food

2022 ආර්ථික අර්බුදය උත්සන්න වීමත් සමඟ රටේ ජනගහනයෙන් සියයට 86 ක් ආහාර සඳහා යොදා ගන්නා අයිතමයන්ගේ ප්‍රමාණය අඩු කර ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය මෑතකදී සිදුකළ පර්යේෂණ කිහිපයක වාර්තා එළි දක්වමිනුයි මෙම කරුණු අනාවරණ කර ඇත්තේ.

එම පර්යේෂණ වාර්තාවට අනුව රටේ ජනගහනයෙන් තවත් සියයට 75 ක් ආහාර පිළියෙළ කර ගැනීම සඳහා ආහාර අයිතමයන් යොදා ගැනීම ද අවම වී තිබේ. සියයට 45 ක් ආහාර ගන්නා වාර ගණන අවම කර තිබීම ද කැපී පෙනෙන තත්ත්වයක්. තවත් සියයට 38 ක් ආහාර ප්‍රමාණය අවම කර ඇතැයි අදාළ පර්යේෂණ වාර්තාවේ සඳහන්.

දෛනිකව උපයන මුදල ආහාර සඳහා වැය කිරීම ගත්විට වතු අංශයේ සියයට 68 ක් තමන් උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් වැය කර ඇත්තේ ආහාර සඳහායි.

රත්නපුර, අම්පාර, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනතාවගෙන් සියයට 75 ක් තමන් උපයන මුළු මුදලම ආහාර ලබාගැනීම පිණිස වැය කර තිබීම ද කැපීපෙනෙන තත්ත්වයක්. 2021 වසරේ හතරවන කාර්තුව වනවිට ගෘහාශ්‍රිත අමතර ආහාර පරිභෝජනය සියයට 3 යි දශම 4 කින් පහළ වැටී තිබේ.

2022 ඔක්තෝම්බර් මාසය වනවිට රටේ ජනගහනයෙන් මිලියන 2 යි දශම 2 යි 6 ක් අමතර ආහාර පරිභෝජනය නවතා තිබූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය වැඩිදුරටත් පවසයි.

Similar Posts