ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

gov

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම හා අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීම වළක්වා ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක විම හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ සපයා ගැනීම අපහසු වී තිබෙනවා. ඒ පිළිබඳ සලකා බලා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසයි දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත්තේ.

තම දිස්ත්‍රික්කයේ සේවාවන් සැපයීමට විධායක මට්ටමේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් සහායක නිලධාරී කණ්ඩායමක් පත්කර ගැනීමට කටයුතු කරන ලෙස ද දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු  කළ ලිපියෙන් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ආහාර හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සුදුසු ක්‍රමවේද මඟින්ම ප්‍රදේශයේ සෑම නිවසකටම සපයා දීම අත්‍යවශ්‍ය සේවාවන්ට සහාය දෙන තොග හා සිල්ලර වෙළෙඳුන්ට ඇඳිරිනීති බලපත්‍ර ලබා දීමට පොලිස්ථාන වෙත නිර්දේශ ඉදිරිපත් කිරිම කළ යුතු වනවා.

මහා භාණ්ඩාගාරය සෑම දිස්ත්‍රික් ලේකම්වරයෙකුටම රුපියල් මිලියන 10 ක අත්තිකාරම් මුදලක් ලබා දී තිබෙනවා. එම මුදලින් තම ප්‍රදේශවල ඇති අතිරික්ත දේශීය නිෂ්පාදන මිලට ගෙන ඒවා සෙසු දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සම්බන්ධීකරණයෙන් ජනතාව අතර සාධාරණ මිලකට බෙදා දීමට කටයුතු කළ යුතුයි.

ගම් මට්ටමේ අවශ්‍ය සේවා සපයන ග්‍රාම නිලධාරී පවුල් සෞඛ්‍ය සේවිකා , ආර්ථික සංවර්ධන , සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන්ට කොට්ඨාසය තුළ ගමනාගමනයට අවශ්‍ය අවසර ලබා දීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පොලිස්ථානාධිපතිවරුන් දැනුවත් කළ යුතුයි.

අත්‍යවශ්‍ය සේවාවල නිරත වන්නන්ට ඉන්ධන සපයා ගැනීමට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක් ඉන්ධන හලක් හෝ විවෘත කර තැබිය යුතු වනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් නොමැති කොට්ඨාසවල පෞද්ගලික ඔසුසල් කිහිපයක් තෝරා අවශ්‍ය ඖෂධ නිවෙස් කරා බෙදා හැරීමේ යාන්ත්‍රණය සකස් කළ යුතුයි.

සෑම ග්‍රාම නිලධාරී වසමකම පවුල් සංඛ්‍යාව ආවරණය වන පරිදි අවශ්‍ය ආහාර හා ඖෂධ සපයා දීම හා ඒ පිළිබඳ අධීක්‍ෂණය කළ යුතුයි.

අවම වශයෙන් සතියකට එක් දිනක්වත් එම කොට්ඨාසයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැබෙන බවට නිලධාරීන් වග බලාගත යුතු වනවා.

දෛනික ආදායම් ලබන පුද්ගලයන් වැනි ජීවනෝපාය සලසාගත නොහැකි අවදානම් සහගත පවුල් සඳහා ප්‍රදේශයේ දානපතීන්ගේ හා ස්වෙච්ඡා සංවිධානවල සහාය ඇතිව වියළි සලාක හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කළ යුතුයි.

දානය සපයාගත නොහැකි විහාරස්ථාන හා පිරිවෙන් වෙත වියළි සලාකයක් ලබා දිමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර තිබෙනවා.

අන්‍ය ආගමික සිද්ධස්ථාන සම්බන්ධයෙන් මෙවැනි ගැටලු පැන නගින්නේ නම් සුදුසු විකල්ප වැඩසටහන් සකස් කර බුද්ධශාසන , සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කර අදාළ ප්‍රතිපාදන ප්‍රතිපූර්ණය කර ගැනීමට කටයුතු කරන ලෙසයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….