ජාතික උරුම මිහින්තලා පූජා භූමියේ කඩ සාප්පු සියල්ලෙහි අයිතිය වෙළෙන්දන්ට

ජාතික උරුමයක් බවට ගැසට් පත්‍රයකින් නම්කර තිබෙන මිහින්තලා පූජා භූමියේ ඉදිකර තිබෙන කඩ සාප්පු සියල්ලෙහි අයිතිය කඩ හිමියන්ට ලබාදීමට තිරණයක් ගැනීමට කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් තමන්වහන්සේ දැඩි අප්‍රසාධය පලකරන බවත් කිසිදු හේතුවක්මත ජාතික උරුමයක්වු මිහින්තලා පුදබිමට අත තබන්න සිතන්නවත් එපා යැයි මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමියන් පැවසුහ.

පසුගිය රජයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් වසර ගණනාවක් තිස්සේ සිදුකල ඉල්ලිමකින් අනතුරුව පසුගිය රජයේ කැබිනට් අනුමැතියෙන් පසුව 2019 වසරේ ඔක්තෝම්බර් මස 4-5 දිනයන්හි පැවති මිහිදු මාහිමිපානන්ගේ 2279 වන පිරිනුවන් මංගල්‍ය රාජ්‍ය උත්සවයේදි මිහින්තලා පුදබිම ජාතික උරුමයක් බවට පත්කරනු ලැබිය.සීමානිර්ණයන් සිදුකිරිමෙන් අනතුරුව පූජා භූමිය ජාතික උරුමයක් බවට පතිකිරිම පැවති රජය මගින් සිදුකෙරුණි.

මේවනවිට වෙළෙන්දන් පිරිසක් ඉඩම් අමාත්‍යවරයාගෙන් සිදුකර තිබෙන ඉල්ලිමකට අනුව පූජා භූමියේ පිහිටි වෙළදසැල්වල අයිතිය ලබාදිමට අවැසි කටයුතු සිදුකරන මෙන් මිහින්තල ප්‍රාදේශිය ලේකම්වරයාට අමාත්‍ය උපදෙස් ලැබි ඇති බවට තොරතුරු ලැබි ඇති බව කියමින් නාහිමියන් ඊට දැඩිව විරෝධය පලකරමින්  අනුශාෂනාවක් කලහ.

මට පක්ෂ පාට දේශපාලනයෙන් කිසිම වැඩක්නෑ.මම පසුගිය කාලය පුරාම වැරදිවලට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට දෝෂාරෝපනය කලා.හොදදේට හොදයි කිවුවා.වර්ථමානයෙත් එහෙමයි.පහුගිය ආණ්ඩුවේ වැරදි නිසා තමයි ඔවුන්ට බලය රැකගැනීමට නොහැකිවුනේ.මම කියනදේ තමයි සිස්ටම් එක චේන්ජ්වෙලා නෑ.ජනාධිපතිතුමා හරිමාවතේ යනකොට ඇමතිවරු බලන්නේ වැරදි පාරෙන් හරි පාර්ළිමේන්තුවට එන්න.

මට දැනගන්නට ලැබිලා තියනවා ඉඩම් අමාත්‍යවරයා කැබිනට් අනුමැතියට අනුව ජාතික උරුමයක් බවට පත්කර තිබෙන පූජා භූමියේ තිබෙන වෙළදසැල්වල හිමිකරුවන්ට එහි අයිතිය ලබාදිමට අවශ්‍ය කටයුතු කරන්න කියලා මිහින්තලය ප්‍රාදේශිය ලේකම්වරයාට උපදෙස් ලබාදිලා තියනවා.

පසුගිය (31දා) රාත්‍රීයේ මේ සම්බන්ධයෙන් සාකච්චාවක් තිබිලා තියනවා අනුරාධපුර කුරුන්දන්කුලමේ පිහිටි නිවසේ.ප්‍රාදේශිය ලේකම්වරයත් එතන ඉදලා තියනවා.ජාතික උරුමයක් බවට පත්කරපු ස්ථානයක ගඩොලක් තියන්න බෑ කියලා දැනදැනත් ඊට අවැසි පියවර ගන්නකීම තුලින්ම ඔවුන්ගේ බුද්ධිය පිලිබදව සිතාගන්න පුළුවන්.එහෙම තියෙද්දි වෙළදසැල් හිමියන්ට එහි අයිතිය දෙන්න පෞද්ගලික වාසිතකා පිඹුරුපත් සකසනවා.

වනජීවි කලාපය වන සංරක්ෂන කලාපය පුරාවිද්‍යා කලාපය යන සීමාවන්වල තමයි සියළුම දේවල් ඉදිවෙලා තියෙන්නේ.එතකොට මේවාගේ අයිතිය දුන්නම මොකද වෙන්නේ.මිනිස්සු අවශ්‍ය පරිදි තට්ටු තුන හතරේ ගොඩනැගිලි හදයි.ජාතික උරුමයක් විනාශ වෙන්න දෙන්න පුළුවන්ද?

මේවා මගේ පෞද්ගලික බූදයක් නොවෙයි නමුත් මම හැමදාම මේ භූමිය මතුපරපුර වෙනුවෙන් රැකගන්න ඕන.වර්ථමාන ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා වශයෙන් කටයුතු කරන අවධියේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් මිහින්තලා බස් නැවතුමේ කඩසාප්පු සංකීර්ණයක් අංග සංම්පූර් ණව හැදුවා අන්න ඒ ස්ථානය මේ ව්‍යාපාරික පිරිසට දෙන්න.

ඒ ස්ථානය අම්මලගේ තාත්තලගේ අත්තලගේ මුත්තලාගේ බොරු නම් දාගෙන පිරිසක් විකුණගෙන කනවා.ඒක නවත්තලා මේ වෙළෙන්දන්ට ඒ ස්ථානයදීලා මේ නගරය තවත් රමණිය ස්ථානයක් කරන්න කියලා මම බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.ජාතික උරුමයක් බවට පත්කරපු මේ ස්ථානයට අත තියන්න කිසිම කෙනෙක් හිතන්නවත් එපා යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

මේ සම්බන්ධයෙන් මිහින්තලය ප්‍රාදේශිය මහලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාගෙන් දුරකථනයෙන් සිදුකල විමසිමකිදි ඒ මහතා කියා සිටියේ අමාත්‍යවරයා විසින් තමන්ට අවැසි කටයුතු කරනමෙන් දන්වා ඇතත් මිහින්තලය පූජා නගරයේ වෙළදසැල් ඉදිකර දැනට වෙළදාමේ නිරත ව්‍යාපාරිකයන්ට වෙළද ස්ථානවල සින්නක්කර අයිතියක් ලබාදිම සදහා කිසිදු පියවරක් මේවනතෙක් ගෙන නොමැති බවයි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….