යුක්තිය නොලද 21 වසරක්

ලංකාව කියන්නේ අපරාද රාජ්‍යයක්. මේ කතාවත් සනාථ කරන්නේ එයයි. නමුත් අප කෙළෙසක හෝ මේ තත්ත්වය වෙනස් කරගත යුතුයි. ඒ සඳහා අරගලයක් කළ යුතුයි..

ඝාතකයා තවමත් නිදැල්ලේ.. ඝාතනයට වසර 21 ක්..

කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ සිද්ධිය කුමක්ද? පයාගල පොලිස් අත්අඩංගුවේදී අමානුෂික වදහිංසා මතින් ඝාතනය කරනු ලැබූ ලසන්ත ජගත් කුමාරට යුක්තිය ඉටුකරගැනීම අරඹයා මෙම නඩුව තවමත් ඇසෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ ප්‍රධාන චූදිතයා කවුද? ඔහු එවක පයියාගල පොලීසියේ අපරාධ අංශය භාරව සිටි ස්ථානාධිපතිවරයා ය. නම වල්පොලගෙදර ප්‍රසන්න වික්‍රමරත්න.

ලසන්ත ජගත් කුමාරගේ සොහොයුරිය අමිතා ප්‍රියන්ති මහත්මිය

2000 අවුරුද්දේ ජුනි 12 වැනිදා ප්‍රසන්න වික්‍රමරත්න ප්‍රමුඛ පයියාගල පොලිස් කණ්ඩායම ලසන්තව අත්අඩංගුවට ගන්නේ ඔහු හමුදාවෙන් පැන ආ පුද්ගලයෙක් යැයි කියමින් ය. ලසන්ත ජගත් කුමාර හමුදා සාමාජිකයෙක් බව සැබෑවක් වුණාට පයියාගල පොලීසිය ඔහුව හමුදාවට භාර දෙන්නේ නැත. නියමිත ක්‍රමයටනම් ඔහු හමුදාවට භාර දිය යුතුය. නමුත් එය සිදුවී නැත. පයාගල ප්‍රදේශයේ සිදුවූ සුළු සුළු අපරාධ රැසකට මොහු සම්බන්ධ බව ප්‍රකාශ කරමින් මෙහිදී ලසන්තව අත් අඩංගුවේ රඳවා ගන්නට පයියාගල පොලිස් ලොක්කා කටයුතු කර ඇත. අත් අඩංගුවට ගෙන දින 5කට පසුව ජුනි 17 කළු‍තර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලසන්තට පයියාගල පොලීසිය ගොනුකරන අපරාධ හේතුව වන්නේ, සැකකරුවන් හඳුනා නොගත් සුළු‍ වැරදි කීපයකට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් වැරදිකරු බව සඳහන් කරමින් ය. ඒ වනවිට ලසන්තට පොලීසිය අමානුෂික ලෙස පහරදී දසවද දී අවසන් ය. අධිකරණයට ඉදිරිපත් කරනවිටත් ඔහුගේ එක අතක් කැඩී හමෙන් එල්ලෙමින් තිබුණ බව ඔහුගේ සොහොයුරිය අමිතා ප්‍රියන්ති අපහට පැවසුවා ය. මෙහිදී ලසන්ත අධිකරණයට ඉදිරිපත් කරන්නේ බොරු අධිකරණ වෛද්‍ය වාර්තාවක් ද සමගින් ය.

වෛද්‍ය නිලධාරී ඩබ් ආර් පියසෝම පොලීසියට අවශ්‍ය වාර්තාව ලියාදුන් වෛද්‍ය නිළධාරියා ය. එම වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ ලසන්තගේ ශරීරයේ සුළු සීරීම් 5ක් පමණක් ඇති බවය. එහෙත් ඒ වනවිටත් ලසන්තගේ ශරීරාභ්‍යන්ත්‍රර ඉන්ද්‍රයන්වලට හානී සිදුවී තිබෙන්නට ඇත. මෙම හොර වාර්තා ලියාදුන් පියසෝමට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය වසර 3 කට අත්හිටුවනු ලැබිණි. ජුනි 18 වෙනිදා කොළඹ මැගසින් බන්ධනාගාරයට අධිකරණ නියෝග මත ගෙන එන ලසන්ත ජුනි මස 20 වෙනිදා දෙනෙත් පියාගන්නේ ය. මෙම මරණය ගැන පරීක්ෂා කරන අධිකරණ වෛද්‍යවරයා කියනවා අභ්‍යන්තර තුවාල විසි දෙකක් තිබුණ බව. දැන් ඔබට පයියාගල පොලීසියේ හැසිරීම ගැන සිතාගන්නට පුලුවන් වනු ඇත.

මෙම සිද්ධියේ ප්‍රධාන චූදිතයා වල්පොලගෙදර ප්‍රසන්න වික්‍රමරත්න මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත්තත් ඔහුට ඉක්මනින්ම ඇප ලැබෙනවා. ඇප ලැබුණ දා සිට ඔහු තවමත් අතුරුදන්. මෙම පොලිස් නිළධාරියාගේ බිරිඳ අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ මේ පුද්ගලයා ලංකාව හැරගොස් ඇති බවයි. එහෙත් අවුරුදු 20කට වැඩි කාලයක් සිය සොහොයුරා වෙනුවෙන් යුක්තිය ඉල්ලා උසාවි ගානේ රස්තියාදුවෙන අමිතා ප්‍රියන්ති මහත්මියනම් කියන්නේ මේ පුද්ගලයා ලංකාවේ කොහේ හෝ සැඟව සුවසේ කල් ගෙවන බවය. ඒ පොලිස් අනුග්‍රහය යටතේ ය. ‘ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයා මේ පුද්ගලයාට ඇප දෙන වේලාවේදී පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ, හර්ෂන නානායක්කාර කියන නීතිඥවරයා තමයි පෙනී ඉඳල තියෙන්නෙ රජය වෙනුවෙන්, එයා මේ සම්බන්ධයෙන් මුකුත් කියලා නැහැ. අනිත් නඩුවලදීත් එහෙමයි. එකම නීතියක් නම් මේ පුද්ගලයාට විතරක් සුවිශේෂී අවස්ථාවක් ලබා දුන්නේ කොහොමද? ඒකෙන් පේන්නේ හැමෝම මොහුට උදව් කළ තියෙනවා මේ නඩුවෙන් පැනයන්න. පසුගිය කාලයක මට ආරංචියක් ලැබුණා මේ පුද්ගලයා කිහිප සැරයක්ම ඔහුගේ රැකියාව ඉල්ලලා ඇපිල් ඉදිරිපත් කරලා තියනවා කියලා. ඉතින් රැකියාව ඉල්ලලා ඇපිල් කරනවා නම් ඒ පුද්ගලයා ජීවත් වෙනවා කියලා පොලිසිය දැනගන්න එපැයි. බුද්ධි අංශ නිලධාරීන්මයි කියන්නේ මෙයා පොලිස් මූලස්ථානයට ඇපිල් කරලා තියනවා කියලා එසේ නම් ඒ පුද්ගලයා ලංකාවේ කොහේ හෝ තැනක ඉන්නවා නේ ඇයි ඔහු අත්අඩංගුවට ගන්නේ නැත්තේ?’ අමිතා ප්‍රියන්තිගේ මෙම ප්‍රශ්න කිරීම සාධාරණය.

‘ඔක්කොම නඩු හතරක් තිබුණා, මේ වෙනකොට නඩු 3ක් විභාග වෙනවා, මූලික අයිතිවාසිකම් නඩුවයි, ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවයි, අපරාධ නඩුවයි, දිස්ත්‍රික් උසාවියේ නඩු දෙකයි. ඊට අමතරව වෛද්‍ය සභාවට විරුද්ධව පරීක්ෂණය ගියා, ඊටත් අමතරව නියෝග කඩ කිරීම සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුවේ පරීක්ෂණය ගියා. ඒවායෙන් මොනාද උනේ කියන එක අපට පැහැදිලි නැහැ. නමුත් අදාළ චුදිතයා වශයෙන් සැකකරපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පමණක් වැඩ තහනමකට ලක්වුණා. මොකද රංජිත් අබේසූරිය මහතා පොලිස් කොමිසම කරපු කාලයේ වර්තමානයේ වගේ නෙමෙයි අකුරට එය ක්‍රියාත්මක වුණා. සාධාරණව මහජන පැමිණිලි සම්බන්ධව ක්‍රියා කළා. නීති ක්‍රියාත්මක කරන ආයතනවල තියෙන දුර්වලතාවය හා අපරාධකරුවන් සමඟ තියෙන සම්බන්ධතාවය නිසා මේ රටේ අපරාධ සම්බන්ධව යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක තමයි මට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ. මල්ලී නැතිවුණා මල්ලිගේ පුතා දැන් තරුණයෙක් අපි ඔහුට කියන්නේ මොනාද? අපේ පවුල වගේම මල්ලිගේ පවුලත් මේ සිද්ධිය නිසා දෙදරලා ගියා. හැබැයි මේ සිද්ධියට අදාළ චූදිතයා තවමත් හොඳට නිදහසේ ඉන්නවා. අපිට කවදාද යුක්තිය ලැබෙන්නේ ‘ මේ සියලු නඩු කටයුතු සහ යුක්තිය වෙනුවෙන් කෙරෙන අරගලය අමිතා ප්‍රියන්තිගේ නොවක් කැපවීමේ සහ ධෛරයේ ප්‍රථිපල බව කිවයුතුය.

පයාගල පොලීසියේ වධහිංසාවලට පාත්‍රව ජීවිතය අත්හල ලසන්ත පිළිබඳ කතාව වගේම ලසන්තට යුක්තිය හිමිකර දීම වෙනුවෙන් අවුරුදු 21ක් පුරාවට වෙහෙසෙන ගැහැනියක් ඒ වෙහෙස ගැන ලියපු මේ කෘතිය අද ජනගත වෙනවා.

කෘතිය බාගත කිරීම සඳහා පහතින් පිවිසෙන්න

යුක්තිය නොලද 21 වසරක්….

aithiya.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….