මොකක්ද මේ ෆිච් රේටින්ස් ආයතනය කියන්නේ?

රේටින්ග්ස් ආයතන නැත්නම් ශ්‍රේණිගත කිරීමේ ආයතන කියලා කියන්නේ කිසියම් රටක ණය ගෙවීමේ හැකියාව ගැන තක්සේරුවක් ඉදිරිපත් කරන ආයතනවලට. කෙනෙකුගේ ණය ගෙවීමේ හැකියාව තීරණය වෙන්නේ කලින් සිදු කරපු මූල්‍ය ගනුදෙනුවල ස්වභාවය අනුවයි. උදාහරණයක් විදිහට රුපියල් 1000 ආදායමක් තියෙන කෙනෙක් රුපියල් 1000ට වඩා වියදම් කරනවා නම් එයාට ණය ගන්න වෙනවා තමන්ගේ අනෙක් වියදම් පියවා ගන්න. ඒ වගේ කෙනෙක්ට ණය ගෙවා ගන්නත් බැරි වෙලා ආයෙ ආයෙත් ණය ගන්න වෙන්නත් පුළුවන්. ඉතිං ඔය වගේ කෙනෙක්ගේ ණය ගෙවීමේ හැකියාව සතුටුදායක නෑ කියලා කියන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට ණයක් දෙන්න කලින් කෙනෙක් දෙපාරක්වත් හිතනවා. අන්න ඒ වගේ රටක ණය ගෙවීමේ හැකියාව මනින්න තක්සේරු කරන්න තමයි මේ කියන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තියෙන්නේ. ෆිච් රේටින්ස් කියන්නේත් ඒ වගේ ආයතනයක්. මීට අමතරව මූඩීස් (Moody’s Investors Services Inc) සහ (Standard & Poor’s) වගේ තවත් ආයතන තියෙනවා.

ණය ශ්‍රේණිගත කිරීමකින් ශ්‍රී ලංකාව පහත වැටෙන වෙලාවේ ෆිච් රේටින්ග්ස් ආයතනය කියන්නේ ලංකාව ණය වෙළදපල තුල ෆේල් කියලා එහෙම වෙන්න හේතුව අපේ ණය වෙළදපල විතරක් නෙමේ සාමාන්‍ය වෙළදපලත් ෆේල්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෑතකදි, ලංකාවට දෙවනි වාරිකය දෙනවාද කියලා තීරණය ගන්න කරපු සාකච්ඡාවකදීත්, ලංකාව කොයිතරම් ගැළපුම් ඇති කර ගෙන තිබුණත් ආර්ථිකය සංකෝචනය වෙලා 2023 දෙවනි කාර්තුවේදී දළ ජාතික නිෂ්පාදිතය 3.1% වගේ කුඩා අගයක තියෙන්නේ කියලා අවධාරණය කරලා තියෙනවා. ඒ කියන්නේ තාමත් ලංකාවේ ජාතික නිෂ්පාදිතය අඩු නිසා ඉපයුම් අඩුයි. ඒ නිසා ණය ගෙවීමේ හැකියාව අඩුයි. මේ නිසා තාමත් ලංකාව ඉන්නේ අසීරු තත්ත්වයක.

පහත වැටිලා තිබුණ ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම ‘RD’ ඉඳලා ‘CCC-‘ දක්වා ඉහල යන්න හේතු වුණේ මොකක්ද? ඒකට ප්‍රධානතම හේතුව තමයි 2023 ජූලි මාසයේදී දියත් කරපු ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්ත කිරීමේ (domestic debt optimisation -DDO) සැලැස්මේ දේශීය මුදල් කොටස සම්පූර්ණ කිරීම. ඒකට ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් සහ නව භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් සඳහා තාවකාලික අත්තිකාරම් අයත් වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා IMF හි විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඇති ඉලක්කවලට අනුකූලව මධ්‍ය කාලීනව ශ්‍රී ලංකාවේ දළ මූල්‍ය අවශ්‍යතා අඩුවීමත් කාලයත් යද්දි රටේ ණය ප්‍රමිතික වැඩිදියුණු කිරීමට ඒ මඟින් සහයකුත් ලැබෙනු ඇති කියලා ෆිච් ආයතනය බලාපොරොත්තු වෙයි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….