චාල්ස් ඩාවින් හා පරිනාමවාදය

වසර 1809 පෙබරවාරි මස 12 වන දින උපත ලද චාල්ස් ඩාවින් නම් වූ ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයා වසර 1882 අප්‍රේල් මස 19 වන දින මෙලොවින් සමුගත්තේය. මේ ලෝ පතල ස්වභාව විද්‍යාඥයා ලොව සියළු ජීවී ප්‍රභේදයන්ගේ ආයු කාලය කාලයාගේ ඇවෑමෙන්, සිය පොදු මුතුන්මිත්තන්ගේ ආයු කාල සීමාවට සාපේක්ෂව ක්ෂය වී යන බවත්, ඒ සම්බන්ධව විශ්වයේ ර‍ඳා පැවැත්ම උදෙසා සිදුකරනා අරගලයේදී සියලු ජීවී ප්‍රභේදයන් ස්වභාවිකව වරණාත්මක තත්වයකට තල්ලු වී යන බවත්, එකී විද්‍යාත්මක ක්‍රියාවලිය පරිණාමවාදය වශයෙන් ලොවට හඳුන්වා දුන්නේය. තවද මෙකී රැඳී සිටීම සදහා සිදු කරන අරගලය කෘතිම අභිජනන ක්‍රියාවලිය වන වරණාත්මක ලෙස බෝ කිරීමට උපකාර වන බව අවධාරණය කළේය.

සිය පරිණාමවාදයේ න්‍යායන් ප්‍රකට කළ ඩාවින් 1859දී පළ කරන ලද සිය ග්‍රන්ථය තුලින් පල කළ අදහස්, යම් ජීවී ප්‍රභේදයක ආරම්භය කිසියම් වූ විද්‍යාත්මක නොවන තත්වාන්තරකරණ ක්‍රියාවලියකින් සිදුවන බවට පළවූ පරණ මතවාද දුරලන්ට සමත් විය. එහෙත් වැඩි දෙනා පිළිගත් මතය තරඟකාරී පහදාදීම වූ අතර, නව පරිණාමවාදී සංකලනය 1930 සිට 1950 කාලය දක්වා පලල්ව ඒකමතිකව වර්ධනය විය. පරිණාමවාදය සඳහා මූලික සිද්ධාන්තය වුයේ ස්වාභාවික වරණාත්මක ක්‍රියාවලියයි. ඩාවින්ගේ විද්‍යාත්මක සොයා ගැනීම ජීවී විද්‍යාත්මක සංකලනයන් එක්සත් කිරීමේ න්‍යායක්ද විය.

තම සිත තුල ජනිත වූ ස්වභාව ධර්මයේ න්‍යායන් සොයා යාමේ පරම ආශාව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවකු ලෙස බැඳී, වෛද්‍යවරයෙකු ලෙසින් සේවය ලබාදීමේ කර්තව්‍ය අතර මග නවතා ලීමට හේතුකාරක වූ අතර, තව දුරටත් සාගරික ජීවී සංකලන රටාව සම්බන්ධව අධ්‍යයනය කිරීමටද ඩාවින් පෙළඹවීය. පස් අවුරුද්දක් තුල කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේදී ලබාගත් දැනුම් සම්භාරය සමග මුසුවුණු එච්. එම්. එස්. බීගල් නෞකා චාරිකාවෙන් ලබාගත් අත්දැකීම් පරිණත භූ ගර්භ විද්‍යාඥයෙකු බවට පත්වන්නට ඩාවින්හට මහත්සේ උපකාරී විය. තවද මෙසේ ලබාගත් දැනුම හා සොයාගැනීම් චාල්ස් ලයිල් ගේ ඒකීයත්වය සම්බන්ධයෙන් පළවූ මතවාදය හා සහ සම්බන්ධ විය. ඩාවින් පළකල සමුද්‍රීය චාරිකාවේ ග්‍රන්ථය නිසා ඔහු තව තවත් ප්‍රසිද්ධියට පත් විය.

සිය ගවේෂණ චාරිකාවේදී සොයා ගත් භූ විද්‍යාත්මක වන ජීවී ප්‍රභේදයන් හා ඉපැරණි පොසිල තුලින් මතුවූ සාක්ෂි වලින් වික්ෂිප්ත භාවයට පත් ඩාවින් තවදුරටත් සංකීර්ණ වූ පර්යේෂණ කරා යොමු විය. 1838 දී ස්වභාවික වරණාත්මක ක්‍රියාවලිය නම්වූ සිය න්‍යාය තවදුරටත් ප්‍රගුණ කොට ප්‍රකට කළේය. සමකාලීන ස්වභාව විද්‍යාඥයන් හා අදහස් හුවමාරු කරගත් ඩාවින් සිය භූගර්භ විශ්ලේෂණයන් වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදුන්නේය. 1858 දී ඇල්ෆ්රිඩ් රසල් ඩාවින් වෙත චාරිකාවක් ඉදිරිපත් කළ අතර, දෙදෙනා එක්ව පොදු මතවාදයක් ලෙසින් එය ග්‍රන්ථාරූඪ කළේය. ඩාවින්ගේ සොයා ගැනීම් ජීවී පරිණාමයේ ක්ෂය වීම සහ සම්බන්ධ වූ වෙනස් වීමේ ක්‍රියාවලියක් වූ අතර, එම මතය ජීවී ප්‍රභේදයන්ගේ ඉදිරි පැවැත්ම උදෙසා ස්වභාව ධර්මයාගේ සහයෝගය පිළිබදව කදිම පිළිතුරක් විය. 1871දී ඩාවින් මානව ශිෂ්ඨාචාරයේ පරිණාමය ලිංග භේදයන්ට අනුව මිනිස් වර්ගයා තුලින් සිදුවන්නක් බවත්, ලිංග භේදයන්ට අනුව මිනිසා හා සත්වයන්ගේ භාව ප්‍රකාශනය එම උද්වේගයන්ට අනුව සිදුවන බවත් සොයාගත්තේය. ශාක ප්‍රභේදයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ ඩාවින් ඒ සම්බන්ධව ග්‍රන්ථ කීපයක් ලොවට දායාද කළ අතර, අවසාන කාලයේදී ගැඩවිලි පණුවන්ගේ ක්‍රියාකාරීත්වය පාංශු සංරක්ෂණය කෙරෙහි බලපාන ආකාරය සම්බන්ධව දීර්ඝ අධ්‍යයනයක් කළේය.

මානව වර්ගයේ පැවැත්ම, දැනුම් සම්භාරය වැඩි දියුණු කිරීම උදෙසා සුවිශේෂි සේවාවක් ඉටුකළ, ලොවක් දිනූ ස්වභාව විද්‍යාඥයා මෙලොවින් සමුගත් අවස්ථාවේදී, එතුමන්ට ගෞරවයක් ලෙසින්, වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී ගෞරව පෙරදැරිව විශේෂ වූ අවමංගල්‍ය උත්සවයක් සංවිධානය කළ අතර, ප්‍රකට විද්‍යාඥයන් වූ ජෝන් හර්ෂෙල් හා අයිසැක් නිව්ටන්ගේ සොහොන්වලට යාබදව මිහිදන් කරන ලදී.

හිරෝෂන් ලක්ෂාන්

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….