රට යළි බංකොලොත් වුවහොත් යථා තත්ත්වයට පත්වීමට වසර 10-12ක් පමණ ගතවනු ඇත – අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

Shehan Semasinghe

දේශපාලන බල අරගලවල බලපෑම ආර්ථික අර්බුදයට පිළියම් යෙදීමට අහිතකර නොවිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තීරණාත්මක වූ 2022 සිට රජයේ උපායමාර්ගික ක්‍රියාමාර්ග විස්තර කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ පාර්ලිමේන්තු නීති මගින් ජනාධිපතිවරයා සහ රජය ගෙන ඇති තීරණ ඉතා වැදගත් බවයි. ආර්ථික ස්ථාවරත්වය තිරසාරව පවත්වා ගැනීම දුෂ්කර එහෙත් අවශ්‍ය තීරණ මත රඳා පවතින බව සඳහන් කරමින් සේමසිංහ ප්‍රකාශ කළේ, රට දැන් නිවැරදි මාවතේ ඇති බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘අපට සිහිනයක් ඇත’ සිවිල් සමාජ සාමූහිකයේ ‘විකල්පයක් නැත; ආර්ථික අර්බුදයට විසඳුම් පිළිබඳ සමාලෝචනයක්’ කෘතිය දොරට වැඩීම නිමිත්තෙන් මැයි 29 දින ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවති වැඩසටහනක් අමතමිනි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක, ග්‍රන්ථයේ කතුවරයා වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සී.ජේ අමරතුංග සහ මහාචාර්ය රොහාන් සමරජීව වැනි ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විද්වතුන් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සමඟ එක්වූහ. සාකච්ඡා සභාව ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියෙහි ප්‍රගතිය සහ අභියෝග පිළිබඳව අවධානය යොමු කළේය.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ පෞද්ගලික ව්‍යවසාය ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ආර්ථික ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම අරමුණු කරගත් ආර්ථික පරිවර්තන පනත අමාත්‍යවරයාගේ කතාවේ කේන්ද්‍රස්ථානයක් විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන තිරසාර ආර්ථික පරිවර්තනයක් සහතික කිරීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවලින් ස්වාධීනව ක්‍රියාත්මක වන බව ඔහු පැහැදිලි කළේය. රජයේ කැපවූ ප්‍රතිපත්ති නිසා 2023 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%ක මට්ටමේ ප්‍රාථමික ගිනුම් ශේෂයක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අපේක්ෂාවන් පවා අභිබවා යමින් අත්පත් කරගත හැකි වූ බව ඔහු පැවසීය. මෙම ජයග්‍රහණය ඵලදායී මූල්‍ය කළමනාකරණයට සාක්ෂියක් බව ද ඇමතිවරයා පැවසීය.

රටේ ණය කළමනාකරණ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් කතා කරමින් අමාත්‍ය සේමසිංහ ප්‍රකාශ කළේ 2022 අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1909ක් පියවා ඇති අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයට යටත්ව ඩොලර් මිලියන 6880ක් අත්හිටුවා ඇති බවයි. පැරිස් සමාජය, චීනය සහ පුද්ගලික ණයහිමියන් සමඟ සාකච්ඡා මූලික පසුබෑම් නොතකා ඉදිරියට යමින් පවතී. මේ වසරේ ජුනි මාසය වන විට සාර්ථක ගිවිසුම්වලට එළැඹෙනු ඇතැයි ඇමැතිවරයා විශ්වාසය පළ කළේය. එමගින් ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි වනු ඇති බව ද ඔහු පැවසීය.

ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ණය කළමනාකරණ පනත් කෙටුම්පත ලෙස ඉදිරිපත් කිරීමට නියමිත තීරණාත්මක පනත් තුනක් ගැන සේමසිංහ ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මෙම පනත් කෙටුම්පත් සැලසුම් කර ඇත්තේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ශක්තිමත් රාමුවක් සැපයීම සඳහා බව පැවසූ ඇමතිවරයා ආර්ථික කඩාවැටීම් වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන මෙම මුලපිරීම් සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලැබෙනු ඇතැයි ද බලාපොරොත්තු පළ කළේය.

ප්‍රතිසංස්කරණ මධ්‍යයේ පවා, අවදානමට ලක්විය හැකි ජනගහනය ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය. අස්වැසුම වැනි සමාජ සුබසාධන වැඩසටහන් මගින් රුපියල් බිලියන 200කට අධික ප්‍රතිලාභ ලබා දෙනු ඇති අතර, සියල්ලන් ඇතුළත් කරගන්නා සංවර්ධනය සඳහා රජයේ කැපවීම එමගින් ඉස්මතු කරයි. ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ සාමූහික වගකීම අවධාරණය කරමින් ප්‍රතිසාධන වැඩසටහන කඩාකප්පල් කළ හැකි දේශපාලන ක්‍රියාමාර්ගවලට එරෙහිව ඇමතිවරයා අනතුරු ඇඟවීය. “හේතුවක් නොමැතිව අපි මේ ගමන කඩාකප්පල් කළහොත්, රට නැවත බංකොලොත් වනු ඇති අතර, යථා තත්ත්වයට පත්වීමට වසර 10-12 ක් පමණ ගතවනු ඇත,” යි ඔහු අනතුරු පැවසීය.

Ajith Perakum Jayasinghe

aithiya

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….