වසංගතය එක හත කරන ජනමාධ්‍ය

මෙම සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකාවේ ඉතා වේගයෙන් කොවිඩ්-19 වසංගතය පැතිර යමින් තිබේ. දෛනිකව හඳුනාගනු ලබන රෝගීන් සංඛ්‍යාව කියන්නේ දහස් ගණනිනි. මරණ සංඛ්‍යාව කියන්නේ සිය ගණනිනි. තවමත් වසංගතය උපරිම මට්ටමට පැමිණ ඇති බවක් නොපෙනේ.

මේ අතර රජය විසින් එන්නත්කරණය වේගවත් කර තිබේ. එන්නත්කරණයෙන් මෙන්ම කොවිඩ්-19 වැළඳීමෙන් ද ප්‍රතිශක්තිය ගොඩනැගේ. සමාජය වේගයෙන් සමූහ ප්‍රතිශක්තියක් ගොඩනගාගනිමින් තිබේ. එන්නත ලබාගත් අයට කොවිඩ්-19 වැළඳීම සාමාන්‍ය තත්වයක් වී තිබේ. එහෙත්, වරක් රෝගය හැදුණු අයට නැවත හැදෙන බව වාර්තා වන්නේ ඉතා අඩුවෙනි. මේ අතර වයිරසය විකෘති වෙමින් අලුත් ප්‍රභේද නිර්මාණය වෙමින් තිබේ. මුළු ලෝකයම සාමූහිකව මෙම වසංගතයට එරෙහිව අරගල කළ යුතුය. සියලුදෙනා ආරක්ෂිත වන තෙක් කිසිවෙකු සුරක්ෂිත නැත. වර්තමාන ලෝකය විශ්ව ගම්මානයකි. එහි ප්‍රජාවන් අතර පවතින සම්බන්ධතාවන්ගේ ස්වභාවය අනුව, ලෝකයේ කොහේ හෝ අඳුරු මුල්ලක මතුවන කොවිඩ්-19 වයිරස් ප්‍රභේදයක් හේතුවෙන් මුළු ලෝකයම අවදානමට ලක්වේ. දැඩි ලෙස ගෝලීයකරණය වූ ලෝකයක ගෝලීය වසංගත තත්වයක් හමුවේ ජාතිකවාදී විසඳුම් ප්‍රායෝගික නැත.

ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් රෝගියා වාර්තා වන්නට සති කීපයකට පෙර, 2020 ජනවාරි 28දා මම ප්‍රජා වෙබ් අඩවියෙහි මෙසේ සටහන් කළෙමි.

කොරෝනා වයිරසය සෙසු සියලු වයිරස් ආසාදන පැතිරීම්වලට වඩා වේගයෙන් මාධ්‍ය හරහා පැතිරී යන බවක් දක්නට ලැබේ. මාධ්‍ය ආවරණය විසින් සාධනීය මෙන් ම නිශේධනීය ප්‍රතිඵල ද ඇති කරනු ලැබේ. එක පැත්තකින් මිනිසුන් ඒ පිළිබඳ දැනුවත් වේ. එහෙත්, අනෙක් පැත්තෙන් මාධ්‍යවල අධි සංවේදීකරණයන් හේතුවෙන් මිනිස්සු භීතියට පත් වෙති. මුඛ ආවරණ පැළඳීමෙන් ආරම්භ වන මෙය දෛනික ජීවිත හා සමස්ත ආර්ථිකය අඩාල වීම දක්වා පැතිරිය හැකි ය. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලට මෙම යුගයේ පුවත් හිඟයක් තිබේ. එබැවින් මේ වන විටත් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අධි සංවේදීභාවයක් සමාජය තුළ නිර්මාණය කර හමාර ය.

රෝගය වැළඳුණ විට මිනිසුන් හිටිහැටියේ කෙසෙල් කඳන් සේ කඩා වැටෙන බවට ද පුවත් පළ විය. වෙනත් රෝග නිසා ද රෝගීන් ක්ලාන්ත වීම, සිහිසුන් වීම සිදු වේ. ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ අධිසංවේදීකරණයන් සම්බන්ධයෙන් කප්ගැසූ මාධ්‍ය කොරෝනා භීතිකාව නිර්මාණය කිරීමෙහි ද ඉදිරියෙන් ම තිබේ. පළමු රෝගියා හඳුනාගැනීමත් සමග ම ශ්‍රී ලංකාවේ සමාජය තුළ ඉතා නරක තත්වයක් ඇති විය හැකි ය. රෝගීන් හිංසාවට ලක්වීමට පවා ඉඩ තිබේ

ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් රෝගියාගේ සිට අද හඳුනාගන්නා රෝගියා දක්වාම රෝගීන් කොන්කිරීම, පිළිකුල් කිරීම, වෛරයට ලක්වීම සිදුවේ. කොවිඩ් රෝගීන් යනු වැරදිකරුවන් පිරිසක්ය වැනි අදහසක් තවමත් සමාජයේ තිබේ. මෙම තත්වය නිර්මාණය කරන්නට මාධ්‍ය සෑහෙන දායකත්වයක් ලබාදුන්නේය. මුල් කාලයේ කොවිඩ්-19 රෝගීන් හා ආශ්‍රිතයන් නිරෝධායනයට යවන ආකාරය මාධ්‍යවලින් ප්‍රදර්ශනය කළේ අපරාධකරුවන් පෝරකයට ගෙන යන්නාක් මෙනි.

අවසානයේදී දිවයින පුවත්පතේ මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය රෝහලින් පැනයාම පිළිබඳ සිද්ධිය ද මාධ්‍ය වාර්තා කළේ ඒ අන්දමින්මය. කිසිදු මාධ්‍යයක් තම සහෝදර මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරියට ඇමතුමක් දී ඔහුට කියන්නට තිබූ දේ වාර්තා කළේ නැත.

වෙනත් රටවල වසංගතය පැතිරෙන විට ලංකාවේ මාධ්‍ය පමණක් නොව ලෝක මාධ්‍ය පවා එම රටවල් පිළිබඳ නිර්මාණය කළේ ඉතා බියකරු චිත්‍රයි. එමගින් එම රටවල් පිළිකුලට, කොන්කිරීමට ලක්විය. ලංකාවේ කොවිඩ් පැතිරෙන තාක්කල් මෙරට මාධ්‍යවලට ලෝකයේ වෙනත් රටවල තත්වය වාර්තා කිරීමේදී ගැඹුරින් විමසීමේ අවශ්‍යතාවක් නොතිබිණි. එහෙත්, ලංකාවේ වත්මන් කොවිඩ්-19 රැල්ලත් සමග දැන් ඇති වී තිබෙන තත්වය වූහාන්වල, ඉතාලියේ, බ්‍රිතාන්‍යයේ, ඇමරිකා එක්සත් ජනපදයේ, බ්‍රසීලයේ හෝ ඉන්දියාවේ තත්වයෙන් කිසිදු වෙනසක් නැත. එම රටවල් සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කරන ලද දේ දැන් ලංකාව සම්බන්ධයෙන් ද සිදුවෙමින් තිබේ.

බස් නැවතුමක වැටී සිටි පුද්ගලයකු රෝහලට රැගෙන යන දර්ශනයක් දැක්වෙන වීඩියෝවක් සමග විදෙස්ගත ජ්‍යේෂ්ඨ ලාංකික මාධ්‍යවේදියකු ට්විටර්හි සටහන් කර තිබුණේ ලංකාවේ ද මිනිසුන් මහමග මැරී වැටෙන තත්වයක් නිර්මාණය වෙමින් ඇති බවයි. එම පුද්ගලයා මහමග ඇදවැටුණේ ඇයිදැයි මාධ්‍ය ඉන්පසු සොයාබැලුවේ නැත.

පසුගිය දිනවල සංසරණය වූ මිනීපෙට්ටි ඡායාරූප ද එවැනිය. එමගින් ඉතා බියකරු චිත්‍රයක් නිර්මාණය කරන ලදමුත්, ඒ මිනීපෙට්ටි මොනවාද, එම සිද්ධිය කුමක්ද යන්න මාධ්‍ය ඉන්පසු වාර්තා කළේ නැත.

තෝරාගත් ඡායාරූපයක් හරහා කෙතරම් බියකරු චිත්‍රයක් නිර්මාණය කළ හැකිද යන්නට මේ සමග ඇති ඡායාරූපය උදාහරණයකි. මෙම ඡායාරූපය 2020 නොවැම්බර් මස පළවූයේ පැල්මඩුල්ල MOH කාර්යාලය නමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් පිටුවකය. නොවැම්බර් 16දා කෙටේතැන්න, සඳසිලුගම ගම්මානයේ නිවසකට පෑලියගොඩ සිට බසයකින් පැමිණි පුද්ගලයකු පැය කීපයකට පසු මිදුලේ වැටී මියගියේය. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ එම මළසිරුර රෝහලට ගෙන ගිය අවස්ථාවයි.

මෙම ඡායාරූපය අහම්බෙන් ගත් විශිෂ්ට ඡායාරූපයකි. එහි ආලෝකකරණය ඒ වේලාවේ එහි තිබුණු තත්වයයි. එහි සිටින මිනිසුන් හා තිබෙන උපකරණ ද එසේය. එහෙත්, එය අතිශය බියකරු, කාලකණ්ණි හැඟීමක් නිර්මාණය කිරීමට සැලසුම් කර ගත් ඡායාරූපයක් වැනිය.

මෙවැනි ඡායාරූපයක් ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරය කර එය ලංකාවේ තත්වය යයි කීවා නම් හෝ දේශීය වශයෙන් ප්‍රචාරය කර එය පැල්මඩුල්ලේ තත්වය යයි කීවා නම් එය නිවැරදිද?

පසුගිය කාලයේ අප ඉන්දියාවේ, බ්‍රසීලයේ, වූහාන්හි ආදී වශයෙන් දුටු ඡායාරූපත් මෙවැනිම ඒවා විය හැකිය. වසංගතය තදින් පැතිර ගොස් තිබුණත්, ලංකාව විසාලා මහනුවර වසංගත තත්වයට පත්වී නැති බව අපි දැන් දන්නෙමු.

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2021 අගෝස්තු 22

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….