“ස්ථාවර රටකට සැවොම එක මගකට” ආයෝජන මණ්ඩලයට ඩොලර් මිලියන 211ක්

dilum-amunugama

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ස්ථිර වශයෙන් ලැබී ඇති බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය තෙක් ලැබුණු ආයෝජන යෝජනා අතුරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 682ක වටිනාකමින් යුතු ආයෝජන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් ක‍ළේය.

වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කළේ “ස්ථාවර රටකට සැවොම එක මගකට” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ  (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙරට ආයෝජන සිදු කිරීම සඳහා බාධා වන නීති පිළිබඳ සොයා බලා විසඳුම් සැපයීමට මේ වන විටත් 07 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වැඩබලන ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙසේද පැවසීය,

මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමට නම් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින නීති පද්ධතිය සංශෝධනය කළ යුතුව තිබෙනවා. ආයෝජකයන්ට වඩාත් පහසුවෙන් ආයෝජනය කිරීමට හැකි පසුබිමක් සකස් කළ යුතුයි. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අප කටයුතු කර ගෙන යනවා. ඒ වගේම මෙරටට පැමිණෙ ආයෝජකයන් මුහුණ දෙන තවත් ගැටලුවක් තමයි ඔවුන්ට තම ආයෝජනවල අයිතිය නොලැබීම. ඊට විසඳුම් වශයෙන් අප ඔවුන්ගේ ආයෝජන අයිතිය තහවුරු වන ආ‍කාරයට නීති පද්ධතිය යාවත්කාලීන කළ යුතුව තිබෙනවා.

යම් ආයෝජකයෙක් මෙරට සිදු කරන ආයෝජනවලදී ඔවුන් අපනයන තත්ත්වයට පත්ව වසර දෙකක් ගත වන තුරු ඔවුන් වෙනුවෙන් විශේෂ බඳු සහන ලබා දීමට රජය අපේක්ෂා කරනවා. ආයෝජකයන් සඳහා ඉඩම් ලබා දීමේදීද පවතින ක්‍රමවේද වෙනුවට නව්‍ය හා විධිමත් ක්‍රමවේද අවශ්‍යතාව නිරීක්ෂණය වී තිබෙනවා. දැනට පවතින ආයෝජනවල බදු කාලය අවසන් වූ පසුව ඒවා නැවත බදු දීමේදී ඔවුන් මෙරට ආර්ථිකයට ලබා දී ඇති දායකත්වය මත සහාය ලබා දීමටද කටයුතු කරනවා. එහි අරමුණ වන්නේ එම ආයෝජකයන් තව දුරටත් අප රට තුළ රඳවා ගැනීමයි.

ඒ වගේම මෙම වසර අවසන් වීමට පෙර සියලුම වර්ගයේ ආයෝජන අවස්ථා ආවරණය වන ආකාරයටනව නීති හඳුන්වා දීම සිදු කරනවා. එම නීති ගෙන ඒමේදී සෙසු රාජ්‍ය ආයතනවල පවතින නීතිවලට බලපෑමක් නොවන ආකාරයට සිදු කිරීමටද අප අපේක්ෂා කරනවා.

මෙරට ආයෝජන සිදු කිරීම සඳහා බාධා වන නීති පිළිබඳ සොයා බැලීමට අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරන ප්‍රධානීන් 07 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. ආයෝජකයන්ට කෙටි, මධ්‍ය හා දිගු කාලීන විසඳුම් ලබා දීමද මෙයින් අපේක්ෂා කරනවා. ව්‍යාපෘතිවලට අනුමැතිය ලබා දීමත් මෙම කමිටු හරහා සිදු කෙරෙනවා.

පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා තිබූ ආයෝජන ව්‍යාපෘති 73න් 70ක් මේ වන විටත් යළි ආරම්භ කර තිබෙන බවද සඳහන් කළ යුතුයි.

ඒ වගේම “ One Village – One Product” සංකල්පය යට‍තේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයන් අපනයන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා. එය ප්‍රාද්ශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමෙන් පුළුල් කිරීමට පියවර ගැනීම රජයේ අරමුණයි.

මෙහිදී යම් නිෂ්පාදනයක් සිදු කර ඒ වෙනුවෙන් වෙළෙඳපොළක් සෙවීම වෙනුවට වෙළෙඳපොල අවශ්‍යතාවයට අනුව නිශ්පාදනය සිදු කිරීමට නිෂ්පාදකයන් පෙළඹවීමක් සිදු කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම මධ්‍යම අපනයන කේන්ද්‍රයක් ස්ථාපිත කර ග්‍රාමීය අපනයනකරුවන් හා අපනයන මණ්ඩලය අතර සම්බන්ධතාව පුළුල් කිරීමට ද පියවර ගන්නවා.

කංසා වගාව සඳහා මේ වන විටත් ව්‍යාපෘති යෝජනා 150ක් පමණ ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නම්, තිබෙන නීති සංශෝධනය කර අලුත් නීති හඳුන්වා දිය යුතුව තිබෙනවා. එම කාර්යය ඉටු කිරීම දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙනවා. මෙම නීති සම්මත කර ගැනීමෙන් පසුව රක්ෂිත කලාපවල නියමු ව්‍යාපෘති ආරම්භ කිරීම රජයේ අරමුණ වනවා. එසේම ආයෝජන මණ්ඩලය ආයෝජකයන් සඳහා වන පහසුකම් සළසා දීමටත් ඒ සඳහා වන අනුමැතිය ලබා දීම දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවට පැවරෙනවා.

 

One Village–One Product

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….