වයිට් ඔබට සුබ ගමන්….!!

eliyanthe-white
එලියන්ත වයිට් සුරළොව ගිහිං කියලා ආරංචියි. මටනම් හිතෙන්නේ මිනිහා යන්න ඇත්තෙ කොවිඩ් නිසා එහෙ ගිය අය ආයෙත් මෙහේ එක්කරගෙන එන්න වෙන්න ඇති. කාලයක් රාජකීය වෙදා. ලොව පරසිදු ක්රීඩකයන් යතාවත් කළ ඉසිවරයා. ගොඩක් අය කිව්වේ මිනිහා රස සංයෝග කාරයෙක් කියලා. එහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවා.
කාය ශක්තිය වඩවන්න බැහැපු අවයව කෙළින් කරන්න පුලුවන් පාරම්පරික ඔසු වගේම නවීන විද්යාවෙන් නිපන් ඔසුත් තියෙනවා. ඒවා බොනවා කියන්නේ අතුරේ යනවා වගේ තමයි. බැහැපු එකක් කෙළින් කරන්න තෙල් සාත්තුවකට පුලුවන් උනාට ලේ අස්සේ දුවලා පෙනහළු ඇතුලේ සැඟවෙලා ගේම ගහන කොවිඩ් වගේ වෛරසයක් එහෙම තෙල් සාත්තුවකින් බේරගන්න හරි අමාරුයි. කොටින්ම බෑ.
සාදික්කා පැණිය බීවාම ටිකක් මත් වෙනවා. කික් එකක් එනවා. හැබැයි ඒ කික් එකට බෑ නිව්මෝනියාව සුව කරන්න. මාලිගේ දණිස් අමාරුව සුවකරපු බෙහෙතෙන් අපිට කොවිඩ් සුව කරන්නත් පුලුවන් කියලා හිතනවා නම් ඒක විහිළුවක් නෙවෙයි පිස්සුවක්. ඒ පිස්සුවට යන්න පුලුවන් උපරිම දුර තමයි මේක.
තමන් අනුදත් රස විද්යාව හෝ කුණ්ඩලනීය ශක්තිය හෝ විශ්වාස කරලා ඔහු කොවිඩ් තමන්ට හැදෙන එකක් නෑ කියලා හිතන්න ඇති. නොහැදෙන්න තමන්ගේ රස විද්යාව අස්සේ බෙහෙත් කරගන්නත් ඇති. ඉතිං ඒ විශ්වාසයට යන්න පුලුවන් උපරීම දුර තමයි මේක.
ලංකාවත් හරියට එලියන්ත වගේ. දැන් ලංකාව කියන්නේ 69 ලක්ෂයේ විශ්වාස පද්ධතියට.
ඒ විශ්වාස පද්ධතිය තමයි මුට්ටි ගඟට දැම්මේ. කෑගල්ලේ පෝලිමේ හිටියේ. කැළණියෙන් මතුවුන නයා කියපු විදිහට ගෝඨාභයව බලයට ගෙනාවෙ. ඒ විශ්වාස පද්ධතිය තමයි එන්නත ගේන එක පරක්කු කළේ.. ඒ හින්දා මිනිස්සු 8438ක් මැරුණා. ඒකත් හරියට දෙවියෝ ලෙඩ සුවකරන කන් බලා හිඳලා අසනීප දරුවා මරා ගත්තා වගේ..
කැළණියේ නයා කියපු නිසා ගෝඨාභය ගේනකොට ඒ විශ්වාස පද්ධතිය විශ්වාස කළේ තමන් රසදිය රත්තරං වලට හැරෙව්වා කියලා. එලියන්ත වගේම ඒ විශ්වාස පද්ධතිය විශ්වාස කළේ නෑ රසදිය වාෂ්පය මරාන්තික විෂක් කියලා. ඒනිසාම එලියන්තට උන දේ ලංකාවට වැඩි ඈතක නෑ.. සුබ ගමන්.. !!
ගියාට කමක්නෑ එහේ ඉන්න හාදයෝ මෙහේ එවනවා කියලා රස විද්යාව කරන්න ලැස්තිවෙන්න එපා..!!

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….