලයක් විදිහට.

ඊටපස්සේ ආවේ මහින්දාගමනය. මහින්දාගමනය අස්සෙත් මිනිස්සු හීන දැක්කා. පොඩි මිනිහා උස්සලා දිව්‍යලෝකෙට වීසිකරන්න මැදමුලනෙන් ආපු රැවුල්කාර දෙයියා විදිහට තමයි, මහින්දව මිනිස්සු ගැහැනු පිළිගත්තේ. දකුණේ මහින්ද රට හරවයි කියලා, දකුණ වමට හරවපු මංගල ඇතුලු ගොඩාක් අය එදා හිතුවා. ඔවුන් ඒ සඳහා වැඩකළා… ඊළඟට ආවේ 2015 මෛත්‍රීගමනය. ලේවැකි ඉතිහාසයක් පිළිබඳ ප්‍රශ්නයට වඩා රට පවුලකින් ගලවා ගැනීමේ ප්‍රශ්නයක් තමයි හැවෝටම තිබුණේ.

2005 ඉඳලා 2015 වෙනකම් පැවති ඒකාධිපති පවුල් පාලනයක බිහිසුනු අත්දැකීම් එක්ක ගොඩක් දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදයේ අලුත් බලාපොරොත්තු සමග ඒ දේශපාලන ව්‍යාපාරයට එකතුවුණා. මංගල කියන්නේ ඒ රැල්ලෙත් මුල් චරිතයක්. මේ ගොඩක් රැලිවලදි මංගල තමන්ගේ ඉතිහාසය එක්ක නැවත නැවතත් සටන් කළා කියලයි මට හිතෙන්නේ. තමන් මූලික වෙලා හදපු බොහෝ රැලි රට විශාල ආගාධයකට අරගෙන ගිහිං තිබුණා.. ඉතිං එයට විරුද්ධව නැවතත් සටන් කරන්න වුණා මංගලට. මංගල ඒ හැම සටනක්ම උද්‍යෝගයෙන් සහ ආසාවෙන් කළා කියලයි මට හිතෙන්නේ. එනිසා ඔහු හැමදාම උද්‍යෝගී දේශපාලන සත්වයෙක්. සටන් කාරයෙක්.

මේ වෙනකොට ලංකාවේ සීරියස් දේශපාලන චරිත හෝ නායකයෝ දකින්න හරිම අඩුයි. එවැනි තැනක මංගල ලකුණ වෙනස් දීප්තියක් තමයි අරගෙන ආවේ. ඔහු ක්‍රියාවේදී යම් පරතරයක් පෙන්නුවත්, ඔහු කතාකරපු ලිබරල් සමාජසාරය අපි බොහෝ දෙනෙක් ගේ ජීවිතාසාව වැඩිකලා. ඔහු මුදාහැරිය අදහස් පද්ධතිය අපි හැවෝටම අලුත් ඇසක් දුන්නා ජීවිතය සහ සමාජය අලුත් විදිහකට දකින්න. විශේෂයෙන් වාටියට විසිවුණ සමාජ කොටස් වෙනුවෙන් ඔහුකළ අරගලය අපිට බොහෝ පාඩම් ඉතුරු කළා.

අනාගත නායකයෙක් මේ රට දියුණු රටක් කරන්න අදහස් කරනවා නම් මංගලට තිබුණ ඔහු නිතරම කතා කළ නමුත් ඔහුට තමන් ප්‍රතිපත්ති සම්පාදක භූමිකාවේ සිටියදී කරගැනීමට නොහැකිවූ, ඒ අදහස් සහ යෝජනා ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරිය යුතුයි. ඒ මන්ද දියුණු ලංකාවක් නවීන ලංකාවක් සඳහා ඒ අදහස් සහ ප්‍රතිපත්තීන් ඉතාමත් වැදගත් නිසා..

1994න් පස්සේ මංගලා ප්‍රමුඛව ගොඩනඟපු රාජ්‍ය තමයි අද මේ විශාල අර්බූදයක ගිලිලා ඔක්සිජන් දෙමින් බොහොම අමාරුවෙන් පවත්වාගෙන යන්නේ. ඇත්තටම මංගල එහිම ගොදුරක් වීම ගැන මට විශාල දුකක් තිබෙනවා.  මේ ඉතිහාසය නිර්මානය කරන්නට දරදිය ඇද්ද, තවමත් ජීවග්‍රහයෙන් සිටින නායකයින් කල්පනා කළ යුතු දෙයක් මේක. අවුරුදු 60 වැඩි මිනිස්සුන්ට වැක්සීනය නියමිත වෙලාවට දුන්නේ නැති එක රාජ්‍යයේ ප්‍රශ්නයක්.. ඔව්.. මේවා ඝාතන සේ අපි ගතයුතුයි.  අපේ දෙමාපියෝ අපිට උරුම කරපු රට තමයි මේක. අපිත් එයම අපේ දරුවන්ට උරුම කරනවාද? මෙවැනි මරණ හරහා හෝ අපේ පරපුර කල්පනා කළ යුතුයි.

ඒ නිසා මංගල නම් භෞතිකය පොළව සමග මුසුවුණත් මංගල නම් සාරය හැමදාම පවතීවි. ඒ සාරය සමග මෙවැනි වසංගතයක දී හෝ කෙළින් සිට තමන්ගේ පුරවැසියා ආරක්ෂා කරගන්නට පුලුවන් රාජ්‍යක් සාදාගැනීමට වෙහෙස වීම මංගලට කරන ගෞරවයක්.. ඉතිං සුබ ගමන් මංගල..!

කේ. සංජීව

aithiya

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….