අනුකම්පාව ද? අබිමානයද?

lanka gossip sinhala news

“අභිමානවත් ම⁣ලෛයහ ජනතාව⁣ගේ” පාගමනේ අද 09 වැනි දවස. අද උදේ 5.00ට පාගමන ආරම්භ වුණේ මැදවච්චියෙන්. කිලෝමීටර 23ක දුරක් ගෙවාගෙන අද දවසේ නවාතැන මිහින්තලය.
වසර 200කට කලින් ඉන්දියාවේ සිට වැවිලි කර්මාන්තය සඳහා ලංකාවට ගෙන ආපු මුල්ම කණ්ඩායම තලෙයිමන්නාරමේ සිට මාතලේට වනදුර්ග, ජලදුර්ග හරහා ගිය ගමන සිහිකරමින් සහ අභිමානවත් පුරවැසියන් ලෙස ජීවත්වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දෙනලෙස ඉල්ලමින් මේ පාගමන ජූලි 29 වැනිදා තෙලයි මන්නාරමෙන් ආරම්භ කළා. ලබන 12 වැනිදා මාතලේට ළඟාවීම පාගමනේ අරමුණයි.
අද පාග⁣මනේ නව වැනි දිනයේ ගමනාන්තය වෙච්ච මිහින්තලය ඉතාම විශේෂයි. වසර 200කට කලින් පැමිණි ඒ ප්‍රජාව මිහින්තලව ආශ්‍රිතව රෝගාබාධවලට ගොදුරු වෙලා විශාල පිරිසක් මිය ගිය බවට මේ ප්‍රදේශයේ සමහරු කියනවා. ඒ මිය ගිය පිරිසෙන් විශාල පිරිසක් වළ දැමූ ස්ථානයේ අද මිහින්ත⁣ලේ පොලිසිය පිහිටා තියනවා කියලත් කතාවක් තියෙනවා.
අද මේ ප්‍රදේශයේ නතර වෙන පිරිස වගේම ප්‍රදේශවාසීනුත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ තමයි මේ දින කිහිපයේ මිහින්තලයට ජල කප්පාදුවක්.
මිහින්තලේට පාගමනින් ආපු පිරිස අදපිළිගන්න ආගමික නායකයක් ඇතුළු පිරිසක් සහභාගී වුණා. ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාත් ඒ පිරිස අතර හිටියා. ඔහු ප්‍රකාශ කළේ වතු ආශ්‍රිත පාසල්වලට තියන කුඩම්මාගේ සැලකිලි නතර කරන්න ලංකා ගුරු සංගමය දිගටම සටන් කරනවා කියලා.
අද සවස ⁣මේ ප්‍රජාවගේ ගැටලු ගැන ප්‍රදේශවාසීන් සහ පාගමන පැමිණි පිරිස අතර සුහද සංවාදයකුත් පැවැත්වුණා. ඒ වගේම අදාල ප්‍රජාවගේ ඉතිහාසය සහ ප්‍රශ්න ගැන කියවෙන ප්‍රදර්ශනයකුත් මිහින්තලේ සංවිධානය කරලා තිබුණා.
හෙට අලුයම මේ පාගමන මිහින්තලෙන් ආරම්භ වෙලා තිරප්පනේ දක්වා ගමන් කරන්න නියමිතයි.
අවුරුදු 200කට කලින් මුල්ම පිරිස ගෙන ආවට පස්සේ ලක්ෂ ගණනක පිරිසක් ඉන්දියාවේ සිට වැවිලි කර්මාන්තය සඳහා ලංකාවට ගෙනාවා. ඔවුන් දැන් අපේම පුරවැසියන්.
රටට වසර ගණනක් තිස්සේ ඩොලර් ගේන්න ලොකුම දායකත්වය දක්වපු පිරිසක් තමයි මේ ම⁣ලෛයහ ජනතාව. ඔවුන්ට හිමිවිය යුත්තේ අනුකම්පාව නෙමේ. ඔවුන්ට හිමි අභිමානය සහ ඉඩම්, නිවාස ඇතුළු අයිතිවාසිකම් ලබා දිය යුතුයි. ඒ සඳහා අපි උපරිම සහාය පල කරමු. ඒ සඳහා ඔවුන් ගෙනයන අරගලයට උපරිම සහාය දක්වමු.

– තරිඳු ජයවර්ධන

lanka gossip sinhala news

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….