වෙළදසැල් බිදියි

welada

හැටන් නගරයේ වෙළද සැල් බිද භාන්ඩ සොරා ගැනිමක් පිලිබදව සැක පිට එක් අයකු හැටන් පොලිසියට බාර දිමෙන් පසු ඒ පිලිබදව හැටන් පොලිසිය මගින් පුලුල් පරික්ෂණ ආරම්භ කර ඇත.

හැටන් පැති විදියේ යකඩ බඩු වෙළද සැලක් හා ජංගම දුරකථන වෙලද සැලක් 28වන දින අලුයම් කාලයේ කඩා එහි භාන්ඩ හා මුදල් සොරා ගැනිමක් සිදුව ඇත.

මේ පිලිබදව අදහස් දැක්වු එම යකඩ බඩු වෙලද සැලේ සේවකයකු පවසන ලද්දේ 28වන දින අලුයම 4.00ට පමන නගරයේ ආරක්ෂක නිලධාරියකු විසින් වෙලද සැල් හිමිකරුට වෙලද සැලේ දොර විවෘත කර ඇති බවට දුරකථන ඇමතුමක් ලබාදි ඇති බවත්ය.

එම දුරකථන ඇමතුම ලැබිමෙන් පසු වෙලද සැල් හිමිකරු විසින් තමන්ට දුරකථන ඇමතුමකින් සිද්දිය පැවසු බවත්එවිට තමන් මේ පිලිබදව අනිකුත් සේවකයන්ටද දන්වා විනාඩි දහයක විස්සක පමන කාලයක් තුලදි වෙලද සැලට පැමිනි බවත්ය.

තමන් ඇතුළු අන් සේවකයන් පැමිනෙන විට සැක කටයුතු පුද්ගලයකු වෙලද සැල අසල සිට ඉන්දන පිරවුම් හල හරහා හැටන් ප්‍රධාන විදිය ඔස්සේ දිව ගිය බවත් එම පුද්ගලයා පසු පස තම වෙලද සැලේ තවත් සේවකයකු දිව ගොස් එකි පුද්ගලයා අල්ලා හැටන් පොලිසියට බාර දිමට පියවර ගත් බවත්ය.

තම වෙලද සැලේ අස්ථානගතව ඇති මුදල් හෝ භාණ්ඩ පිලිබදව මේ වන තෙක් ගනන් බලා නොමැති බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මෙම තත්වයන් පිලිබදව කරුනු දැක්වු ජංගම දුරකථන අලෙවි සැලේ පුද්ගලයකු පවසන ලද්දේ තම වෙලද සැලේ සිසිටිවි කේබල් කපා දමා වෙලද සැලේ තිබු වටිනා දුරකථන කිපයක් සොරාගෙන ගොස් ඇති බවත්ය.

මෙම ජංගම දුරකථන අතර තිබු  රුපියල් ලක්ෂ දෙකකට අධික දුරකථනයක්ද සොරා ගෙන ගොස් ඇති බවද ඔහු පවසන ලදි.

මෙම පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම සිද්ධින් පිලිබදව මේ වන විට පුලුල් පරික්ෂනක ආරම්භ කර ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….