ඖෂධ මාෆියාවේ බොරු හිඟය මාට්ටු

gossip news today

මෙරටට වසර 1 ½කට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් (ඩොලර්) ශ්‍රී ලංකාව සතුව තිබියදී රටේ කෘත්‍රිම බෙහෙත් හිඟයක් මවා කොමිස් ලබාගැනීම සඳහා අධික මිලට බෙහෙත් මිලදී ගැනීමට ඖෂධ සංස්ථා බලධරයන් උත්සාහ දරමින් සිටින බව රජයේ පොදු ව්‍යාපාර කාරක සභාවේදී (කෝප් සභාවේදී) හෙළිදරව් වී තිබේ.

කෝප් සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ප්‍රමුඛ මන්ත්‍රීන් පිරිසක් විසින් කරන ලද විශේෂ විමර්ශනයකදී මෙම තොරතුරු අනාවරණය විය.

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය සඳහා වසරකට අවශ්‍ය වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 240ක පමණ මුදලකි. එහෙත් මෙරට ජනතාවට ඖෂධ සැපයුමට ඩොලර් හිඟයෙන් බාධා සිදුවූ විට ජාත්‍යන්තර ණය සැපයුම් ආයතන කිහිපයකින් ණය සැපයුණු අතර මූල්‍ය පරිත්‍යාග කිහිපයක්ද සිදුවිය. ඒ අනුව ඖෂධ මිලදී ගැනීමට ඩොලර් මිලියන 352ක මුදලක් රජයට ලැබිණි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 76ක්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 63ක්, ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් සංවිධානය එකතුව ඩොලර් මිලියන 13ක් වශයෙන් ඩොලර් මිලියන 352ක මුදල රජයට ලබා දී තිබිණි.

මෙලෙස වසර 1 ½කට රටට අවශ්‍ය සියලුම ඖෂධ වර්ග මිලට ගැනීමට අරමුදල් ලැබී තිබුණද එම අරමුදල් සැපයූ ආයතන සිය මුදල් භාවිත කළ යුතු ක්‍රමවේද රජයට නිර්දේශ කර ඇත. විනිවිද පෙනෙන නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුව ඖෂධ මිලදී ගැනීම අරමුදල් සැපයුම්කරුවන්ගේ ප්‍රධාන කොන්දේසියයි.

එහෙත් ඖෂධ මිලදී ගැනීම් භාර සෞඛ්‍ය බලධරයන් එම ක්‍රමවේදය අනුගමනය කර නැත. ඒ වෙනුවට ඔවුන් ලැබී තිබුණු විදේශ මුදල් තිබියදී රජයේ අරමුදල් භාවිත කොට පැරණි සැපයුම්කරුවන්ගෙන් පැවති මිලදී ගැනීමේ ක්‍රමය අනුව බෙහෙත් මිලදී ගැනීමට තැත් කර ඇත. එහෙත් රජය සතුව ඩොලර් නොතිබීම නිසා එම කටයුත්ත අඩාල විය.

මේ නිසා රජයට ලැබී තිබුණු විදේශ අරමුදල් යොදවා නව ප්‍රසම්පාදන ක්‍රමවේදයකට අනුව තරගකාරී මිලට බෙහෙත් මිලට ගැනීම ඖෂධ සංස්ථා බලධරයන් සිතාමතාම පැහැර හැර ඇතැයිද කෝප් සභාවේදී හෙළිදරව් විය.
ඉන්පසු රටේ කෘත්‍රිම ඖෂධ හිඟයක් හට ගත්තේය. පැවති ඖෂධවල මිල ගණන්ද විශාල ලෙස ඉහළ ගියේය. රෝගී ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වූහ. ඖෂධ සංස්ථා බලධරයන්ගේ මෙම අනීතික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට කෝප් සභාවේ අවධානය යොමුව ඇත.

deshaya

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….