ඉතා සූක්ෂම අයුරින් මුදල් වංචා පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට

 අන්තර් ජාලය හා ෆේස්බුක් භාවිතා කරමින් විදේශ ගතව සිටින ශ්‍රී ලාංකික පුද්ගලයින්  හට සහනදායි පොලී අනුපාත යටතේ ණය ලබා දෙන බව පවසා ඉතා සූක්ෂම අයුරින් මුදල් වංචා කිරීමේ යෙදුණු පුද්ගලයන් 5 දෙනෙක් කූඨ ලේඛන හා උපකරණ  සමග අත්අඩංගුවට ගත්  බව  කිරුලපන පොලිසිය පවසයි.
එම සැකකරුවන් සමග මෙම ජාවාරම සඳහා යොදාගත් මෝටර් රථයක් වෑන් රථයක් ලැප්ටොප් පරිගණක 11 ක් ලැමිනේටින් මැෂින් 2 ක් රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා යොදා ගන්නා කාඩ්පත් 925 ක් ව්‍යාජ රබර් මුද්‍රා දෙකක් ව්‍යාජ  රියදුරු බලපත්‍ර 61 ක් සහ ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර පහක් පොලිස් භාරයට දත් බව ද පොලීසිය පැවසීය.
 කොරෝනා වසන්ගතය හේතුවෙන් විදෙස් ගත ශ්‍රමිකයන් සඳහා සියයට 2.7 සහනදායී පොලී අනුපාතයක් යටතේ  ණය ලබාදෙන බව  ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ ශීර්ෂ ඇතුළත් ලිපි භාවිතා කර  මුහුණු පොත හරහා දැන්වීම් පළ කර මෙම ජාවාරම සිදුකර තිබූ බව පොලිසිය පැවසීය.
       එම ලිපියේ දුරකථන අංක දෙකක් සඳහන් කර ඊට අමතා වැඩි විස්තර ලබා ගන්නා ලෙස එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබූ බව පොලිසිය කියයි.
      රුපියල් ලක්ෂ පහක මුදලක් තැන්පත් කර  මෙම ජාවාරම සඳහා හසු වූ කළුබෝවිල ප්‍රදේශයේ කාන්තාවක් කිරුළපන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.
       තමන් ඉල්ලුම් කරන ණය මුදලින් සියයට දහයක් මුදලක් බැංකුවක තැන්පත් කරන ලෙසත් එම ගිණුම ඔන්ලයින් මගින් ආරම්භ කරන ලෙසත් මෙම ජාවාරම්කරුවන්  විදේශගත ශ්‍රමිකයන්ට පවසා මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි .
         ලබා ගැනීමට නියමිත ණය මුදල වෙනුවෙන් සීයට දහයක මුදල් තැන්පතුවක් මෙම පුද්ගලයන්ගේ ගිණුම්වල  තැන්පත් කළ බව මොවුන්ගේ ජාවාරමට හසුවූ විදේශ ශ්‍රමිකයන් පැවසීමෙන් අනතුරුව දින කිහිපයක් තුළදී  ඔවුන් අමතා ඔවුන්ගේ ණය මුදල අනුමත වී ඇති බව පවසන මෙම ජාවාරම්කරුවන්  එම ණය මුදල ඉතිරි  වැඩ ඉක්මනින්  කර දීම සඳහා රහස් අංකය ඉතා උපක්‍රමශීලී ඉල්ලාගෙන තත්පර කිහිපයක් තුළදී එම ණය හිමිකරුවන් තැන්පත් කළ සියයට 10 ක මුදල  වංචා සහගතව ලබා ගන්නා බව පොලිස් විමර්ශන වලදී  අනාවරණය කර ගත් බවත් පොලීසිය පැවසීය.
     අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 සහ 46 අතර පසුවන පුද්ගලයින් බවත් මාතර, පිටබැද්දර, නාරාහේන්පිට හා වැල්ලම්පිටිය ප්‍රදේශ වල පදිංචිකරුවන් බවද පොලීසිය පැවසීය.
        සැකකරුවන්  අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
       බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කිරුළපන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කලුආරච්චි අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රදීප් එදිරිවීර උප පොලිස් පරීක්ෂක චානුක ජයවීර සැරයන්වරුන් වන 9233 ජයවීර, 37060 සනත් ,66151 කරුණානායක ,61413 සුරංග ,කොස්තාපල්වරුන් වන 70225 කපිල ,71943  බණ්ඩාර ,78686 අරුණ ,30574 රන්දික ,37780 විජේතුංග ,64485 සමීර ,82458 බණ්ඩාරනායක , කාන්තා පොලිස් කොස්තාපල් 10133 දීපානි මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….